“මුලින්ම සමාව ඉල්ලනවා මේ කොටස පරක්කු වෙන එකට. මොකද දෙවෙනි සීසන් එක දෙන්න ගද්දිම මුල් ලිපියෙන්ම කිව්වා මේකට අතගහපු හේතුව වුනේ කොරෝනා සිදුවීම නිසා මාස කීපයක් රස්සාවෙන් ඈත් වෙලා එකතැනකට වෙලා ඉන්න කම්මැලි නිසා කියලා. ඉතින් දැන් කර්ෆිව් එහෙම අයින් කරලා ආපහු ටික ටික වැඩ සෙට් වෙනකොට කරන්න අමාරුයි. ඒත් කොහ…

“මුලින්ම සමාව ඉල්ලනවා මේ කොටස පරක්කු වෙන එකට. මොකද දෙවෙනි සීසන් එක දෙන්න ගද්දිම මුල් ලිපියෙන්ම කිව්වා මේකට අතගහපු හේතුව වුනේ කොරෝනා සිදුවීම නිසා මාස කීපයක් රස්සාවෙන් ඈත් වෙලා එකතැනකට වෙලා ඉන්න කම්මැලි නිසා කියලා. ඉතින් දැන් කර්ෆිව් එහෙම අයින් කරලා ආපහු ටික ටික වැඩ සෙට් වෙනකොට කරන්න අමාරුයි. ඒත් කොහොම හරි ඉක්මනටම මේ සීසන් එකත් ඉවර කරලා දෙනවා. ඒ නිසා ඉවසගෙන ඉන්න කියලා තමයි කියන්න තියෙන්නේ.”
හරි එහෙනම්. අද කතාව 2018 අගෝස්තු 27 වෙනිදා ඇමරිකාව ඇතුලද AMC රූපවාහිනී නාලිකාවෙන් වගේම ඇමරිකාවෙන් පිටත Netflix හරහා තමයි සුපුරුදු විදිහට ප්‍රදර්ශනය වෙලා තියෙන්නේ. ඒ වගේම මේ episode එකට “Talk” කියලා තමයි නම් කරලා තියෙන්නේ.
වැඩිය කතා කරන්නේ නැතුව පසුගිය කොටසින් වුන දේ මතක් කරගෙන ඉමු.
අපිට දැකගන්න ලැබෙනවා නාචෝ වික්ටර්ටයි ටයිරස්ටයි උදව් කරනවා එයා ගමන් කරන කාර් එකට කට්ටියක් පහර දුන්න විදිහට සැලැස්ම ක්‍රියාත්මක කරන්න. ඒ වගේම ලොස් පෝලොස් හර්මනෝස් වලින් අරගෙන ආපු කුඩු ටිකත් හොරකම් කරා කියලා මෙතනදී පෙන්නනවා. ඉතින් ආටුරෝගේ මිණිය කාර් එකට දාලා ආපහු වෙඩි තියනවා වගේම නාචෝටත් දෙපාරක් වෙඩි තියනවා. හැබැයි මැරෙන්න නෙමෙයි. මොකද සිදුවීම හරි විදිහට වුනා කියන දේ පෙන්නන්න. ඉතින් කොහොම හරි නාචෝ සලමන්කා සහෝදරයන්ට කෝල් කරනවනේ. මේ ඩබල ඇවිත් කාර් එකත් පුච්චලා නාචෝව පශුවෛද්‍යවරයෙක් ලවා සුව කරවාගන්නවා.
මේ අතර ජුවාන් බොල්සා ගස්ට කියනවා මත්ද්‍රව්‍ය සහ මුදල් හුවමාරු කිරීම කීප වතාවක්ම කඩාකප්පල් වුන නිසා, ගස්ට මෙක්සිකෝවෙන් කොකේන් ගෙන්නනවට වඩා ඇමරිකාව ඇතුලත මේ දේවල් හදාගන්න පුලුවන්ද කියන දේ ගැන විමර්ශනය කරන්න කියලා. මේ නිසාම ගස් යනවා ගේල් බොයිටිචර් කියන නිව් මෙක්සිකෝ විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධාරී ශිෂ්‍යයෙක් සහ පරීක්ෂකයෙක් වෙන මෙයාව හම්බවෙන්න. ඉතින් මෙතනදී ගස් ගේල්ට දුන්න මෙත් සාම්පල් එකක විස්තර කරලා එයාට මීට වඩා හොදට දෙයක් කරන්න පුලුවන් කියලා ගේල්ට මේ මෙත් හදන්න ඉඩදෙන්න කියලා ගස්ගෙන් ඉල්ලීඹක් කරනවා. නමුත් ගස් කියනවා තවම ඒකට කාලය ඇවිත් නැහැ කියලා.
ජිමී මයික්ට කියනවා නෙෆ් කොපියර්ස් ඔෆිස් එකේ තියෙන වටිනා පිලිමයක් වන හම්මෙල් පිලිමය හොරකම් කරන්න කියලා. ඒ වගේම ඒ වෙනුවට ඒ පිලිමයට සමාන වෙන පිලිමයක් එතන තියන්න කියලා. මයික් ඒකට අකමැති වෙනවා. ඒ නිසා ජිමී මේකට උදව් අරගන්න වෙන ක්‍රමයක් කල්පනා කරනවා. ඉතින් මෙතනදී ජිමීට ඉරාව හම්බවෙනවා. ඉරා වැඩේට කැමති වෙලා ඔෆිස් එක ඇතුලට කඩාන පනිනවා. ඉතින් ඉරා ඔෆිස් එක ඇතුලට ගිහින් හොරකම කරනකොට ඔෆිස් එකේ කෙනෙක් ඉන්නවා දැකගන්න ලැබෙනවා. ඉරාට ඔෆිස් එකෙන් එලියට පැනගන්න විදිහක් නැති නිසා ජිමීගෙන් උදව් ඉල්ලනවා. ඒ ඇතුලේ ඉන්න පුද්ගලයාගේ අවධානය වෙනස් කරන්න කියලා. මොකද එතකොට ඉරාට ඇතුලෙන් එලියට පැනගන්න පුලුවන් වෙන නිසා.
කිම් ආපහු සැරයක් මෙසා වර්ඩා වල වැඩට යනවා. බැංකුවේ සභාපති කෙවින් වොචෙල් ඇයව සාදරයෙන් පිළිඅරගෙන එයාලගේ ඊගාවට තියෙන ව්‍යාපෘති කීපය කිම්ට පෙන්නනවා. වර්ධන වේගය ගැන සැලකිලිමත් වන කිම්, ඒ වගේම බැංකු නීතිය ගැන කම්මැලිකමෙන් ඉන්න කිම්, එයාගේ වැඩටික කරගෙන යන්න කියලා වියෝලාට බාරදෙනවා වගේම කිම්ව යන ගමන් උසාවියෙන් බස්සවගෙන යන්න කියලා ඉල්ලීමකුත් කරනවා.
එදා හවස කිම් තීරණය කරනවා චක්ගේ කැමැත්තට අනුව ලියපු ලියුම හෝවර්ඩ්ගෙන් හම්බවුනානේ. අන්න ඒක ජිමීට ලබාදෙන්න. කිම් ජිමීට තනියම ලියුම කියවන්න ඉඩදීලා යන්න හැදුවත් ජිමී කියනවා යන්නේ නැතුව එතනට වෙලා අහගෙන ඉන්න කියලා. මේ ලියුම අලුතින් ලියපු එකක් නෙමෙයි වගේ තමයි අපිට දැනෙන්නේ. මොකද ඒක පේන විදිහට HHM එකේ මේල් රූම් එකේ ජිමී ඉද්දී චක් ලියපු ලියුමක් විදිහට තමයි ඒකේ තියෙන විස්තරත් එක්ක බලපුවාම මටනම් තේරුනේ. උඩ හරියට වෙන්න ප්‍රශංසා වලින් පිරිලා තිබුනත් පහලට වෙන්න සුභ පැතුම් වලින් අඩංගු වුන මේ ලිපිය නිසා කිම් අඬාගෙන එයාගේ නිදන කාමරයට දුවගෙන ගියා.
ඉතින්, එහෙනම් ඔතන ඉදන් අද කොටස නරඹන්න. අනිත් කොටසින් ඉක්මනටම හමුවෙමු. ජයවේවා…!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
6,131 downloadsDownload Better-Call-Saul-S04-E04.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2013-06-07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
10 comments
sachintha
Dimuthu
Thank you.
shelby
Thanks Machan <3
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasiru
Machan, highly appreciate your good work, please keep it up, good luck,may the triple gem bless you.
Anonymous
Rick and morty cartoon serious eke subtitles tikath danna puluvanda?
Mr. B
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Heshan
එපිසොඩ් 5න් පස්සෙ සබ් නැහැනෙ ..
Hiran Ganepalla
Better Call Saul Season 5 වෙනකම් සම්පූර්ණයෙන් උපසිරසි ලබා දීලා තියෙන්නේ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි