IMDbහි හොඳම කතාමාලා 250 අතර වැජඹෙන තවත් එක ඉන්දියානු නියෝජනයක් වෙන පන්චායත් ගැන දැන් කවුරුත් හොඳින්ම දන්නවා. 8.8ක දැවැන්ත අගයක් ලබාගන්නවා කියන්නේ මේක එසේ මෙසේ කතාවක් වෙන්නත් බෑ. හැබැයි එහෙමයි කියලා මහා බරපතල කතාවක් නම් නෙමේ. කොටසින් කොටස හෙමිහිට ලස්සනට ගලාගෙන යන හරිම සරල කතාමාලාවක්. හැබැයි රසන්යෙ න…

IMDbහි හොඳම කතාමාලා 250 අතර වැජඹෙන තවත් එක ඉන්දියානු නියෝජනයක් වෙන පන්චායත් ගැන දැන් කවුරුත් හොඳින්ම දන්නවා. 8.8ක දැවැන්ත අගයක් ලබාගන්නවා කියන්නේ මේක එසේ මෙසේ කතාවක් වෙන්නත් බෑ. හැබැයි එහෙමයි කියලා මහා බරපතල කතාවක් නම් නෙමේ. කොටසින් කොටස හෙමිහිට ලස්සනට ගලාගෙන යන හරිම සරල කතාමාලාවක්. හැබැයි රසන්යෙ නම් කිසි අඩුවක් නැහැ. TVF අයගේ වැඩක් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා මං ආයේ අමුතුවෙන් කියන්න දෙයකුත් නෑනේ නේද? හරි කතා ඇති. මේ වෙද්දි අපි ඇවිත් ඉන්නේ 6වෙනි කොටසට. මේ වෙනකම් කතාව බලන් ආපු අය දන්නවා මේ පන්චායත් එකේ වුණු රසබර සිදුවීම් ගැන. කලින් කොටස නම් බැලුවේ පොඩි කුතුහලයක් එක්කනේ. එතකොට මේ කොටස මොන වගේ එකක් වෙයිද? බලලම දැනගන්නකෝ.
මේ වෙනකම් පන්චායත් නොබලපු කෙනෙක් ඉන්නවා නම් මේක මොනවගේ කතාවක්ද කියලා මං මතක් කරලා ඉන්නම්. අභිෂේක් ත්‍රිපාටි කියන්නේ ඉංජිනේරු උපාධිධාරියෙක්. මිනිහා හොඳ රැකියාවක් ගැන හීන මවාගෙන හිටියට මොකද කොලේජ් එකේ මිනිහගේ ලකුණු මට්ටම අඩු නිසා හම්බවුණු රැකියාව නම් එයාගේ හීන වල අහලකවත් තිබුණේ නෑ. පන්චායත් එකක එහෙමත් නැත්තම් ගම් සභාවක ලේඛම් තනතුර තමා මිනිහට ලැබුණේ. ඒකත් හද්ද පිටිසර ගමක. නොකර බැරිකමටම අභිෂේක් ඔය රස්සාවට යන්න හිත හදාගත්තා. නැතුවත් බෑනේ. ඉතින් ඔය ගමට ගොඩ බැස්ස වෙලේ ඉඳන් අභිෂේක්ට මුහුණ දෙන්න සිදුවුණේ මාරම සිදුවීම් කිහිපයකට. ඉතින් ඔය එක එක සිදුවීම අලලා තමයි මේ පන්චායත් කතා මාලාවේ කොටසින් කොටස දිග ඇරෙන්න ගන්නේ.
අද කොටසින් කිසි දෙයක් මතක් නොකරන්නේ, දාලා තියෙන නමින් පොඩි හෝ හෝඩුවාවක් ලැබෙන්න ඇති කියලා හිතාගෙනයි. තවත් ස්පොයිල් කරන්නේ මොකටද? එහෙනම් අරගෙන බලන්නලා. වෙනදා වගේම හොඳ රසයක් විඳින්න පුළුවන් වෙන බව සහතිකයි. ඊළඟ කොටසටත් උපසිරැසි අරගෙන මම එන්නම්. ජයවේවා!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
4,278 downloadsDownload PCHT-S01-E06.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සිසිත සමරතුංග
Subtitles
6 comments
Shihan
yohan
comment demme nethuwata apith balanawa hode.......thanks............
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
ANUK INDEEPA
තැන්ක්ස්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahangayantha
thanks a lot saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks bro