පන්චායත් කියන්නේ මොනවගේ කතාවක්ද කියලා මේ වෙනකම් බලාගෙන ආපු අය දන්නවා. නම දැක්ක පලියට මේක නිකම්ම නිකම් වෙබ් කතාමාලාවක් කියලා බැහැර කරන්න හදන අයට කියන්න තියෙන්නේ 8.8ක IMDb අගයක් දිනපු, හොඳම ටීවී කතාමාලාවන් 250 අතර මේ මොහොත වෙද්දි 172වෙනි තැන රැකගෙන ඉන්න, විශේෂයෙන්ම TVF නිෂ්පාදනයක් වෙච්ච මේ කතාමාලාවට…

පන්චායත් කියන්නේ මොනවගේ කතාවක්ද කියලා මේ වෙනකම් බලාගෙන ආපු අය දන්නවා. නම දැක්ක පලියට මේක නිකම්ම නිකම් වෙබ් කතාමාලාවක් කියලා බැහැර කරන්න හදන අයට කියන්න තියෙන්නේ 8.8ක IMDb අගයක් දිනපු, හොඳම ටීවී කතාමාලාවන් 250 අතර මේ මොහොත වෙද්දි 172වෙනි තැන රැකගෙන ඉන්න, විශේෂයෙන්ම TVF නිෂ්පාදනයක් වෙච්ච මේ කතාමාලාවට එහෙම අපහාසයක් කරන්න හිතන්නවත් එපා කියලයි. මොකද කිව්වොත් TVF කියන්නේ සංකල්ප අතින් ඉතාමත්ම ඉතාමත්ම පොහොසත් උදවිය. එහෙමත් සංකල්ප වලින් ගොඩනැගුනු කතාවක් බලන්න ලැබෙනවා කියන්නේ එක අතකට වාසනාවක්. මහ ලොකු ලොකු කතා නෙමේ, එදිනෙදා අපිට සිද්ධ වෙන අපේම සිදුවීම් තමා මෙයාලා තමන්ගේ සංකල්ප වලින් හාස්‍ය රසයත් පදමට කලවම් කරලා, මෙහෙම එලියට දාන්නේ. එහෙමත් සරල සංසිද්ධි වෙලත් ඉන්දියාව ජාත්‍යන්තරය වෙත අරන් යන්න, ජාත්‍යන්තරයේ ලොකු ලොකු කතාමාලා අස්සේ වැජඹෙන්න එයාලගේ මේ පුංචි වෙබ් කතාමාලා ගොඩකට හැකියාව ලැබිලා තියෙනවා. පන්චායත් කියන්නේ ඒ වගේ මැණික් කැට වලින් එකක්. ඉතින් මේ වෙද්දි බලන්න අදහසක් වගේ ආව නම් එන්න මේ පැත්තට. කිසිම තහංචියක් නැහැ. මේ ඇවිල්ලා පන්චායත් කතාමාලාවේ පස්වෙනි කොටස.
කොටසින් කොටසට වෙනස් වෙච්ච සිදුවීම් තමා මේ පන්චායත් හරහා අපිට රහවිඳින්න ලැබෙන්නේ. පලවෙනි කොටසේ ඉඳන් බලපු අය දන්නවා වෙච්ච කතන්දරේ. ඉංජිනේරු උපාධිධාරියෙක් වුණු අභිෂේක් ත්‍රිපාටි ලොකු ලොකු හීන මවාගෙන හිටියට මිනිහට හම්බවුණේ හීන මවපු රස්සාව නම් නෙමේ. ගම්සභා කාර්යාලයක ලේකම් තනතුරක් තමා හම්බවුණේ. මිනිහා මේ ගැන හොඳටම කලකිරිලා හිටියේ. රස්සාවට යන්න කලින් තිබ්බ කලකිරීමට රස්සාවට ගියාට පස්සේ මොකද වුණේ කියලා අමුතුවෙන් මතක් කරන්න ඕන නැහැනේ. කොහොමහරි අභිෂේක්ගේ යාළුවා ප්‍රතීක්, මෙයාට අලුත් බලාපොරොත්තුවක් දෙනවා. ඒ බලාපොරොත්තුව හින්දා මිනිහා ටිකක් සන්තෝසෙන් හිටියට ඒකටත් හෙනහුරා පාත්වුනානේ. ඉතින් ගම්සභා කාර්යාලයක ලේකම් තනතුර දරන ගමන්, ගමේ උන්දැලයි එයාලගේ අදහසුයි එක්ක හරි හරියට ඔට්ටු වෙන ගමන්, හොඳවයින් ලොකු විභාගෙකුත් කරපිට දාගෙන මහ රෑට අල්ලන ලොකු සුමේ ගැනත් මේ දක්වා අපි බලාගෙන බලාගෙන ආවේ රහ කර කර නොවැ. අද මේ කොටසින් ඔය රසය තවත් වැඩි කරන්න අගේට වගබලාගෙන තියෙනවා. අද කට්ටියට මූණ දෙන්න වෙන්නේ හෙනම ලොකු ප්‍රශ්නෙකට. ගම්සභා කාර්යාලෙ හොරකමක්!. ඉතින් ඔය හොරකම තමා අද අපේ කතාවේ ප්‍රධාන සිදුවීම කියලා මතක් කරන ගමන්, කතාවේ තව දේවල් එලි කරන මහා අපරාධෙට මුල පුරන්නේ නැතුවම මං මෙහෙමම චුත වෙනවා. ජයවේවා!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
4,337 downloadsDownload PCHT-S01-E05.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
10 comments
Shihan
Pasindu Madumal
සබට තුති ඈ ✌️
Asel
marama lassanai .ane godak thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
LASITHA SENASUM HETTIGE
thnks sahoo ! niyemeta sub krala
ANUK INDEEPA
තෑන්ක්ස් සහෝ
කවිඳු ජයවර්ධන
වැඩිය ඉන්දියන් බලන් නැති උනත් අයියගෙ මහන්සියට ගොඩක් ස්තූතියි.දිගටම සබ් දෙමු..ජය...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sahangayantha
thanks a lot saho sub ekata
Advertisement



Thanks Bro