Tabbar එහෙමත් නැත්තම් “පවුල” කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න පටන් ගත්තේ Sonyliv ඔස්සේ. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව ගැන කෙටියෙන් කිව්වොත් කුතුහලයෙන් බලලා ඉවර කරන්න පුළුවන්, Drishyam සිනමාපටය වගේ කතාවක් දිවෙන ජාතියේ එකක්. ප්‍රේක්ෂක විචාරක දැඩි ආකර්ෂණයක් මේ කතාමා…

Tabbar එහෙමත් නැත්තම් “පවුල” කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න පටන් ගත්තේ Sonyliv ඔස්සේ. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව ගැන කෙටියෙන් කිව්වොත් කුතුහලයෙන් බලලා ඉවර කරන්න පුළුවන්, Drishyam සිනමාපටය වගේ කතාවක් දිවෙන ජාතියේ එකක්. ප්‍රේක්ෂක විචාරක දැඩි ආකර්ෂණයක් මේ කතාමාලාව දිනාගත්තා. කොටසින් කොටස වැඩිවෙන කුතුහලයත් එක්ක බලන අයටත් ඉවසුමක් නැතුව ඇති. ඉතින් ඔන්න අරන් ආවා හත්වෙනි කොටසත්. කලින් කොටස මතක් කරගෙන ඉමු.
තේගී හැපීගේ ලොකු රහසක් දැනගන්නවා මතක ඇතිනේ. මෙච්චර කාලයක් හැපී හැමෝගෙන්ම හංගන් හිටිය දෙයක්. යකා නැගපු වෙලාවක තාත්තට ඒ ගැන කිව්වට ඕම්කාර් නෙමේ ගණන් ගත්තේ නම්. ඔය අතර මහජන්ගේ ඝාතනය සම්බන්ධයෙන් හැපීගෙන් හරි සහයෝගයක් නැති තැන පලක්ට හිටිය එකම පිළිසරණ වුණේ ලකී. කලින් කොටසේ දෙන්නා අතර කිට්ටු සම්බන්ධයක් ඇති වුණා. ඒ සතුටින් ගෙදරට එන ගමන් හිටිය ලකී දැක්කේ ඕම්කාර්ගේ කඩේ බාගෙට ඇරලා තියෙනවා. මේ මහ රෑ කවුද මේකට ඇවිත් ඉන්නේ කියලා බලන්න ගියාමයි අර චන්ඩි ජෝඩුව හම්බෙන්නේ. ඒ සිද්ධිය එතනින් ගලාගෙන ගිය හැටි මතකයිනේ. ඔය අතරේ මුල්තාන් හිටියේ කෝමා එකක. ඕම්කාර් ඒ ගැනත් යමක් හිතන් හිටියට සර්ගුන්ට දුන්නු පොරොන්දුවක් ඒකට හරස් වුණා මතක ඇතිනේ. ප්‍රාර්ථනා කරමු මුල්තාන්ට සිහිය එන්නෙපා කියලා. ඔය අතර ඕම්කාර්ගේ උපදෙස් පිට හැපී අජිත් සෝධිගේ කාර්යාලයක වැඩට යනවා. ඒ අජිත්ට, පුළුවන් විදිහට සමීප වෙන්න බලන්. ඒ අස්සෙම තමයි බයික් හොරකම ගැන ලකීගේ කනට වැටෙන්නේ. ඒ වගේම තේගී අනිත් පැත්තේ ඉඳන් එක දෙක කරගන්න වැඩ සිද්ධ කරගෙන හිටියා.
අද කොටසත් බලන්න. පළවෙනි කොටසේ ඉඳන් හිතේ පැසවපු ප්‍රශ්නයකට අද උත්තරේ හම්බෙනවා. අවසන් කොටසින් හම්බවෙමු. ජයවේවා.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
1,241 downloadsDownload Tabbar-S01-E07.zip12 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
8 comments
Kantha_DLA
Anonymous
පට්ට ස්ටෝරි එකක්
සබ් එකට තෑන්ක්ස්ඊලග එකත් ඉක්මනින් දාන්න
❤❤
මයුර
තෑන්ක්ස්..
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Naveen Mbr
උපසිරැසියට ස්තූතියි සහෝදරයා!
Kushan
Sub akta thanks
Sahan Gayantha
thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tabbar [S01 : E07] Sinhala Subtitles | පුතු මියෙනා සැටි බලා හිඳිමි..!! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/09/Tabbar-S01.jpg)



ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!