කලබල දිල්ලි නගරයේ ජනාකීර්න පෙදෙසක නිවසක සිදු වූ තවත් මිනී මැරුමක්! ජීවිතයේ සැඳෑ සමය ගෙවන විශ්‍රාමිකයින්, එක් අයෙක්, දෙදෙනෙක් නොව… සිව් දෙනෙක්! ගෙල කපා දමා, හිසට බර ආයුදයකින් පහර දී… බිහිසුනු ලෙස මරා දැමීමක්! ඒත් සමගම, නිවසේ ඇති වටිනා භාන්ඩ මංකොල්ලයක්! මේ සියල්ල පසු පස සිටිනා නගරයම බියෙන් තැති ගැන්ව…

කලබල දිල්ලි නගරයේ
ජනාකීර්න පෙදෙසක නිවසක
සිදු වූ තවත් මිනී මැරුමක්!
ජීවිතයේ සැඳෑ සමය ගෙවන විශ්‍රාමිකයින්,
එක් අයෙක්, දෙදෙනෙක් නොව…
සිව් දෙනෙක්!
ගෙල කපා දමා,
හිසට බර ආයුදයකින් පහර දී…
බිහිසුනු ලෙස මරා දැමීමක්!
ඒත් සමගම,
නිවසේ ඇති වටිනා භාන්ඩ මංකොල්ලයක්!
මේ සියල්ල පසු පස සිටිනා
නගරයම බියෙන් තැති ගැන්වූ මිනීමරු කල්ලියක්!
ඉතින් මේ අරගෙන ආවේ දිල්ලි ක්‍රයිම් දෙවෙනි කතා මාලාවේ පලවෙනි කොටස. පලවෙනි කතා මාලාවට පාදක වුනේ ලෝකයේම කතා බහට ලක් වුනු නිර්බයාගේ දූශන මිනීමැරුම් සිද්දිය. මේ දෙවෙනි කතා මාලාවට පාදක වෙන්නේ 90 දශකයේ ක්‍රියාත්මක වූ චඩ්ඩි බනියන් කල්ලිය. ඔවුන් මංකොල්ල කෑම්, මිනීමැරුම් සිදු කිරීමේදී, යට කලිසම සහ බැනියම පමනක් ඇඳ සිටින නිසාවෙන් එ නම ලැබී තිබෙනවා. ඔවුන් මුහුනු ආවරන වලින් මුහුනු වසාගෙන සිටින අතර ශරීරය පුරාම තෙල් හෝ මඩ වලින් ආවරනය කර සිටි බව ට ප්‍රසිද්ද වනවා.
මේ කල්ලිය සාමාජිකයින් 5-10ත් අතර පිරිසකින් සමන්විත වුනා. ඔවුන්, කුර්තා සහ ලුංගි ඇද සිටින අතරම දිවා කාලයේ ප්‍රවාහන මධ්‍යස්තාන වල හෝ පාලු ස්ථාන වල රැඳී සිටියා. එමෙන්ම මංකොල්ල කෑමට නියමිත ප්‍රදේශ වල සිඟන්නන් සහ කම්කරුවන් ලෙසද සැරිසැරුවා. අලුත් නගරයකට යාමට පෙර ඔවුන් නිවෙස් කිහිපයක්ම මංකොල්ල කෑමට උත්සහ කලා. මංකොල්ලයේදී පවුලේ සාමාජිකයින් එකට ගැට ගසන අතරම, එයට විරුද්ද වන කවුරුන් හෝ වේවා, ඔවුන්ව මරා දැමුවා. මේ කල්ලිය, යකඩ පොලු, පොරවා, පිහි සහ තුවක්කු වලින් සන්නද්ද වුනා.ඔවුන් මංකොල්ල කෑමකට යන නිවසේදී, එහි ඇති ආහාර අනුභව කර අවසානයේදී මල පහ කර පිටව යාම ඔවුන්ගේ සිරිතක් වුනා. ඔවුන්ගේ ගමනා ගමනයට කුලියට ගත් වාහන පාවිච්චි කල අතර කෝවිල්මං කොල්ල කෑම් වලටද ඔවුන් සැක කරුවන් වුනා. 1987 දි ආරම්බ වූ මෙම කල්ලිය උත්තර්කන්ඩ්, උත්තර් ප්‍රදේශ්, මධ්‍ය ප්‍රදේශ්, හරියානා, දිල්ලි, රාජස්තාන් සහ ආන්ද්‍රා ප්‍රදේශ් වල ඔවුන් මංකොල්ල කෑම් සිදු කරනු ලැබුවා.

මේ දෙවෙනි කතා මාලාව තිරගත වුනේ අගෝස්තු 26 වෙනිදා නෙට්ෆ්ලික්ස් නාලිකාව ඔස්සේ. පලවෙනි කතා මාලාවේ හිටිය කට්ටියම Shefali Shah, Rajesh Tailang, Rasika Dugal, Adil Hussain, කට්ටිය මේකෙත් දැක ගන්න පුලුවන්. ඉතින් දෙවෙනි කොටස සොහාන් මල්ලි අරගෙන එයි, තවත් උපසිරැසියකින් හමු වෙනකන් ගිහින් එන්නම්.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
3,994 downloadsDownload DC-S02-E01.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-10-06
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
- #Adil Hussain
- #Delhi Crime
- #Denzil Smith
- #Editor's Pick
- #Gopal Datt
- #Jaya Bhattacharya
- #MaxxA
- #Must Watch
- #Rajesh Tailang
- #Rasika Dugal
- #Shefali Shah
- #Sidharth Bhardwaj
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Swati Bhatia
- #Yashaswini Dayama
- #උපසිරැසි
- #දහරා මුතුඅමා
- #දිල්ලි ක්‍රයිම්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
17 comments
Anonymous
Anonymous
Thanks for sub
Naveen
උපසිරසියට තුති
Ishan
ඉක්මනට දෙමු ඉතුරු ටික..බලන් හිටියේ මේකට..ස්තුති
Hasitha
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරී ..!!
AKEESHA
සිංහල උපසිරසියට ස්තුතියි
Kushan
Sub akta thanks
V.P
සිංහල උපසිරසියට ස්තුතියි සහෝදරි
Neo
Thanks sister
Keep it upBuddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
D.Chamara
බොහොම ස්තූතියි .... ! :D
Kavi
බොහොම ස්තූතියි ඔබට
ජය වේවා!Thanuj
මේක ගැන කාර්තික් ගේ මූවී එකක් තිබ්බා පට්ට
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Naveen Mbr
උපසිරැසියට ස්තූතියි!
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


ඇඟ සීතල වෙනවා මේක බලද්දි. පිස්සු හැදෙනවා.
අනිත් එකත් දෙන්න හනික.
සබට තුති