Watch Trailer

His Dark Materials [S03 : E06] Sinhala Subtitles | ආලෝකය ගිලගත් අන්ධකාරය [සිංහල උපසිරසි]

කලින් කොටස ගැන යම් මතක් කිරීමක් කරගත්තොත් ලයිරා සහ විල් දෙන්නා මළවුන්ගෙ භූමියට යන්න ඇතුල් වෙලා ඉන්නෙ. හැබැයි එයාලට එහෙට යන්නනම් මැරෙනකම් බලන් ඉන්න සිද්ධ වෙනවා. නමුත් ලයිරාට එහෙදි දැනගන්න ලැබෙනවා හැම කෙනෙක්ටම අනන්‍ය වූ මාරයෙක් ඉන්න බවත් ඒ කෙනාගේ කැමැත්තෙන් ලයිරාට සහ විලට මළවුන්ගෙ භුමිය කරා යන්න පුළු…

කලින් කොටස ගැන යම් මතක් කිරීමක් කරගත්තොත් ලයිරා සහ විල් දෙන්නා මළවුන්ගෙ භූමියට යන්න ඇතුල් වෙලා ඉන්නෙ. හැබැයි එයාලට එහෙට යන්නනම් මැරෙනකම් බලන් ඉන්න සිද්ධ වෙනවා. නමුත් ලයිරාට එහෙදි දැනගන්න ලැබෙනවා හැම කෙනෙක්ටම අනන්‍ය වූ මාරයෙක් ඉන්න බවත් ඒ කෙනාගේ කැමැත්තෙන් ලයිරාට සහ විලට මළවුන්ගෙ භුමිය කරා යන්න පුළුවන් වෙන බව. ඉතින් ලයිරා කොහොමින් හෝ මේ මාරයාව කැදවලා ඇයව කැමති කරවගන්නවා ලයිරා සහ විල්ව මළවුන්ගෙ භුමිය වෙත යවන්න. කොහොමින් හෝ ජලයෙන් එතෙර වෙන්න තියෙන තැනට ආවහමයි ලයිරා දැනගන්නේ එතනින් එහාට තමන්ගේ ආත්මය එහෙමත් නැත්නම් පෑන්ව එක්කන් යන්න බැරි බව. මේ නිසාම ලයිරාට සිද්ධ වෙනවා ඉතා අසීරු තීරණයක් ගන්න.

ඔය අතරේ මහා සභාවට එන මරීසාට ලැබෙන්නෙ හිතෛෂී පිළිගැනීමක් නෙවෙයි. කොහොම නමුත් තමන්ගේ සටකපට බව යොදාගෙන මැක්ෆේල්ව රවට්ට ගන්න මරීසා සමත් වෙනවා. නමුත් මෙවර ඇයගේ හිතේ තියෙන්නෙ ලයිරාව මහා සභාව විසින් මරන්න කලින් මහා සභාව විනාශ කර දැමීමේ ප්‍රයත්නය. ඇස්රියෙල්ගේ ගෝලබාල කමාන්ඩර් රෝක්ට උනත් අකමැත්තෙන් උනත් මරීසාට සහය වෙන්න සිද්ධ වෙනවා. රෝක්ගේ උදව්වෙන් මරීසා දැනගන්නවා මැක්ෆේල් ඩොක්ටර් කූපර්ව යොදාගෙන බෝම්බයක් හදන බව. කෙසේ හෝ මරීසා දැනගන්නවා මහා සභාව මෙවර ඇයට වඩා දක්ෂ වී ඇති බව. ඒ නිසාම ව්‍යසනයක් කරන්න ඇය ප්‍රයත්න දැරුවා උනත් ඒකත් අසාර්ථක වෙනවා.

ඉතින් මරීසාගේ අසාර්ථක උත්සාහයෙන් පස්සේ ඇය හිරේ විලංගුවේ වැටෙනවා. ලයිරාව මරන්න ගත් උත්සාහය සාර්ථක උනාද නැද්ද කියන එක මේ කොටසින් බලාගන්නට පුළුවන්. එහෙමනම් ඊළග කොටසින් හමුවෙන තෙක් මා සමුගන්නවා.

 

 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,163 downloadsDownload His-Dark-Materials-S03-E06.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

2,163 downloadsDownload Subtitles25 KB

2 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P