The Family Man, Farzi, Breathe, Pataal Lok, Mirzapur වගේ සුපිරි ඉන්දියන් කතාමාලා රැසක් දායාද කරපු ඇමසෝන් ප්‍රයිම් වෙතින් එලි දක්වපු තවත් සුපිරි කතාමාලාවක් තමා Dahaad කියන්නේ. ඒ ගැන පලවෙනි කොටසේ ඉඳන් මේ දක්වා කතාව බලාගෙන ආපු අය සාක්ෂි දරයි. ඉතින් Crime|Drama|Mystery ගණයට අයිති වෙන මේ Dahaad කතාමාලාව…

The Family Man, Farzi, Breathe, Pataal Lok, Mirzapur වගේ සුපිරි ඉන්දියන් කතාමාලා රැසක් දායාද කරපු ඇමසෝන් ප්‍රයිම් වෙතින් එලි දක්වපු තවත් සුපිරි කතාමාලාවක් තමා Dahaad කියන්නේ. ඒ ගැන පලවෙනි කොටසේ ඉඳන් මේ දක්වා කතාව බලාගෙන ආපු අය සාක්ෂි දරයි. ඉතින් Crime|Drama|Mystery ගණයට අයිති වෙන මේ Dahaad කතාමාලාවට ලබාගෙන තියෙන IMDb අගය 7.4ක්. රංගනයෙන් Sonakshi Sinha, Vijay Verma, Gulshan Devaiah, Sohum Shah ඇතුළු පිරිසක් එක්කහු වෙනවා. අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නේ Reema Kagti සහ Ruchika Oberoi කියන අය. හරි, අපි දැන් ඇවිත් ඉන්නේ මේ කතාසමයේ අන්තිම කොටසට. මේ වෙනකම් මොනවද සිද්ධ වුණේ කියලා කෙටියෙන් බලමු.
රාජ්ස්ථාන් ප්‍රාන්තයේ එක්තරා ප්‍රදේශයක තරුණියක් අතුරුදන් වෙලාය කියලා මන්ඩාවා පොලිසියට තරුණියගේ අයියා ඇවිල්ලා පැමිණිලි කරනවා. ආදර සම්බන්ධයක් නිසා පැනලා ගියාය කියලා හිතලා පොලිසිය මේ ගැන වැඩිදුර හොයන්නේ නැහැ. ඊටත් ටික දවසකින් උප පරික්ෂක අංජලී භාටි අර තරුණියගේ මිනිය හොයාගන්නවා මෝචරියක තිබිලා. ඇය දිවිනහගෙන පොදු වැසිකිලියක් ඇතුලේ මැරිලා වැටිලා ඉඳලා. දොරත් ඇතුලින් අගුලු දාගෙන තිබිලා තියෙන්නේ. මිනියේ වතගොත හොයන්න විදිහක් නැති නිසා මෝචරියට යවලා තිබ්බා. ඉතින් ඔක්කොමත් හරි, මේ තරුණිය එක්ක පැනලා ගියා කියන හාදයා ගැන කිසිම තොරතුරක් තිබ්බේ නැහැ. මරණයට කලින් කෙල්ල ලිංගිකවත් එකතු වෙලා තිබ්බා. ඒ නිසා මේ සිද්ධිය දිවි නහගැනීමකට විතරක් ලඝු නොකර හොයා බලන්න අංජලී හිතාගන්නවා. මියගිය තරුණියගෙ දුරකතන ඇමතුම් වාර්තා ඔස්සේ ගිහින් අංජලී එක නොම්බරයක් හොයාගෙන ඒ ඔස්සේ යනවා. අන්තිමට ඇය නතරවෙන්නේ ඇඟ කිලිපොලා යන හෙලිදරව්වකින්. මේ විදිහටම ප්‍රාන්තය පුරාම එක සමාන සිද්ධි වාර්තා වෙලා තිබ්බා. තමන්ගෙ ආදරවන්තයා එක්ක පැනලා යන තරුණිය ඊටත් දවස් කීපයකට පස්සෙ සියදිවි හානි කරගෙන කියලා වාර්තා වෙනවා. පුරුදු විදිහටම අර පෙම්වතා අතුරුදහන්. මෙහෙම මිය ගියපු තරුණියෝ ගණන 29ක් වෙලා තිබ්බා. දවසින් දවස මේ ගාන වැඩිවුනා මිසක් අඩුවුනේ නැහැ. මෙහෙමයි කියලා කිසිම හෝඩුවාවක් ඉතුරු නොවෙන්න තරම් මේ අනංගයා තරුණියන් දඩයම් කරන්න අරගෙන තිබ්බා. ඔය අතර තමා ඒ අනංගයාගේ පොඩිම පොඩි අතපසුවීමකින් අංජලී ඇතුළු පිරිසට පොටක් පෑදෙන්නේ….
එහෙනම්, සම්පූර්ණ කතාමාලාවටම උපසිරැසි දෙනකම් කතාව නොබලා හිටපු අයට අවස්ථාව දීලා මං එතනින් සාරාංශය නවත්තනවා. දැන් අවස්ථාව ඔයාලට. අනිවාර්‍යෙන් බලන්න කියලයි ඉල්ලා සිටින්නේ. දැඩි ප්‍රසාදයට ලක්වෙච්ච නිසා දෙවැනි කතාසමයක් ගැන බලාපොරොත්තු වෙන්නත් පුලුවන්. හැබැයි මේ ළඟක නම් නෙමේ, ගොඩක් දුර ඈත කාලෙක. ඒ වගේම Dahaad සිංහලෙන් රසගන්වන්න එකතු වුණු රවිඳු හේෂාන් පරිපාලක සහෝදරයාවත් ආදරයෙන් මතක් කරන ගමන් Dahaad පළමු කතාසමයට අපි මේ විදිහට සමු දෙනවා. කතාව ගැන ඔයාලගෙ ප්‍රතිචාරත් කොටාගෙන යන්න. හැමෝටම ජයවේවා..

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,636 downloadsDownload Dahaad.S01E08.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
4 comments
Nishshanka Mallawarachchi
Sanjeewa Malith
සුපිරි series akak last epiya denakal balan හිටියේ thank u hodee
හිරුණිකා
ගොඩක් ස්තූතියි මේ ලස්සන කතා මාලාවටම තනියෙන් උපසිරැසි ගෙනාවාට රවිඳු අයියේ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dahaad [S01 : E08] Sinhala Subtitles | අවසානයක් නොවූ ආරම්භයක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/05/Daahad-2023.jpg)

Thank You!