Tabbar එහෙමත් නැත්තම් “පවුල” කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න පටන් ගත්තේ Sonyliv ඔස්සේ. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව ගැන කෙටියෙන් කිව්වොත් කුතුහලයෙන් බලලා ඉවර කරන්න පුළුවන්, Drishyam සිනමාපටය වගේ කතාවක් දිවෙන ජාතියේ එකක්. ඉතින් දවසින් දවස ගෙවිලා ගිහින් අවසන් කොට…

Tabbar එහෙමත් නැත්තම් “පවුල” කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න පටන් ගත්තේ Sonyliv ඔස්සේ. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව ගැන කෙටියෙන් කිව්වොත් කුතුහලයෙන් බලලා ඉවර කරන්න පුළුවන්, Drishyam සිනමාපටය වගේ කතාවක් දිවෙන ජාතියේ එකක්. ඉතින් දවසින් දවස ගෙවිලා ගිහින් අවසන් කොටස බලන දවසත් ආවා. කලින් කොටස බැලුවට පස්සේ මේ අවසන් කොටසින් මොන මොනා සිද්ධ වෙයිද කියලා හිතෙනවා ඇති. අපි මතක් කරගෙන ඉමු මොකද වුණේ කියලා.

පළවෙනි කොටසේ ආරම්භයේදිම පෙන්වපු දර්ශනයෙන් හටගත්තු ප්‍රශ්නය කලින් කොටසෙදි විසඳගන්න ඇති. දැන් නම් එපා කරපු හැඟීමක් තමා දැනෙනවා ඇත්තේ. කිසිම දෙයක් සාධාරණීකරණය කරන්න නම් බැහැ. එක එක්කෙනා නිකරුනේ මැරිලා යනවා. තේගී අවසිහියෙන් කරපු වැඩෙන් මේක තවත් දික්ගැස්සුනා. ඒ වගේම මුල්තාන්ටත් සිහිය ආවා දකින්න ඇතිනේ. ඉතින් ගැලවීමක් තියෙයිද තවත්? ලොකු සංග්‍රාමයකට පස්සේ අම්මා කෙනෙක් සහ තාත්තා කෙනෙක් ජීවිතේ ගන්න අමාරුම තීරණයක් ගන්නවා අපි දැක්කා. මොන පුතාද තමන්ට වැඩියෙන්ම වටින්නේ කියන තේරීම එයාලට කරන්න සිද්ධ වුණා. බලමු මේ තීරණය මොන විදිහට බලපානවද කියලා.

ඉතින් මේ ඇවිත් තියෙන්නේ අවසන් කොටස. අවසන් කියන්නේ ගොඩක් දුරට අවසන්ම කොටස වෙයි. හොඳ ප්‍රේක්ෂක, විචාරක ප්‍රතිචාර තිබ්බට දෙවැනි කතාසමයක් ගැන තවම නිල ආරංචියක් නැහැ. කතාව බලලා ඉවර වුණාම හිතෙයි මීට එහා මේ කතාව තව මොකට, කොහොම අදින්නද කියලා. දෙවැනි කතාසමයක් ආවත් මං හිතන්නේ ඒක අලුත්ම කතාවක් වෙයි බොහෝදුරට. ඒ වගේම කියන්නම ඕන Tabbar කියන්නේ, බලලා ඉවර වෙලා තෘප්තියෙන් නැගිටින්න නම් හම්බවෙන කතාවක් නෙමේ කියලා ඔයාලට තේරෙයි. මට නම් මුස්පේන්තුගතියක් තමා දැනුනේ බලලා ඉවර කරාම. ඔයාලට කොහොම වෙයිද දන්නෑ ඉතින්. එහෙනම් බලන්න ගන්න අවසන් කොටසත්. මුළු කතාමාලාව පුරාම ඉඳලා ප්‍රතිචාර දක්වපු, බාගත කරපු හැමෝටම ස්තූතියි. කතාව ගැන අවංකවම හිතෙන දේ ලියලා යන්න. කවදත් සහයට ඉන්න චාමර සම්පත් ඇඩ්මින්තුමාවත් ආදරයේ මතක් කරන ගමන් තවත් අලුත් වැඩකින් හමුවෙන බලාපොරොත්තුවෙන් සමු ගන්නවා. හැමෝටම ජයෙන් ජය!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

2,057 downloadsDownload Tabbar-S01-E08.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

2,057 downloadsDownload Subtitles16 KB

13 comments

  1. Ishan

    මේක නේද අන්තිම කොටස?

    1. Anonymous

      ඔව් මේකෙන් ඉවරෙටම ඉවරයි.

  2. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි. …
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි……..!

    Episodes seratama sub dunnata godak pin......

  3. Tr

    Aye thaws ekak tynawada..meken iwaratama iwara wennee nadda etakota

    1. Anonymous

      මේකෙන් ඉවරයි. ලිපියේ වෙනසක් වෙන්න ඕන.

    2. Tr

      Ekane saho mn eth bluwa thawa tynawada kyla..mn gatteth naa ecchra..thanks aa

  4. Kushan

    Sub akta thanks

  5. Naveen

    උපසිරසිවලට තුති

  6. Manoj

    සිංහල උපසිරසි සියල්ලටම ස්තුතියි

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  8. V.P

    සිංහල උපසිරසිවලට ස්තුතියි සහෝ

  9. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.