Dororo ඇනිමේ සීරීස් එකේ 03 හා 04 කොටස් සඳහා වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ. කලින් කොටස් දෙකේ කතාව බොහොම කෙටියෙන් මතක් කළොත්, දයිගෝ කගෙමිට්සු දොළොස් යක්ෂයින් සමඟ ඇති කරගත් ගිවිසුම නිසා ඔහුගෙ දරුවට අත්වුණු විපත මතක ඇතිනේ.ඇස් කන් අත් පා නැති හරියට කිව්වොත් ඇට සැකිල්ලක් වගේ දරුවෙක් තමා ඉපදුන…

Dororo ඇනිමේ සීරීස් එකේ 03 හා 04 කොටස් සඳහා වූ සිංහල උපසිරසි සමඟයි ඔයා මේ එකතු වෙන්නේ.
කලින් කොටස් දෙකේ කතාව බොහොම කෙටියෙන් මතක් කළොත්, දයිගෝ කගෙමිට්සු දොළොස් යක්ෂයින් සමඟ ඇති කරගත් ගිවිසුම නිසා ඔහුගෙ දරුවට අත්වුණු විපත මතක ඇතිනේ.ඇස් කන් අත් පා නැති හරියට කිව්වොත් ඇට සැකිල්ලක් වගේ දරුවෙක් තමා ඉපදුනේ.ඔහු මේ ලෝකෙට ඉපදුනේ අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් විදිහට උනත් අර අකුණ ගහපු වෙලාවෙදිම යක්ෂයින් ඔහුගේ අවයව පැහැර ගන්නවා.ඒ දයිගෝගේ ඉල්ලීමට හිලව් කිරීමක් වශයෙන්.ඉතින් අන්තිමේදී මේ දරුවව ගඟේ පා කරලා යවනවනේ.ඔය සිද්ධිය වෙලා හරියටම අවුරුදු 16 කට පස්සේ ඔහු Demon slayer කෙනෙක් වෙලා දැන් යක්ෂයො දඩයම් කරනවා.ඔහුගේ නම යක්කිමරු කියලත් දැන් ඔයාලා දන්නවනේ. ඒ එක්කම දැන් ඩොරෝරෝ කියලා පොඩි කොල්ලෙකුත් ඔහුගේ ගමනට එකතු වෙලා. පළවෙනි කොටසින් ගඟේ ආපූ කුණු ගොඩක් වගේ යක්ෂයෙක් පරද්දලා ඔහු තම මුහුණේ සම නැවත ලබා ගත්තා. දෙවෙනි කොටසින් “බණ්ඩායී” කියලා යක්ෂයෙක්වත් පරාද කරලා තම ශරීරයේ සංවේදනය නැවත ලබා ගත්තා මතක ඇතිනේ.
ඉතින් අද කොටස් වලින් මොකද වෙන්නේ? එදා ගඟේ පා කරපු ඒ ඇටසැකිල්ලක් වගේ හිටපු පොඩි එකා කොහොමද Demon Slayer කෙනෙක් උනේ? කවුද ඔහුව බලාගත්තේ? ඔහුව පුහුණු කළේ කවුද? ඉතින් මේ ප්‍රශ්න වලට මේ කොටස් දෙකින් ඔයාලට උත්තර හොයාගන්න පුලුවන්. ඒ කියන්නේ අද යක්කිමරු ගේ අතීතය ගැන අපිට දැන ගන්න ලැබෙනවා.
ආ… තව දෙයක්. යක්ෂයො කිව්වාම ඒ පණ තියෙන අසික්කිත ජීවියෙක් විතරක්ම නෙමේ. අජීවී විදිහටත් යක්ෂයාට පෙනී හිටින්න පුලුවන්. එහෙනම් බලලම දැන ගන්නකෝ.
05 සහා 06 කොටස් වලින් නැවත හමුවෙමු.👋
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
2,194 downloadsDownload Dororo-S01-E03-E04.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #2019
- #Adam Gibbs
- #Chaney Moore
- #Editor's Pick
- #Hiroki Suzuki
- #Jason Douglas
- #MaxxA
- #Mugihito
- #Must Watch
- #Offbeat
- #Rio Suzuki
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #පවිත් විජේසූරිය
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
14 comments
Thamanna
Bihandu
Ado thanks bosa ..anime walata lankawe fanbase eka adu unaata thawath me wage sub oone
Pavith Wijesooriya
අනිවා
Sandaru Nimsara
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️
Adeesha
Thanx bro
kasun
mama dubau inne hamdama wada arila awilla meka download karan balanawa godak thanku oyata
Pavith Wijesooriya
බොහොම ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Anonymous
Puluwannam The Promised Never Land S02 ekatai Parasyte The Maxim Ekatai Sub Denna..
Pavith Wijesooriya
ඉදිරියේදි උත්සාහ කරන්නම් සහෝ
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pavith Wijesooriya
අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Advertisement



එලම