ආයුබෝවන්..! අද ඔක්කොටම කලින් ස්ටාර්ගර්ල් ගැන ඇතිවෙලා තියෙන වැරදි මතයක් සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනෙ කියල හිතුණ. ස්ටාර්ගර්ල් කතා මාලාව CW නාලිකාව තුළ විකාශනය වෙන ඇරෝවර්ස් කතා මාලා ඒ කියන්නෙ Arrow, Flash, Supergirl, LOT, Bat Women කියන කතා මාලා එක්ක සමගාමීව විකාශනය වෙන කතා මාලාවක් නෙවෙයි.…

ආයුබෝවන්..!
අද ඔක්කොටම කලින් ස්ටාර්ගර්ල් ගැන ඇතිවෙලා තියෙන වැරදි මතයක් සම්බන්ධව පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනෙ කියල හිතුණ. ස්ටාර්ගර්ල් කතා මාලාව CW නාලිකාව තුළ විකාශනය වෙන ඇරෝවර්ස් කතා මාලා ඒ කියන්නෙ Arrow, Flash, Supergirl, LOT, Bat Women කියන කතා මාලා එක්ක සමගාමීව විකාශනය වෙන කතා මාලාවක් නෙවෙයි. ඇත්තටම ස්ටාර්ගර්ල් කතා මාලාව විකාශනය කිරීමේ අයිතිය පමණයි CW නාලිකාව සතුව තියෙන්නෙ. ඉතිං බොහෝදෙනෙක් හිතන්නෙ මේක CW Arrowverse කතා මාලාවට අයත් එකක් කියල. අන්න ඒ නිසා මේ වගේ හොඳ සීරීස් එකක් වැඩි පිරිසක් නොබලා ඉන්න මේක තදබල හේතුවක් වෙලා තියෙනව කියල කීප තැනකදීම මට දකින්න ලැබුණා.
මං හිතනව බොහෝ දෙනෙක් DC Originals සීරීස් ගැන දන්නව ඇති කියල.
- Titans (2018)
- Swamp Thing (2019)
- Doom Patrol (2019)
- Stargirl (2020)
උඩින් දක්වල තියෙන්නෙ අන්න ඒ ඉස්තරම් DC Originals කතා මාලාවන් ටික. පුද්ගලිකව මම දන්නව Titans, Swamp Thing සහ Doom Patrol බයිස්කෝප් රසිකයන් ඉතා ආදරෙන් වැළඳ ගත්ත කතා මාලාවන් කියල. ඉතිං මේ Stargirl අයිති වෙන්නෙත් CW ගොඩට නෙවෙයි DC Originals ගොඩට. ඉතිං මේ කතා මාලාවේ ගුණාත්මක බව ගැන කිසි සැකයක් තියාගන්න එපා. ප්‍රධාන කොමික් චරිතය වීරවරියක් වුණත් මේකත් ඉස්තරම් DC Originals කතා මාලාවක්. ඉතිං කවුරුහරි හිතාගෙන ඉන්නවනම් මේක CW කතා මාලාවක් කියල ඒ වැරදි වටහා ගැනීම නැති කර ගන්න කියල ඉල්ලා සිටිනවා.
එහෙනම් මතක් කරගමු කලින් කතාංගයේ මොනවද වුණේ කියල. මේ වෙනකොට කෝර්ට්නි තමන්ගෙ අලුත් යුක්තියේ සමාජය ගොඩ නඟන්න අවශ්‍ය කරන වයිල්ඩ්කැට් තමන්ගෙ කණ්ඩායමට බඳවගෙන ඉන්නෙ. ඒ තමයි යොලන්ඩා මොන්ටෙස්. ඊට පස්සෙ ගිය සතියෙ අපි දැක්ක බෙත් චැපල් බලහත්කාරයෙන් වගේ ඩොක්ටර් මිඩ්නයිට්ගෙ ගොගල්ස් දාගෙන ඒව ක්‍රියාත්මක කරවන විදිය. ඉතිං අකැමැත්තෙන් හෝ කෝර්ට්නි.. බෙත්ව සිය කණ්ඩායමට බඳව ගන්නව. ඊට පස්සෙ තමයි අවර්මෑන් කතාවට එකතු වෙන්නෙ. ඒ වෙන කවුරුවත් නෙවෙයි රික් ටයිලර්. අවර්මෑන් වීමේ ශක්තිය ඔහුගේ DNA තුළ අන්තර්ගත වෙලා තියෙන්නෙ ඔහුගේ පියාගෙ ලේ වලින් ලැබුණු උරුමයක් විදියට. ඉතිං මේ හැමෝම බෙත් හරහා ඩොක්ටර් මිඩ්නයිට්ගෙ කෘතීම බුද්ධිය තුළින් හෙළි කර ගන්නා තොරතුරු අනුව දැනගන්නව බ්ලූවැලී තුළ අතීතයේ විශාල අබිරහස් ඝාතන රැසක් සිද්ධ වෙලා තියෙනව කියල, ඒ තුළට රික්ගෙ දෙමාපියන් සහ කෝර්ට්නිගෙ පියාත් ඇතුළත් කියල. ඉතිං මේ පිරිස දැන් උත්සාහ කරන්නෙ ඝාතන රැල්ල කරපු පිරිස හොයාගෙන යුක්තිය ඉෂ්ට කරගන්න. රික් නම් බලාපොරොත්තු වෙන්නෙ යුක්තියක් නෙවෙයි යුද්ධයක්, පළි ගැනීමක්. මේ අතරෙ හෙන්රි කින්ග් ජූනියර් තුළ වෙනසක් වුණා. බ්‍රේන්වේව් නැත්තං ඔහුගේ පියා සතුව පැවතුණු මනස කියවීමේ හැකියාව එකවරම ඔහුට ලැබුණ. තාම ඔහුට ඒ ගැන නිසි අවබෝධයක් නෑ. ඒ වගේම අයිසිකල්, අබිරහස් ආචාර්යතුමා සහ වයලීනයක් අත දරාගෙන ඉන්න කෲර ෆිඩ්ලර් කියන දුෂ්ටයින් බ්ලූවැලී තුළ මහාපරිමාණ රහස් ව්‍යාපෘතියක් කරගෙන යන බවත් අපිට පේන්න තියෙනව.
ඉතිං මේ කොටස තමයි මෙතෙක් විකාශය වුණු හොඳම කොටස. අලුත් යුක්තියේ සමාජය කෝර්ට්නි අද පිහිටුවනව. ඒ වගේම අද මේ පිරිස පළවෙනි සටන පටන් ගන්නව අයිසිකල්ගෙ ප්‍රහාරක බල්ලන් දෙන්නත් එක්ක. ඒ වගේම ඔන්න පළවෙනි වතාවට අද අපිට අලුත් ඇඳුම් එක්ක මේ පිරිස දැකගන්න පුළුවන්. ඉතිං සමාව ඉල්ලා සිටිනව සිද්ධ වුණු ප්‍රමාදය ගැන. එහෙනම් ආයෙත් සඳුද දිහාවට හමුවෙමු. ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.
3,913 downloadsDownload Stargirl-2020-S01-E06.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
34 comments
Sameera Jayadarshana
Uvindu
සිංහල උපසිරසට බොහෝම ස්තිතියි .
Gihan
Sub ekata Thanks Saho
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයDoom patrol season 2 සිංහල උපසිරැසි දෙනවද සහෝ....
උදයංග සම්පත් හතරසිංහ
ඔව්, ඒක ඉදිරියේදි ලැබෙයි.
Anonymous
7, epiyatath ona
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Sandaru Nimsara
බොහොම ස්තුතියි සහෝ❤️
Malaka prasad
Thanq bn sub ekata ❤
Nuwandika Dilshan
Thnks kollo
sugiwa
TnQ Brother
Amila
බොහොම ස්තුති සහෝදරයා
Dineth Sadeeptha
Thanks brother.....
Anith ep tikath awa gaman sub eka one brooo.....geeganagamage
බොහොම ස්තුතියි නියම වැඩක්
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!! බුදු සරණයි!!Ayesh
උපසිරසියට ස්තුතියි
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
Sandarusiru
Thank you sub ekata
UDARA DAMITH
ela
kumara 123
maru
YasasPerera
thanks machan.. me sathiye eka poddak ikamanata denna try karamuda
IsuruHikka
තැන්කස් යකඩෝ ඉක්මනට සබ් දෙනවකෝ
Anonymous
mchn ep7 awa....sub dendo.....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
7 episode ekata sub oniii
Tharindu Dananjaya
7 සබ් එක දීපංකෝ
Anonymous
aiyoo heta ilaga episode ekath enawa ikmanata dipanko
Anonymous
ai bro sub eka parakku
Anonymous
thanks for the sub...
Anonymous
ara upasirasi eke un meke next episode sub eka danakam inne unge site eke copy karaganna...kaalakanni heththa.
chinthaka.max4
thankx machan
lakshan
thanks ..............
Hasitha Madhushanka
Stargirl SO2 sinhala sub ekath ikmanata one
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thanks sub ekata..