ඇමසෝන් ප්‍රයිම් එකෙන් කතාමාලාවක් එලියට දැම්මා කිව්වම කොහොමත් බලන්න හිතෙනවනේ. හැබැයි ඒත් එක්කම ඒකට TVF සම්බන්ධයකුත් තියෙනවයි කිව්වම..?කොහොමට තියේවිද? අන්න ඒ හින්දමයි පන්චායත් කියන මේ කතාමාලාව 8.8ක දැවැන්ත IMDb අගයකුත් වාර්තා කරගෙන ලොව හොඳම කතාමාලා 250 අතර ස්ථීරවම තැනක් අත් කරගෙන ඉන්නේ. මේ වගේ අත්දැක…

ඇමසෝන් ප්‍රයිම් එකෙන් කතාමාලාවක් එලියට දැම්මා කිව්වම කොහොමත් බලන්න හිතෙනවනේ. හැබැයි ඒත් එක්කම ඒකට TVF සම්බන්ධයකුත් තියෙනවයි කිව්වම..?කොහොමට තියේවිද? අන්න ඒ හින්දමයි පන්චායත් කියන මේ කතාමාලාව 8.8ක දැවැන්ත IMDb අගයකුත් වාර්තා කරගෙන ලොව හොඳම කතාමාලා 250 අතර ස්ථීරවම තැනක් අත් කරගෙන ඉන්නේ. මේ වගේ අත්දැකීමක් මග ඇරගන්න ඕන නෑ නේද? එහෙනම් මේ වෙද්දීත් බැලුවේ නැති අය අනිවාර්යෙන් එකතු වෙන්න. ලොකු ලොකු දේවල් කරන්න නෑ, බලන ගමන්ම හොඳට ඇඟටම දිරවන රසම රස කතාමාලාවක් තමා පන්චායත් කියන්නේ.

කලින් කොටසින් පොඩි ක්‍රියාදාම අත්දැකීමක් ගන්න ඇතිනේ නේද? 😀 ලේකම්තුමා ෆොටෝ එකක් ගන්න ස්ටුඩියෝ එකට ගිහින් ආවේ හොඳ වලියකුත් කර පිටට දාගෙන නොවැ. ඊට පස්සේ වෙච්ච දේවල් කියන්න ගිහින් නොබලපු අයට අසාධාරණයක් කරන්න ඕන නැහැනේ නේද? ඔය අතරේ අද කොටසේ මොන වගේ දෙයක්ද ඇත්තේ කියලා හිතනවා ඇති. අද කොටසෙදිත් ලේකම්තුමා හොඳ මරාලයක් කර පිටට දාගන්නවා. ඔක්කොටමත් එහා එයාගේ විභාගෙට තව තියෙන්නේ සති දෙකයි. ඉතින් මේ කොටසත් බලලා ඉමු ලේකම්තුමාට මොකක්ද සිද්ධ වෙන්නේ කියලා. මේ තියෙන්නේ හත්වෙනි කොටස, ඒ කියන්නේ අන්තිම කොටසට කලින් කොටස.

මේ වෙනකම් පන්චායත් එක්ක එකතු වුණේ නැති, බලන්න ආස කෙනෙක් ඉන්නවා නම් කතාව මොන වගේද කියලා පොඩ්ඩක් කියලා යන්නම්. අභිෂේක් ත්‍රිපාටි කියන්නේ ඉංජිනේරු උපාධිධාරියෙක්. ලොකු රස්සාවකට යන්න හිතන් හිටියට එයාගේ ලකුණු මට්ටම සෑහීමකට පත් වෙන්න තරම් නොතිබුණු නිසා ලැබුණේ ගම්සභා කාර්යාලයක ලේකම් තනතුරක්. ඒකත් හෙනම දුර පිටිසර ගමක. මිනිහට හොඳටම එපා වෙලා තිබ්බේ. ඒත් කරන්න දෙයක් නැති තැන මිනිහා ඔය රස්සාව කරන්න හිතාගන්නවා. ඉතින් ඔය ගමට අඩිය තිබ්බ වෙලේ පුදුම අලකලංචි තොගයක් තමා අභිෂේක්ට වෙන්නේ. ඔය හැමදේම බලන්න පුළුවන් පන්චායත් කතාමාලාව නැරඹුවොත්. කොටස් 8ක් පුරාවට හොඳ රසවත් අත්දැකීමක් අරන් දෙනවා සැකයක් නෑ. එහෙනම් මේ කතාමාලාවේ අවසන් කොටසත් එක්ක ආයෙත් හම්බවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්. කාටත් ජයවේවා..!!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

3,877 downloadsDownload PCHT-S01-E07.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සිසිත සමරතුංග

Subtitles

3,877 downloadsDownload Subtitles20 KB

5 comments

  1. yohan

    thanks....bro...

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. ANUK INDEEPA

    thanks

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. sahangayantha

    thanks a lot saho sub ekata