මාස හතරකට විතර පස්සෙ මම සබ් කරපු පළවෙනි සීරිස් එකේ දෙවෙනි සීසන් එකත් එක්ක ආයෙත් බයිස්කෝප් වෙත එන්නයි මේ සූදානම. හැබැයි ඊට කලින් සමාව ඉල්ලන්න ඕන දෙවෙනි සීසන් එක මෙච්චර කල් පරක්කු වුණාට. එක්සෑම් නිසා තමයි හුඟක්ම පරක්කු වුණේ. එක්සෑම් එක මාසෙන් මාසෙට කල් ගිය නිසා කරගන්න බැරි වුණ එක තමයි ලොකුම හේතුව. ඉත…

මාස හතරකට විතර පස්සෙ මම සබ් කරපු පළවෙනි සීරිස් එකේ දෙවෙනි සීසන් එකත් එක්ක ආයෙත් බයිස්කෝප් වෙත එන්නයි මේ සූදානම. හැබැයි ඊට කලින් සමාව ඉල්ලන්න ඕන දෙවෙනි සීසන් එක මෙච්චර කල් පරක්කු වුණාට. එක්සෑම් නිසා තමයි හුඟක්ම පරක්කු වුණේ. එක්සෑම් එක මාසෙන් මාසෙට කල් ගිය නිසා කරගන්න බැරි වුණ එක තමයි ලොකුම හේතුව. ඉතිං ඒ ගැන බයිස්කෝප් අඩවියෙනුත්, ප්‍රේක්ෂක ඔබගෙනුත් සමාව ඉල්ලන්න කැමතියි.
එහෙනම් වැඩිය අටුවා ටීකා නැතුව අද කතාවට බහිමු. 2019 වසරේදී Netflix ස්ට්‍රීමින් සර්විස් එකෙන් නිකුත් කරපු අති සාර්තකම කොමික් බේස්ඩ් සුපර්හීරෝ සීරීස්වලින් එකක් තමයි The Umbrella Academy කියන්නේ. ඡන්ද 100,000 කට අධික සංඛ්‍යාවකින් මේ වෙද්දී IMDB දර්ශකය තුළ 8.0 ක් තරම් වූ ඉහළ අගයක් මේ වෙබ් සීරීස් එකට ලැබිලා තියෙනවා. කතාවේ ඉහළ ප්‍රේක්ෂක ප්‍රසාදය නිසාම මේ වෙද්දී 3 වෙනි අධියරකටත් කතාව දීර්ඝ කොට අවසන්.
සීරීස් එකේ දෙවෙනි සීසන් එක රිලීස් වුණේ 2020 ජූලි මාසෙ 31. Netflix ලගේ වැඩිම වාර ගණනක් නැරඹූ සීසන් 10 අතරටත් දෙවෙනි සීසන් එක එන්න සමත් වුණා. මේ පාරත් කොටස් 10 ක්ම රසවිඳින්න පුලුවනි.
කලින් සීසන් එක බලපු අයට මතක ඇති ඒ සීසන් එකම පාදක වුණේ රෙජිනෝල්ඩ් හාර්ග්‍රීව්ස්ගේ මරණය ඔහු හදාගන්න ගත්ත සුපිරි බල සහිත දරුවන්ට බලපාපු විදිහ. ඊට පස්සෙ කතාවේ පදනම වුනේ හේතුවක් හරියට දන්නැති ලෝක විනාශය. අන්තිමේදි දකින්න ලැබුනනේ සීසන් එක පුරාම ඇදුණු ලෝක විනාශයට බලපෑවේ ඔවුන් අතරෙම හිටිය වන්යා කියලා. ඒ වගේම අන්තිම කොටසෙදි අපිට දකින්න ලැබුණා ඇකැඩමියේ ඉන්න හැමෝම අතරින් බලවත්ම කෙනත් වන්යා බව. කොහොම හරි වන්යාව නවත්වන්න යද්දි වුණ වැරදීමකින් විශාල ශක්ති කදම්භයක් හඳ වෙත එල වෙනවා. ඒ එල්ල වුණ කිරණෙන් හඳේ කෑල්ලක් ගැලවිලා ඇවිත් පෘථිවියේ ගැටෙන නිසා මුලු ලෝකෙම විනාශ වෙලා යනවා. හැබැයි කොහොම හරි ඇකැඩමියේ සහෝදර සහෝදරියෝ ටික කාලය හරහා ගිහින් බේරෙනවා.
ඉතිං දෙවෙනි සීසන් එක පටන් ගන්න හරියටම එතනින්. ඊට පස්සෙ වුණේ මොකද කියලා පළවෙනි එපියෙන්ම දැකගන්න පුලුවන්. එහෙනම් අද ඉඳන් කොටස් දහයක් පුරා ආයෙත් මේ ත්‍රාසය, භීතිය, කුතුහලය සමඟින් මුසු වුණු ආදරය, සිනහව, ආවේගය එක්ක සුපිරිම විදිහේ සංගීතයත් එක්ක මේ ගමන දෙවෙනි වතාවටත් යන්න මාත් එක්ක එකතු වෙන්න. එහෙනම් දෙවෙනි කොටසින් ඉක්මණටම මුණගැහෙමු.
“අපි මේ ජීවිතය තෝරගත්ත එකක් නෙවෙයි. අපි ඒකෙ ජීවත් වෙනවා පමණයි.”
– Number Five
෴෴ සුබ දවසක්…! ෴෴
Season 2 Episode 1:
“Right Back Where We Started”
අධ්‍යක්ෂණය: Sylvain White
රචනය: Steve Blackman
විකාශය කළ දිනය: ජූලි 31, 2020
ධාවන කාලය: විනාඩි 47
IMDB අගය: 8.4
Age Rating: TV-14

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,668 downloadsDownload The-Umbrella-Academy-S02-E01.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
17 comments
Anonymous
සචින්ත කල්හාර බෙනට්
Thanks for the comment, brother
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි මල්ලී...
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයසචින්ත කල්හාර බෙනට්
කොමෙන්ට් එකට ස්තූතියි, සහෝ.
අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න.
Anonymous
Thanks
සචින්ත කල්හාර බෙනට්
Thanks for the comment
ayan
ගොඩ කාලෙකට පස්සෙ හරි මග නොහැර සබ් එක ගෙනාපු එක ගැන සතුටුයි....හැකිනම් chilling adventure of sabrina සීරිස් එකේ finale season එකට සබ් දෙන්න බලනවද ..ස්තුතියි සහෝ
සචින්ත කල්හාර බෙනට්
එක්සෑම් නිසා තමා හුඟක්ම පරක්කු වුණේ. ඉවර වුණු ගමන් කරන්නම් කියලා පටන් අරන් සතියක් යන්න කලින් කෝස් එක්කට මහන්සි වෙන්න වුණා. ඊට පස්සෙ ආපු කාලෙන් තමා සබ් එක ආයෙත් කරන්න පටන් ගත්තේ. ස්තූතියි අපි ගැන විශ්වාසය තියලා අපිත් එක්ක එකතු වෙලා හිටියට. තුන්වෙනි අදියරේ ඉඳන් අනිවාරෙන් කිසිම ප්‍රමාදයක් නැතුව උපසිරැසි අරන් එන්නම්.
මේ දවස් ටිකේ වෙන සීරීස් එකක් කරන ගමන් ඉන්නෙ, සහෝ. ඒක ඉවර වුණු ගමන් continue වෙලා නැති අනිත් සීරීස් ගැන සලකලා බලන්නම්. බොහොම ස්තූතියි සහෝ comment එකට.
ayan
මොනවා කරත් ඉගෙනීම 1...සුබ පතනව සහෝ...ඉවසිල්ලක් නෑ මොකක්ද ඒ සීරිස් එක කියල...
Anuja Lakshitha
please kauruhari BLACKLIST season 6 eke sub ekath dennakoo
loku udawwak
සචින්ත කල්හාර බෙනට්
මේ ටිකේ වෙන සීරීස් එකක් කරනවා. ඒක ඉවර වුණාම සලකා බලන්නම්, සහෝ.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට මලේ
සචින්ත කල්හාර බෙනට්
Thanks for the comment bro
Anonymous
Thnx sub ekta...❤
Pluwn nm "Travellers" season 2 ,3 sub dennako...Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
¢Gg
<¢
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thanks brother