Watch Trailer

The Walking Dead [S11 : E16] Sinhala Subtitles | ක්‍රැර පාලනයක ඇරඹුම. [සිංහල උපසිරසි]

පසුගිය කොටසින් කොමන්වෙල්ත් ආරක්ෂක බටයින්ට සිද්දවුන දේ කිව්වත් ලාන්ස් පොඩ්ඩක්වත් ඇරන්වත් ගේබ්‍රියල්වත් විශ්වාස කලේ නැහැ. මොකද ඇත්තටම සිද්දවුනෙ ඒක නෙවෙයි කියලා ලාන්ස් හැරුනම අනික් හැමෝම දන්නවා. එතනින් පැනගත්ත මිනිස්සු ගැන ලාන්ස් හොය හොයා යද්දී මේ අය හොයන්න පටන් ගත්තෙ හිල්ටොප් වලින්. මැගීගෙ අකමැත්තෙන්…

පසුගිය කොටසින්

කොමන්වෙල්ත් ආරක්ෂක බටයින්ට සිද්දවුන දේ කිව්වත් ලාන්ස් පොඩ්ඩක්වත් ඇරන්වත් ගේබ්‍රියල්වත් විශ්වාස කලේ නැහැ. මොකද ඇත්තටම සිද්දවුනෙ ඒක නෙවෙයි කියලා ලාන්ස් හැරුනම අනික් හැමෝම දන්නවා. එතනින් පැනගත්ත මිනිස්සු ගැන ලාන්ස් හොය හොයා යද්දී මේ අය හොයන්න පටන් ගත්තෙ හිල්ටොප් වලින්. මැගීගෙ අකමැත්තෙන් වුනත් හිල්ටොප්වල සෙවීමේ කටයුතු සිද්දවුනත් ඒවා කෙලවරක් වුනෙ කොයි කාටත් අමිහිරි විදිහට.

මේ අතරවාරේ කොමන්වෙල්ත්වල තවත් අපූරු දේවල් සිද්දවුනා. මර්සර් වගේම ප්‍රින්සස් දෙන්නා ගත්තොත් මේ දෙන්නා අතරේ හොද සම්බන්ධයක් ගොඩ නැගුනා. මර්සර් එයාගෙ බටයො දෙන්නෙක්ව මරලා දාපුවට හුගාක් හිත් අවුලෙන් හිටියෙ. මේ ගැන එයා රින්සස්ට පවා කිව්වා. සල්ලි වගයක් අරං එන්න කියලා යවපු ගමන අතරතුර සිද්දවුන හැමදේම රොසීටා ඉයුජින්ට කියපු නිසා කොනීට වගේම කෙලීට එන්න කිව්වා මේ ගැන වාර්තා කරන්න. ඒවගේම මේ දෙන්නට කලින් කොටසකදී ලැබුණු නම් ඇතුලත් වෙච්ච ලොකු ලිස්ට් එකෙ තිබිලා එදා අර ගෙදර ඇතුලේ හිරවෙලා හිටිය ඒප්‍රිල් කියන ගෑණු කෙනාගෙ නමත් තිබිලා හොයාගත්තා.

අසනීප තත්වයෙ හිටිය එසීකියල්ට සුව වීමත් එක්කම එයා ටොමිගෙ උදව් ඇතුව හොර රහසේම ක්ලිනික් එකක් පවත්වන් ගිහිං තිබුනා ලෙඩ වෙච්ච අසරණ මිනිස්සුන්ට උදව් කරන්න හිතාගෙන. කිසිම හෝඩුවාවක් නැතුව තරහින් හිටිය ලාන්ස්ට අහම්බෙන් වගෙ එයාගෙ සොල්දාදුවො නිසා ලීයාව මුණගැහිලා කියනවා එයාට පවරන්න වැඩක් තියෙනවා කියලා.

අද කොටසින්

මේ කතාවේ අතරමැද මොන තරම් අවුල් කොටස් තිබුනත් මේ වතාවෙත් කතාවේ නිර්මාතෘවරුන්ට හැකියාව ලැබිලා තියෙනවා හොද අවසානයක් දෙන්න. ඒ නිසා ඊයෙ දවසේදී ලබා දුන්න කොටස් හයම මේ වෙද්දී බලලා ඉවර නම් කතාවේ අවසානයත් බලන්න.

අවසානය?

ඔව්. මේක තමයි එකළොස්‌වැනි සීසන් එකෙ කොටස් 24ට අදාල Part B වලට අදාල කොටස් අට ඉවර වෙන්නෙ. ඉතිං Part C වලට අදාල කොටස් අට මේ අවුරුද්දේ කොයි කාලෙදි විකාශය වෙනවද කියලා නිවේදනය කරලා නැතත් පුරා වසර 12ක ගමන, ඒ කිව්වේ AMC නාලිකාවෙන් 2010 වසරේදී විකාශය ආරම්භ කෙරූ The Walking Dead කතාමාලාවේ මේ වෙද්දී මුළුමනින්ම රූගතකිරීම් අවසන් කරලා තියෙන්නෙ කියලා පසුගිය දවසකදී දැනගන්න ලැබුනා.

ඉතිං මග නැවතුනු කතාවක අවසානය මෙහෙම නිමා කලාට ඉස්සරහට එන අවසන් කොටස් අට මට කරන්න බලාපොරොත්තුවක් නැහැ. ඒ නිසා ඊලග කොටස් අට ආවම පිස්සෙක් වගෙ මට දොස් කියන්න එපා “කරන්න බැරි නම් වෙන එකෙක්ට දියං”, “කරන්න බැරිනම් බාරගන්න එපා” කියලා.  මොකද කරන්න කවුරුත්ම නැතිම නිසා තමයි මං Part B ටික මේ විදිහට ඉවර කලේ.

ආයෙත් දවසක මුණගැහෙමු. ජය!

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

8,274 downloadsDownload The-Walking-Dead-S11-E16.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

8,274 downloadsDownload Subtitles29 KB

26 comments

  1. nisa

    thnks chamra kollo .....

  2. Madhawa Welagedara

    Thank you brother

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Daham

    අඩෝ බන් පුලුවන්නම් walking dead world beyond එකටත් සබ් දෙන්න පුලුවන්ද ලොකු දෙයක් බන් ෆ්‍රී වෙලාවක පුලුවන්නම් ඒකත් දීපම් ආ..

  6. Anonymous

    Thank you....

  7. ravidu ishan

    සබ්එකට Tnx Mchn,,, ✌️✌️ ජය!!

  8. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  9. Anuja Lakshitha

    thanks ayye sub ekt

  10. Sandul

    Thanks sahodarya sub tikat ♥️

  11. ජොන්ටි

    තෑන්ක්ස් සබ් එකට.මේවට සබ් දෙන්න කවෘවත් නෑ.පරක්කු වෙවී හෙමින් හරි ඊලග එකටත් සබ් දෙන්න.❤

  12. Anonymous

    අඩෝ කොල්ලො තැන්ස්ස් හොදේ. Part c එකත් දියන් බොක්ක. බලාාන ඉන්නවා

  13. Anonymous

    තැන්ක්ස් ගොඩක් අයියේ පින් ගොඩක් අනේ ඉස්සරහට එන ඒවටත් අපිට සබ් දෙන්න "No one can get the place of Baiscope "

  14. සාරංග

    සබට , බොහෝම ස්තුතියි !

  15. Anonymous

    We always know your effort on this and dont say good bye. we need you !

  16. indika 75

    thanks..

  17. Mithila Randeniya

    Machan the walking dead world beyond ekata sub dennako

  18. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.part c ආවාම එකටත් කොහොම හරි අරන් එමු සහෝ❤️

  19. ab

    Thanks sahoo. ilaga 8 tat sub denna pluwnnm

  20. lakshan

    thanks ........................

  21. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. lasith

    JAYAWEWA MACHAN

  23. Akash Fernando

    kawru hari sub eka karannako maga nathara nokara.
    ftwd ekata kara wage karanna nm epoo

  24. Sathijaa

    Please දිගටම සබ් ටික දෙන්නකො

  25. ravindu

    modayo kiyana ewa ganan ganna epa man mulu kathawama beluwe oyalage web eka margayen bohoma sthuthuy me tika demmata meka compleat karanna ethuru sub tikath dala.obalata jaya

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.