The Family Man, Farzi, Breathe, Mirzapur වගේ සුපිරි ඉන්දියන් කතාමාලා රැසක් දායාද කරපු ඇමසෝන් ප්‍රයිම් වෙතින් එලි දක්වපු තවත් සුපිරි කතාමාලාවක් තමා අපි මේ දවස් වල බලාගෙන යන්නේ. Crime|Drama|Mystery ගණයට අයිති වෙන මේ Dahaad කතාමාලාවට ලබාගෙන තියෙන IMDb අගය 7.4ක්. මේ කතාමාලාව පුරා එක හුස්මට කුතුහලයෙන් බ…

The Family Man, Farzi, Breathe, Mirzapur වගේ සුපිරි ඉන්දියන් කතාමාලා රැසක් දායාද කරපු ඇමසෝන් ප්‍රයිම් වෙතින් එලි දක්වපු තවත් සුපිරි කතාමාලාවක් තමා අපි මේ දවස් වල බලාගෙන යන්නේ. Crime|Drama|Mystery ගණයට අයිති වෙන මේ Dahaad කතාමාලාවට ලබාගෙන තියෙන IMDb අගය 7.4ක්. මේ කතාමාලාව පුරා එක හුස්මට කුතුහලයෙන් බලාගෙන යන්න පුළුවන් කොටස් 8ක් අඩංගු වෙලා තියෙනවා. රංගනයෙන් Sonakshi Sinha, Vijay Verma, Gulshan Devaiah, Sohum Shah ඇතුළු පිරිසක් එක්කහු වෙනවා. අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නේ Reema Kagti සහ Ruchika Oberoi කියන අය. මේ Reema තමා Zindagi Na Milengi Dobara, Talaash වගේ සුපිරි සිනමාපට රචනය කරලා තියෙන්නෙත්. ඒ නිසා Dahaad මගහැරගන්න හිතන්නවත් එපා. මෙච්චර දවස් කුතුහලයෙන් ඉතිරුණු කොටස් හතරක් බලාගෙන එන්න ඇති මේ වෙනකම්. දැන් අරන් එන්නේ පස්වෙනි කොටස. මේ වෙනකම් මොනවද සිද්ධ වුණේ කියලා බලමු.

අතුරුදහන් වෙච්ච තරුණියක් සම්බන්ධව මන්ඩාවා පොලිස් ස්ථානයට පැමිණිල්ලක් එනවා. වැඩි විස්තර අහලා බලද්දි දැනගත්තේ කෙල්ල තමන්ගේ ආදරවන්තයා එක්ක පැනලා ගිහින් තියෙන විත්තිය. හැබැයි මේ සිද්ධියට වැඩි අවධානයක් යොමු වෙන්න ගන්නේ තවත් දවස් කීපයකට පස්සේ ඒ කෙල්ලගේ මිනිය පිට පලාතක පොදු වැසිකිලියක් ඇතුලේ තිබිලා හම්බවුණාමයි. කෙල්ල එක්ක පැනලා ගියයි කියන කොල්ලා ගැන කිසි හෝඩුවාවක් තිබ්බේ නැහැ. ඇත්තම කිව්වොත් මේ මැරුණු කෙල්ල ඇරෙන්න පවුලේ වෙන කවුරුත් මේ කොල්ලගේ මූණවත් දැකලා තිබ්බේ නැහැ. මේ නිසාමයි මේ කාරණේ ටිකක් බරපතලෙට අරන් උප පරීක්ෂක අංජලී භාටි ඇතුළු පිරිස හොයන්න පෙළඹෙන්නේ. කෙල්ලගේ ඇමතුම් වාර්තා අනූව පැය ගණන් කෝල් කර ක තිබ්බ නොම්බරයක් පස්සේ යන්න අංජලී සමත් වුණත් ඒ නොම්බරේ ගැන විස්තර හොයාගත්තම ප්‍රශ්නේ දික් ගැස්සුනා මිසක් විසඳුනේ නම් නැහැ. ඒ නොම්බරයත් කවුදෝ තරුණියකගේ නොම්බරයක්. එයත් කාලෙකට කලින් ආදරවන්තයා එක්ක පැනලා ගිහින් ඊටත් දවස් කීපයකට පස්සේ අබිරහස් විදිහට මරණයට පත්වෙලා තිබ්බා. මේ පස්සෙන් යද්දි එකිනෙකට එකක් සම්බන්ධ මේ විදිහේ මිනීමැරීම් 20 ගණනක් හොයාගන්න අංජලීට හැකි වුණත් මේ සිද්ධියේ අගක් මුලක් හොයාගන්න නම් හැකියාවක් ලැබුනේ නැහැ. මියගිය තරුණියන්ගේ දුරකථන ගැන අවධානෙන් ඉන්න අතරේ දවසක් එක දුරකථනයක් වැඩ කරන බවට සංඥාවක් ආවේ හැමෝටම ලොකු අස්වැසිල්ලක් දෙන ගමන්. ක්‍රියාත්මක වුණු කට්ටිය අවසානයේ නතර වෙන්නේ මහාචාර්ය ආනන්ද් ළඟ. වැඩිදුර හෝදිසි සහ ප්‍රශ්න කිරීම් වලින් පස්සේ මහාචාර්යවරයා සැක කෙරෙන දෙයක් හොයාගන්න නම් කට්ටියට බැරිවෙනවා. ඒත් අංජලීගේ සැකය නම් මහාචාර්යවරයා පස්සෙමයි තිබ්බේ.ඒ නිසා එයා හිතාගත්තා මහ රෑ මහචාර්ය්වරයාගේ ගෙදරට ගිහින් එයාගේ වෑන් එක පරික්ෂා කරලා බලන්න. එතැනදී නොහිතපු දෙයක් සිද්ධ වෙන්නේ අංජලීගේ මුළු විමර්ශනයම අවුල් වෙන දෙයක් සිද්ධ වෙලයි.

දැන් එතන ඉඳන්..

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

3,243 downloadsDownload Dahaad-2023-S01EP05.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles by

රවිඳු හේෂාන්

Subtitles

3,243 downloadsDownload Subtitles23 KB

7 comments

  1. Sanjeewa Malith

    Denakal බලාගෙන හිටියේ thank u subtitles akata

  2. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. kasun

    ikmanata anith ewath one. thankyou

  5. Nisa

    Sub akata thnkz

  6. මයුර

    සබට තුති මචෝ...

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P