කලින් කොටස පටන් ගනිද්දීම පෙන්නුවේ අනාමිකාව හිර කරගෙන ඉන්න මඩුව. පැනලා යන්න ඉඩක් හොය හොය හිටිය අනාමිකා තමන්ගේ වැඩේ පොඩ්ඩකට නැවැත්තුවේ කාගෙහරි අඩි සද්දයක් ඇහුනු නිසා. තමන්ව පැහැරගත්ත මනුස්සයා ඇවිදින් තමන් දිහා බලන් ඉන්නවා ඇය දැක්කා. ඔහු ඔහුට පිටිපස්සෙන් තියන් හිටපු පිස්තෝලයක් ඇදලා අරන් අනාමිකාගේ පැත්…

කලින් කොටස පටන් ගනිද්දීම පෙන්නුවේ අනාමිකාව හිර කරගෙන ඉන්න මඩුව. පැනලා යන්න ඉඩක් හොය හොය හිටිය අනාමිකා තමන්ගේ වැඩේ පොඩ්ඩකට නැවැත්තුවේ කාගෙහරි අඩි සද්දයක් ඇහුනු නිසා. තමන්ව පැහැරගත්ත මනුස්සයා ඇවිදින් තමන් දිහා බලන් ඉන්නවා ඇය දැක්කා. ඔහු ඔහුට පිටිපස්සෙන් තියන් හිටපු පිස්තෝලයක් ඇදලා අරන් අනාමිකාගේ පැත්තට එල්ල කරා. ඒ ගෙවී ගියේ අනාමිකාගේ ජීවිතේ අන්තිම විනාඩියයි.

බිලීගේ මරණය සිද්ධ වෙලා දවස් කීපයක් ගත වුණත් කවුරුත් ඒ ගැන දැනගෙන තිබ්බේ නැහැ. අසල්වාසීන්ට ඇවිත් තියෙන දැඩි දුර්ගන්ධය නිසා පොලිසියට පැමිණිලි කරපු වෙලෙයි බිලීගේ මරණය කරළියට ආවේ. මේ මරණය අනාමිකාගේ අතුරුදහන් වීමටත් සම්බන්ධ කරලා තිබ්බ නිසා ශෝභාට මේ අනාමිකා නඩුව ඉක්මනට ඉවරයක් කරන්න කියලත් ගොඩක් බලපෑම් ආවා. නඩුව වෙන කෙනෙක් අතට යන්නත් අවදානමක් තියෙනව කියලා ශෝභාට තේරුණා.

ඔය අතරේ අනාමිකාගේ අතීත කතාවෙදි එයා තමන්ගේ දරුවෝ දෙන්නත් එක්ක මනීෂ්ගේ ෆාම්හවුස් එකට ගිය දවසේ වෙච්ච සිදුවීම් දිගහැරෙනවා. අනාමිකාගේ පුතා සහ එයාගේ යාළුවා අතර තියෙන සම්බන්ධය ගැනත් එයාලගෙම කතාබහෙන් පොඩි හෝඩුවාවක් ලැබෙන්න ඇති. අමූ නම් මේ ගමන ගැන වැඩි සතුටකින් හිටියේ නෑ. එයා නිකිල්ට කෝල් එකක් අරන් සේරම විස්තරේ කිව්වා තමන්ගේ ගමන ගැන. මනීෂ් ඉන්නවා කියලා දැනගත්තම නිකිල්ගේ හිතට සුපුරුදු සැකයේ සේයාව දැනෙන්න ගත්තා. ඔය අතර මනීෂ් මාධ්‍ය සාකච්ඡාවේදී ලොකු ප්‍රශ්නයක් දාගත්තා මතකත් ඇති.

එහෙනම් ෆේම් ගේම් අවසාන කොටසට කලින් කොටසයි මේ අරන් ආවේ. ඉක්මනටම අවසන් කොටසත් අරන් මම එන්නම්. ජයවේවා හැමෝටම.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි HD පිටපත් සඳහා අදාළ වේ.

1,764 downloadsDownload TFG-S01-E07.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

1,764 downloadsDownload Subtitles22 KB

8 comments

  1. Kushan

    Sub akta thanks

  2. Naveen

    උපසිරසියට තුති

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  4. සිසිත සමරතුංග (සිසියා)

    සබට තුති මචෝ

  5. Anonymous

    Thanks for sub
    The great indian murder series ekath denna

  6. Buddhika laKMal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
    gfg

  7. sahangayantha

    thanks a lot saho sub ekata

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P