Tabbar එහෙමත් නැත්තම් “පවුල” කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න පටන් ගත්තේ Sonyliv ඔස්සේ. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව ගැන කෙටියෙන් කිව්වොත් කුතුහලයෙන් බලලා ඉවර කරන්න පුළුවන්, Drishyam සිනමාපටය වගේ කතාවක් දිවෙන ජාතියේ එකක්. ප්‍රේක්ෂක විචාරක දැඩි ආකර්ෂණයක් මේ කතාමා…

Tabbar එහෙමත් නැත්තම් “පවුල” කියන Mystery | Thriller ගණයේ මේ කතාමාලාව පසුගිය වසරේ විකාශනය වෙන්න පටන් ගත්තේ Sonyliv ඔස්සේ. කොටස් 8කින් සමන්විත මේ කතාමාලාව ගැන කෙටියෙන් කිව්වොත් කුතුහලයෙන් බලලා ඉවර කරන්න පුළුවන්, Drishyam සිනමාපටය වගේ කතාවක් දිවෙන ජාතියේ එකක්. ප්‍රේක්ෂක විචාරක දැඩි ආකර්ෂණයක් මේ කතාමාලාව දිනාගත්තා. මේ වෙනකම් බලාගෙන ආපු අයට නම් කුතුහලයෙ නිමක් නැතුව ඇති. ඉතින් ඔන්න අරන් ආවා ඊළඟ කොටසත්. කලින් කොටස මතක් කරගෙන ඉමු.
අල්ලපු ගෙදර මහජන් මුල ඉඳන්ම කොහොමත් කාටවත් දිරෙව්ව චරිතයක් නෙමේ. හැමදේම ගැනම හොය හොය බල බල තමා මිනිහා හිටියේ. මේ වගේ මනුස්සයෙක්ගෙන් තමන්ගේ ජීවිතේම විනාශ කරන්න පුළුවන් වෙන සිද්ධියක් සම්බන්ධව තර්ජනයක් එල්ල වුණාම මොනවා කරන්නද? ඕම්කාර් තමන්ට කරන්න ඉතුරු වෙලා තිබ්බ එකම දේ කළා. මහජන්ගේ ගෙදර කවුරුත් හිටියේ නැති නිසා වැඩේ තවත් පහසු වුණා. හැබැයි වැඩේ ඉවර කරලා ඕම්කාර්ට වෙරිමතටම එතනම නින්ද ගිහින් තිබ්බා. මිනිහා ඇහැරුනේ පලක් දොරට ගහන සද්දෙන්. පලක්ලා ගෙදර දොර ඇරගන්න කලින් තමන්ගේ ගෙදෙට්ට පැන ගන්න ඕම්කාර්ට පුළුවන් වුණත් මතක ඇති මිනිහා හෝඩුවාවක් දීලා ගියපු විදිහ. මහජන්ගේ මරණයෙන් මුළු පලාතම ගිනි ගන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. සර්ගුන් සුපුරුදු විදිහට කලබල වුණා. එයා දැන් දකින මායාවන් එන්න එන්නම වැඩි වුණා. ඔය අතර හැපීට තමන්ගේ තාත්තා ගැන ඇතිවුණේ කලකිරීමක්. මිනිහා එහෙමම පොලිසියට ගියේ ලකීව හම්බවෙන්න. මේ හැමදේම ගැනම ඇත්ත කියන්නයි මිනිහා තීරණය කරලා තිබුණේ.
හත්වෙනි කොටසින් හම්බවෙමු. ජයවේවා.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
2,844 downloadsDownload Tabbar-S01-E06.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
7 comments
Anonymous
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි……..!Anonymous
මේ එපිසෝඩ් එකේ වීවියෝ එක තියෙනව ද
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Kushan
Sub akta thanks
Sahan Gayantha
thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Tabbar [S01 : E06] Sinhala Subtitles | අලුත් සැලැස්මක්.! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/09/Tabbar-S02.jpg)



මේ එපිසෝඩ් එකේ වීවියෝ එක තාම දාල නෑ