Watch Trailer

Ms. Marvel [S01 : E06] Sinhala Subtitles | අලුත් මාවල් කෙනෙක්… [සිංහල උපසිරසි]

ඉතින් ඔන්න පොරොන්දු වුණා වගේම මේ එපිසෝඩ් එක බදාදා ම සබ් දාලා ඉවර කළා. සති හයක් තිස්සේ උණු උණුවේ ඔයාලාට අරගෙන ආව Ms. Marvel සීරීස් එකේ “No Normal” කියලා නම් කරලා තියෙන අවසාන එපිසෝඩ් එක හෙවත් පළවෙනි කතා මාලාවේ ෆිනාලේ එක සමඟින් මේ ඉවර කරන්නේ මං සබ් දාලා ඉවර කරන පළවෙනි ඩිස්නි මාවල් සීරීස් එකයි. […]

ඉතින් ඔන්න පොරොන්දු වුණා වගේම මේ එපිසෝඩ් එක බදාදා ම සබ් දාලා ඉවර කළා. සති හයක් තිස්සේ උණු උණුවේ ඔයාලාට අරගෙන ආව Ms. Marvel සීරීස් එකේ “No Normal” කියලා නම් කරලා තියෙන අවසාන එපිසෝඩ් එක හෙවත් පළවෙනි කතා මාලාවේ ෆිනාලේ එක සමඟින් මේ ඉවර කරන්නේ මං සබ් දාලා ඉවර කරන පළවෙනි ඩිස්නි මාවල් සීරීස් එකයි. ඉතින් ගොඩක් සතුටුයි. දුකකුත් තියෙනවා මොකද මේ සීරීස් එක මෙතනින් ඉවර වෙන නිසා. මාවල් එක දැනට නම් මේකේ සීසන් දෙකක් එන බව නිල වශයෙන් කියලා නෑ. නමුත් කටකතාව යන්නේ නම් සීසන් දෙකකුත් තියේවි කියලයි.

මිස් මාවල් කියන්නේ මාවල්ලා කරපු වෙනස්ම විදියක show එකක් කිව්වොත් වඩාත් නිවැරදියි. සාමාන්‍යයෙන් නම් මාවල් එකේ තියෙන්නේ කෙනෙක්ට බලය ලැබෙන විදියත්, එතකොටම විලන් කෙනෙක් මතුවෙන විදියත්, වීරයා විලන්ව පරාද කරන එකත් නේ. ඒත් මේ කතා මාලාවේ අපට එහෙම ප්‍රධාන විලන් කෙනෙක් දකින්න ලැබෙන්නේ නෑ. ඒවගේම තව දෙයක් තමයි මේ සීරීස් එකේ කරපු පාකිස්ථානු සංස්කෘතික නිරූපණය. මීට කලින් මාවල් එකේ විවිධ සංස්කෘතීන් නිරූපණය වුණේ බොහොම අඩුවෙන්. තව දෙයක් තමයි මේකේ on-screen text යොදා ගත්ත විදිය. Directorsලා Spider-Man: Into the Spider-Verse ෆිල්ම් එකෙන් inspire වුණු බව පැහැදිලිව පේනවා. ඉතින් සමහර මාවල් ෆෑන්ස්ලා නම් මේකට කැමති නෑ. ඒත් මේ වෙනසට කැමති අයත් ඉන්නවා.

පසුගිය කොටසින්

ඉතින් කලින් කොටසෙදී අපි දැක්කනේ බෑන්ගල් එක පසුපස තියෙන ලේ තැවරුණු අතීතය. ඒකට පොඩ්ඩක් Time travel එහෙමත් ගාවලා තිබුණනේ. ඒවගේම අපි දැක්කනේ සීරීස් එකේ විලන්ලා කියලා අපි හිතපු ක්ලැන්ඩෙස්ටයින්ස්ලා ඔක්කොම මැරෙනවා. නජ්මාත් අපේ ලෝකය සහ එයාලගේ ලෝකය වෙන් කරන ‘තිරය’ හරහා යන්න ගිහිල්ලා ඇටසැකිල්ලක් වුණානේ. ඒවගේම අපි දැක්කනේ එයාගෙන් පිටවන බලය කම්රාන් වෙතට ගිහිල්ලා එයාටත් කමාලාගේ වගේ බලයන් ලැබෙනවා. ඇත්තටම කියනවා නම් කොමික්වලත් කම්රාන්ට බලයන් තියෙනවා. ඒත් එයාට තියෙන බලය කමාලාගේ වගේ බලයන් නම් නෙමෙයි. එයාට තියෙන්නේ එක් වස්තුවක ඉඳන් තව වස්තුවකට ශක්තිය සම්ප්‍රේෂණය කිරීමේ බලයක්. සහ අපි දැක්කනේ කමාලාට එයාගේ Ms. Marvel ඇඳුමට තවත් කොටසක් කරීම් හෙවත් රෙඩ් ඩැගර්ගෙන් ලැබෙන විදිය. ඉතින් අවසාන එපිසෝඩ් එකේදී අපට කමාලා කාන්, මිස් මාවල් බවට පත් වෙනවා බලාගන්න පුළුවන් වෙයි. එපිසෝඩ් එක අවසාන වුණේ කම්රාන් බෲනෝගේ උදව් ඉල්ලගෙන යන විදියත්, DODC එක එයාලගේ පස්සෙන් ඇවිල්ලා බෲනෝ ඉන්න තැන විනාශ කරීමත් සමඟින්. ඉතින් මේවා තමයි කලින් එපිසෝඩ් එකේ highlights ටික.

ඉතින් 5 වෙනි එපිසෝඩ් එකේ අපට කිසිම QR කෝඩ් එකක් දකින්න ලැබෙන්නේ නෑ. ඒ මොකද කියන එක නම් අබිරහසක්, මොකද මාවල් එක මේක සම්ප්‍රදායක් විදියට කරගෙන යන බවක් පෙනෙන්න තිබුණ නිසා. කොහොම නමුත් 6 වෙනි එපිසෝඩ් එකේ නම් QR කෝඩ් එකක් තියෙනවා. ඒත් ඒක ගැන කියන්න බෑනේ. එපිසෝඩ් එක ස්පොයිල් වෙනවනේ.

මේ වෙනකොට Ms. Marvel IMDb දර්ශකයේ 6.1ක අගයක් වගේම Rotten Tomatoes දර්ශනයේ 98%ක් අරගෙන තියෙනවා. ඉතින් ඒකෙන් තේරෙන්නේ මේක සෑහෙන්න හොඳ කතා මාලාවක් බවයි.

ඉතින් මං සති 6ක් තිස්සේ ඔයාලත් එක්ක සහ මිස් මාවල් එක්ක ආපු ගමන තාවකාලිකව අවසන් කරන්නයි මේ සූදානම. මේ කතා මාලාව ගැන මගේ අදහස තමයි ‘වෙනස්… නමුත් සුපිරියි’ කියන එක. ඉතින් කමෙන්ට් හරහා මාව දිරිගන්වපු හැමෝටමත්, කතා සමයේ අවසානය වනතුරු බයිස්කෝප් සමඟ රැඳී සිටි ඔබටත් ස්තුතිවන්ත වෙන ගමන් වැඩේ ඉවර කරනවා. තවත් දවසක තවත් උපසිරසියකින් හමුවෙමු.

පීස්✌️.

ප.ලි.:- Mid-credit scene එක බලන්න නම් අමතක කරන්න එපා. 😉

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

7,088 downloadsDownload Ms.-Marvel-S01-E06.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

7,088 downloadsDownload Subtitles23 KB

25 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    තවත් කතාමාවකින් හමු වෙමු
    ජය

  2. Anonymous

    Thank you

  3. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  4. sahangayantha

    thanks a lot saho sub ekata

  5. Shevon

    Thank you very much Brother

  6. Kantha_DLA

    … ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  7. kavinda gamage

    බොහොම ස්තුතියි නියම වැඩක්

  8. Us

    Sub ekata thanks
    Oya gamanma umbrella academy season 3 eketh sub eka danna

    1. Thilinda Randeera

      ස්තූතියි සහෝ දිගටම දෙන්න

  9. එල්. සී. ‎දමැල්

    වැඩේනම් හොඳට කළා මලේ. නියමයි.
    මම නොවරදවා ලිපි ටික කියෙව්වා.
    එහෙනම් සීසන් 2 ආවොත් ඒකත් අනිවාරෙන් කරන්න ❤
    ජය ✌

  10. Anonymous

    Thanks..

  11. Hasun Silva

    වැඩේ නම් සුපර් මල්ලි. ඒත් ෆොන්ට් එක ජෙට් ඕඩියො වල පෙන්නන්නෙ නෑ නෙ. ජෙට් ඕඩියො ප්ලේයර් එකෙනුත් පේන ෆොන්ට් එකක් යූස් කරනවද ඉස්සරහට ? පුලුවන් නම් මේ එපි වල ෆොන්ට් එකත් අප්ඩේට් කරන්න පස්සෙ ඒකට..

  12. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  13. Darkmoon

    thams bm sub ekt

  14. Mokada Meka

    ❤️

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  16. lakshan

    thanks ...............................

  17. Dewadithya

    Thanks for sub!

  18. ishan

    thnkq soo much sanupa.. godak pin oyta sub dunnta

  19. Tharindu

    thank You

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. THISANGA

    පීස් kiwwe mokddd
    ප.ලි. kiwwe mokddd

  22. THISANGA

    supiriyt thibb niymy
    thanks
    digatma krgen ynn
    season 2 ekedi ymu wemu

  23. Mathew sheron

    Thanks

  24. Ravindra

    Thanks