සහකාර පොලිස් කොමසාරිස් ශෝබාගේ සැකය කෙලින්ම අනාමිකාගේ සැමියා නිකිල් වෙතට යොමුවෙලයි තිබ්බේ. පහුගිය කොටසෙදි අපි දැක්කා නිකිල්ගෙන් ප්‍රශ්න කරනවා සහ නිකිල්ට ඒවට කට උත්තරත් නැතිවුණු හැටි. ඒ වගේම ගෙදර තිබිලා ශෝභා හොයාගත්තු දේත් මතකයිනේ. තුවක්කු උණ්ඩයකින් වෙච්ච සිදුරක්. මොකක් නමුත් ලොකු දෙයක් මේ ගෙදර සිද්ධ…

සහකාර පොලිස් කොමසාරිස් ශෝබාගේ සැකය කෙලින්ම අනාමිකාගේ සැමියා නිකිල් වෙතට යොමුවෙලයි තිබ්බේ. පහුගිය කොටසෙදි අපි දැක්කා නිකිල්ගෙන් ප්‍රශ්න කරනවා සහ නිකිල්ට ඒවට කට උත්තරත් නැතිවුණු හැටි. ඒ වගේම ගෙදර තිබිලා ශෝභා හොයාගත්තු දේත් මතකයිනේ. තුවක්කු උණ්ඩයකින් වෙච්ච සිදුරක්. මොකක් නමුත් ලොකු දෙයක් මේ ගෙදර සිද්ධ වෙලා තියෙන පාටයි. නමුත් කවුරුත් ඒ ගැන කටේ කෙල බිඳක් නොහෙලන්න වග බලන් තිබ්බා. ඔය අතරේ අනාමිකාගේ දුව සම්බන්ධ ප්‍රශ්නෙකුත් ෆ්ලෑෂ් බැක් සීන්ස් වලදි අපිට පෙන්නුවා. තිර පරීක්ෂණ වලට මූණ දීලම හෙම්බත් වෙලා හිටිය එයාගේ ඉවසීම හැමෝම ඉස්සරහා පුපුරලා යන හැටි පෙන්නන වීඩියෝ හැමතැනම වයිරල් වෙලත් තිබ්බා. අනාමිකාගෙන් තොර තමන්ටම කියලා අනන්‍යතාවයක් හදාගන්නයි ඇයට ඕන වෙලා තිබ්බේ. ඒත් සිද්ධ නොවුණු එකම දෙයත් ඒකයි. තමන්ගේ දුවගේ මේ මානසික කඩාවැටීම අනාමිකාට තවත් ප්‍රශ්නයක් එකතු කරලයි තිබ්බේ. ඒත් එක්කම පහුගිය කොටස් වලදී අපිව පුදුම කරවපු අමුතු රසිකයා සහ අනාමිකා අතරයි තියෙනවයි කියපු ඒ පුදුමාකාර සම්බන්ධය ගැන රහස කියන්න මාධව් අනාමිකාව හම්බෙන්න ආවා. ඒ රහස අනාමිකාට කිව්වත් ඔයාලා දකින්න ඇතිනේ අනාමිකා ඒකට ප්‍රතිචාර දක්වපු විදිහ සහ ඒ සිද්ධිය ගිහින් නතර වුණු තැන. අන්තිමට සිද්ධ වුණේ අනාමිකාට සහය වෙන්න ළඟින්ම හිටි කෙනෙක්ගේ අහිමිවීම දකින්න සිද්ධ වෙච්ච එකයි. ඒත් එක්කම මාධව්ගේ DNA රිපෝට් එකත් ඇවිත් තිබ්බා. ප්‍රතිඵලය දැක්ක මාධව්ගේ බලාපොරොත්තු වලට මොකද වුණේ??
ජනකාන්ත ජනප්‍රිය නිළි මධුරි ඩික්සිත් රඟන නවතම වෙබ්කතාමාලාව The Fame Game එක්කයි ඔයාලා මේ එක්කහු වෙලා ඉන්නේ. කොටස් 8කින් සමන්විත මේ කතාවේ 6වෙනි කොටසටයි අපි මේ ඇවිත් ඉන්නේ. තව කොටස් 2ක් එක්ක මේ කතාසමය අහවරක් කරන්න අපිට පුළුවන් වෙනවා. දිගටම රැඳී ඉන්න අපිත් එක්ක. ඊළඟ කොටස අරන් ඉක්මනටම එන්නම්. ජයවේවා.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.
1,687 downloadsDownload TFG-S01-E06.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
6 comments
Supun Kaushalya
Amila Konara
සබ් එකට සබ් සහෝ පුලුවන්නම් castlerock එකේ අන්තිම සීසන් එකට සබ් ගේනවද
Kushan
Sub akta thanks
Anonymous
Thanks for sub
The great indian murder series ekath dennasahangayantha
thanks a lot saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Fame Game [E06] Sinhala Subtitles | හෙලෝ.. මාව බේරගන්න!! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/03/The-Fame-Game-1.1.jpg)



තෑන්ක්ස් සබ් එකට සහෝ