සුපිරි ඉන්දියන් කතාමාලා රැසක් අපිට දායාද කරපු ඇමසෝන් ප්‍රයිම් වෙතින් එලි දක්වපු තවත් සුපිරි කතාමාලාවක් වෙන Dahaad අපි මේ දවස් වල බලාගෙන යන්නේ. Crime|Drama|Mystery ගණයට අයිති වෙන මේ කතාමාලාව ලබාගෙන තියෙන IMDb අගය 7.4ක්. එක හුස්මට කුතුහලයෙන් බලාගෙන යන්න පුළුවන් කොටස් 8ක් Dahaad කතාමාලාවේ අඩංගු වෙලා ත…

සුපිරි ඉන්දියන් කතාමාලා රැසක් අපිට දායාද කරපු ඇමසෝන් ප්‍රයිම් වෙතින් එලි දක්වපු තවත් සුපිරි කතාමාලාවක් වෙන Dahaad අපි මේ දවස් වල බලාගෙන යන්නේ. Crime|Drama|Mystery ගණයට අයිති වෙන මේ කතාමාලාව ලබාගෙන තියෙන IMDb අගය 7.4ක්. එක හුස්මට කුතුහලයෙන් බලාගෙන යන්න පුළුවන් කොටස් 8ක් Dahaad කතාමාලාවේ අඩංගු වෙලා තියෙනවා. රංගනයෙන් Sonakshi Sinha, Vijay Verma, Gulshan Devaiah, Sohum Shah ඇතුළු පිරිසක් එක්කහු වෙනවා. අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නේ Reema Kagti සහ Ruchika Oberoi කියන අය. මේ Reema තමා Zindagi Na Milengi Dobara, Talaash වගේ සුපිරි සිනමාපට රචනය කරලා තියෙන්නෙත්. ඒ නිසා Dahaad මගහැරගන්න හිතන්නවත් එපා. මෙච්චර දවස් කුතුහලයෙන් පිරුනු මේ කතාව බලාගෙන බලාගෙන ඇවිල්ලා දැන් අවසානයටත් ළංවෙලා. අපි දැන් බලන්න යන්නේ හත්වෙනි කොටස. මේ වෙනකම් මොනවද සිද්ධ වුණේ කියලා බලමු.
අතුරුදහන් වෙච්ච තරුණියක් සම්බන්ධව මන්ඩාවා පොලිස් ස්ථානයට පැමිණිල්ලක් එනවා. වැඩි විස්තර අහලා බලද්දි දැනගත්තේ කෙල්ල තමන්ගේ ආදරවන්තයා එක්ක පැනලා ගිහින් තියෙන විත්තිය. හැබැයි මේ සිද්ධියට වැඩි අවධානයක් යොමු වෙන්න ගන්නේ තවත් දවස් කීපයකට පස්සේ ඒ කෙල්ලගේ මිනිය පිට පලාතක පොදු වැසිකිලියක් ඇතුලේ තිබිලා හම්බවුණාමයි. කෙල්ල එක්ක පැනලා ගියයි කියන කොල්ලා ගැන කිසි හෝඩුවාවක් තිබ්බේ නැහැ. ඇත්තම කිව්වොත් මේ මැරුණු කෙල්ල ඇරෙන්න පවුලේ වෙන කවුරුත් මේ කොල්ලගේ මූණවත් දැකලා තිබ්බේ නැහැ. මේ නිසාමයි මේ කාරණේ ටිකක් බරපතලෙට අරන් උප පරීක්ෂක අංජලී භාටි ඇතුළු පිරිස හොයන්න පෙළඹෙන්නේ. කෙල්ලගේ ඇමතුම් වාර්තා අනූව පැය ගණන් කෝල් කරලා තිබ්බ නොම්බරයක් පස්සේ යන්න අංජලී සමත් වුණත් ඒ නොම්බරේ ගැන විස්තර හොයාගත්තම ප්‍රශ්නේ දික් ගැස්සුනා මිසක් විසඳුනේ නම් නැහැ. ඒ නොම්බරයත් කවුදෝ තරුණියකගේ නොම්බරයක්. එයත් කාලෙකට කලින් ආදරවන්තයා එක්ක පැනලා ගිහින් ඊටත් දවස් කීපයකට පස්සේ අබිරහස් විදිහට මරණයට පත්වෙලා තිබ්බා. මේ පස්සෙන් යද්දි එකිනෙකට එකක් සම්බන්ධ මේ විදිහේ මිනීමැරීම් 29 ගණනක් හොයාගන්න අංජලීට හැකි වුණත් මේ සිද්ධියේ අගක් මුලක් හොයාගන්න නම් හැකියාවක් ලැබුනේ නැහැ. මියගිය තරුණියන්ගේ දුරකථන ගැන අවධානෙන් ඉන්න අතරේ දවසක් එක දුරකථනයක් වැඩ කරන බවට සංඥාවක් ආවේ හැමෝටම ලොකු අස්වැසිල්ලක් දෙන ගමන්. ක්‍රියාත්මක වුණු කට්ටිය අවසානයේ නතර වෙන්නේ මහාචාර්ය ආනන්ද් ළඟ. වැඩිදුර හෝදිසි සහ ප්‍රශ්න කිරීම් වලින් පස්සේ මහාචාර්යවරයා සැක කෙරෙන දෙයක් හොයාගන්න නම් කට්ටියට බැරිවෙනවා. ඒත් අංජලීගේ සැකය නම් මහාචාර්යවරයා පස්සෙමයි තිබ්බේ. ඔය අතර ආනන්ද් කෛරාටික සැලස්මක් හදලා හැම වර්දක්ම ශිව් පිටට දාන්න සමත් වෙනවා. ඒ ගමන් තවත් දඩයමක් ඉවර කරගන්නවා. මුකුත් නොදන්න ශිව් සාක්ෂිත් එක්ක පොලිසියට කොටු වුණත්, මෙච්චර දවසක් කිසිම සාක්ෂියක් නැතුව ඉඳලා මෙහෙම එක පිට එක ශිව්ට විරුද්ධව සාක්ෂි ලැබෙද්දිත් අංජලීට සැකයක් එන්න ගත්තා. දේවි සිංගෙන් අනුමැතිය අරන් එයා කෙලොන්ම ගියේ වන්දනා ලඟට. එවෙලේ වන්දනාගෙන් සහයෝගයක් අංජලීට ලැබුණේ නැතත් අංජලී එතනින් පිට වුනේ වන්දනාගෙ හිතට ලොකුම බලපෑමක් සහ සැකයක් ඇති කරලා. ඔය අතර මේ හැමදේම ඔප්පු කරන්න පුලුවන් ශක්තිමත්ම සාක්ෂිය සින්ධුරාව හම්බෙන්න අංජලී පිටත් වෙන්නේ මේ ගැන අදවත් දෙකෙන් එකක් දැනගන්නයි.
දැන් එතන ඉඳන්..
ඒ වගේම මේ උපසිරැසිය වෙනුවෙන් දායක වු මයුර අයියටත්. නන් අයුරින් සහය දැක්වු දහර අක්කටත්, නවීන් මල්ලිටත් ස්තූති කරනවා. ඒ වගේම කියන්න ඕනෙ ඔයාලට සිරිස් එක බලන්න තියෙන තදියමම අපිට ඔයාලට ඉක්මනින් දෙන්නත් ඒ තදියමම තියෙනවා. නමුත් තදියම තිබුනට මදිනේ අනිත් හරිය කරගෙන ඉන්නත් එපැයි නේ. ඔයාලගෙ අනිත් හරිය කරගෙන විවේකයක් ලබා ගෙන මේක දාගෙන බලනවා වගේම තමා, අපිත් අපේ විවේක වෙලාවට මේක කරන්න ගන්නේ. ඒක නැවත නැවතත් මන්තරේ වගේ කියනවා. ඉතිං එහෙනම් අද මේ උපසිරැසිය මගින් අද කතාව රසවිදින්න කියලා ඔයාලට මං ආරාධන කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
3,040 downloadsDownload Dahaad-2023-S01EP07.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන් සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
9 comments
Sanjeewa Malith
Nishshanka Mallawarachchi
Thank You!
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥මයුර
සබට තුති සහෝ..
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි රවිදු සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!මයුර
සබට තුති මචෝ
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Hashan MaduShanka
Subtitle eka nane
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Dahaad [S01 : E07] Sinhala Subtitles | මෙහෙයුම සාර්ථක වෙයිද? [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/05/Daahad-2023.jpg)

Thank u hodeee subtitles akata