IMDbහි හොඳම කතාමාලා 250 අතර වැජඹෙන තවත් එක ඉන්දියානු නියෝජනයක් වෙන පන්චායත් ගැන දැන් කවුරුත් හොඳින්ම දන්නවා. 8.8ක දැවැන්ත අගයක් ලබාගන්නවා කියන්නේ මේක එසේ මෙසේ කතාවක් වෙන්නත් බෑ. හැබැයි එහෙමයි කියලා මහා බරපතල කතාවක් නම් නෙමේ. කොටසින් කොටස හෙමිහිට ලස්සනට ගලාගෙන යන හරිම සරල කතාමාලාවක්. හැබැයි රසන්යෙ න…

IMDbහි හොඳම කතාමාලා 250 අතර වැජඹෙන තවත් එක ඉන්දියානු නියෝජනයක් වෙන පන්චායත් ගැන දැන් කවුරුත් හොඳින්ම දන්නවා. 8.8ක දැවැන්ත අගයක් ලබාගන්නවා කියන්නේ මේක එසේ මෙසේ කතාවක් වෙන්නත් බෑ. හැබැයි එහෙමයි කියලා මහා බරපතල කතාවක් නම් නෙමේ. කොටසින් කොටස හෙමිහිට ලස්සනට ගලාගෙන යන හරිම සරල කතාමාලාවක්. හැබැයි රසන්යෙ නම් කිසි අඩුවක් නැහැ. TVF අයගේ වැඩක් කියන්නේ මොන වගේ දෙයක්ද කියලා මං ආයේ අමුතුවෙන් කියන්න දෙයකුත් නෑනේ නේද? හරි කතා ඇති. මේ වෙද්දි අපි ඇවිත් ඉන්නේ 6වෙනි කොටසට. මේ වෙනකම් කතාව බලන් ආපු අය දන්නවා මේ පන්චායත් එකේ වුණු රසබර සිදුවීම් ගැන. කලින් කොටස නම් බැලුවේ පොඩි කුතුහලයක් එක්කනේ. එතකොට මේ කොටස මොන වගේ එකක් වෙයිද? බලලම දැනගන්නකෝ.

මේ වෙනකම් පන්චායත් නොබලපු කෙනෙක් ඉන්නවා නම් මේක මොනවගේ කතාවක්ද කියලා මං මතක් කරලා ඉන්නම්. අභිෂේක් ත්‍රිපාටි කියන්නේ ඉංජිනේරු උපාධිධාරියෙක්. මිනිහා හොඳ රැකියාවක් ගැන හීන මවාගෙන හිටියට මොකද කොලේජ් එකේ මිනිහගේ ලකුණු මට්ටම අඩු නිසා හම්බවුණු රැකියාව නම් එයාගේ හීන වල අහලකවත් තිබුණේ නෑ. පන්චායත් එකක එහෙමත් නැත්තම් ගම් සභාවක ලේඛම් තනතුර තමා මිනිහට ලැබුණේ. ඒකත් හද්ද පිටිසර ගමක. නොකර බැරිකමටම අභිෂේක් ඔය රස්සාවට යන්න හිත හදාගත්තා. නැතුවත් බෑනේ. ඉතින් ඔය ගමට ගොඩ බැස්ස වෙලේ ඉඳන් අභිෂේක්ට මුහුණ දෙන්න සිදුවුණේ මාරම සිදුවීම් කිහිපයකට. ඉතින් ඔය එක එක සිදුවීම අලලා තමයි මේ පන්චායත් කතා මාලාවේ කොටසින් කොටස දිග ඇරෙන්න ගන්නේ.

අද කොටසින් කිසි දෙයක් මතක් නොකරන්නේ, දාලා තියෙන නමින් පොඩි හෝ හෝඩුවාවක් ලැබෙන්න ඇති කියලා හිතාගෙනයි. තවත් ස්පොයිල් කරන්නේ මොකටද? එහෙනම් අරගෙන බලන්නලා. වෙනදා වගේම හොඳ රසයක් විඳින්න පුළුවන් වෙන බව සහතිකයි. ඊළඟ කොටසටත් උපසිරැසි අරගෙන මම එන්නම්. ජයවේවා!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

4,278 downloadsDownload PCHT-S01-E06.zip18 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිසිත සමරතුංග (සිසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013/06/07
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

4,278 downloadsDownload Subtitles18 KB

6 comments

  1. Shihan

    Thanks bro

  2. yohan

    comment demme nethuwata apith balanawa hode.......thanks............

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. ANUK INDEEPA

    තැන්ක්ස්

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. sahangayantha

    thanks a lot saho sub ekata

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.