ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් අරගෙන ආවා. කට්ටිය දකින්න ඇතිනේ ඉතිං හිතුවෙවත් නැති දෙයක් තමයි වෙලා තිබ්බේ. කතාව ස්අංකීර්න නිසා අද ලිපියෙන් වුණ දේවල් ටිකක් සරලව පැහැදිලි කරලා දෙන්නම්. ඒ නිසා පොඩ්ඩක් කියවලා ගැට ටික ලෙහා ගෙනම අද කොටස බලමු.🤗 කටිටිය එක එක දවස්වල පළවෙනි සීසන් එකේ දහ වෙනි කොටස නැත්තම් සීසන් ෆයි…

ඔන්න එහෙනම් දෙවෙනි කොටසත් අරගෙන ආවා. කට්ටිය දකින්න ඇතිනේ ඉතිං හිතුවෙවත් නැති දෙයක් තමයි වෙලා තිබ්බේ. කතාව ස්අංකීර්න නිසා අද ලිපියෙන් වුණ දේවල් ටිකක් සරලව පැහැදිලි කරලා දෙන්නම්. ඒ නිසා පොඩ්ඩක් කියවලා ගැට ටික ලෙහා ගෙනම අද කොටස බලමු.🤗
කටිටිය එක එක දවස්වල

පළවෙනි සීසන් එකේ දහ වෙනි කොටස නැත්තම් සීසන් ෆයිනල් එකේ අන්තිමට අපි දැක්කනේ ලෝක විනාශයෙන් බේරෙන්න ෆයිව් අනිත් කට්ටියත් එකතු කරන් ටයිම් ජම්ප් (කාලය හරහා ගමන් කිරීම/ පැනීම) කරනවා. අන්තීමේට පෙන්නුවේ කට්ටිය පොඩි ළමයි වෙනවා. හැබැයි වෙලා තියෙන්නේ වෙනම වැරැද්දක් කියලා තමා කලින් කොටසින් පෙනුනේ. කට්ටියම එකම දවසෙ එකම තැනට වැටෙනවා වෙනුවට එක් එක දවස්වල එකම තැනට වැටුන එක තමයි වුණේ. හැමෝම වැටෙන්නේ ’60 දශකයේ ඩෙලස්වල වීදි කොණකට. හැබැයි වැටෙන දවස වෙනස් වෙන්නේ.
ක්ල්වුස්- 1960
මුලින්ම වැටෙන්නේ ක්ලවුස්. කට්ටිය නැතුව බය වෙලා හොයද්දී එයා දකිනවා තමන් අතීතයේ දවසක ඉන්නෙ කියලා. කොහොම හරි කාලය ගත වෙලා ක්ලවුස් දැන් වෙනමම ආගමක් වගේ දෙයක් පටන් අරන්. ක්ලවුස්ගේ ඒ කරපු කූඨ වැඩේ කොහොමද වුණේ කියලා 3 වෙනි කොටසින් බලාගන්න පුලුවන්.
ඇලිසන්- 1961
ඇලිසන් මෙලෝ දෙයක් දන් නැතුව ආපන ශාලාවකට දුවන් යනවා. මෙතන දකින්න ලැබෙන විශේෂම දේ තමා ඒ ආපන ශාලාවේ “සුදු ජාතිකයින්ට පමණයි” කියලා පුවරුවක් ගහලා තියෙනවා. මේකෙන් පෙන්වන්නේ ’60 දශකයේ ඇමරිකාවේ මුල් බැහැගත් වර්ණ බේදය. කතාව මේ වර්ණ භේදය කියන තේමාව එක්ක ඉදිරියට ඇදිලා යන බවට ඉඟියක් තමා ඒ ලැබුණේ. කොහොම හරි ඇලිසන් මේ වෙද්දී රේ චෙස්නට් කියන පුද්ගලයා එක්ක සතුටින් යුග දිවියක් ගෙවන බව තමා පේන්නේ.
ලූතර්- 1962
ලූතර්ටත් අනිත් අයට වුණු සෙතේම තමා වෙලා තියෙන්නේ. හැබැයි වුණු දේවල් අමතක කරල ජීවිතය ඉස්සරහට අරන් යන බව ඊයෙ කොටසේ අන්තිමේදි දකින්න ඇතිනේ. මේ වෙද්දී ලූතර් ජැක් රූබි කියන සමාජ ශාලා අයිතිකරු යටතේ ආරක්ෂකයෙක් විදිහට වැඩ කරනවා.
දියේගෝ- 1963
දියේගෝට තමා මරුම වැඩේ වෙලා තියෙන්නේ. කොල්ලා ආපු ගමන් දකිනවා කෙනඩිව. වෙලා තියෙන දේ තේරුණාට පස්සේ දියේගෝ කෙනඩි ජනාධිපතිව බේරගන්න හෙන ගේමක් ගහලා තියෙන බව පේනවා. කොහොම හරි සැලැස්ම වැරදිලා දියේගොට නවතින්න වෙන්නේ උමතු පුද්ගලයින්ට ප්‍රතිකාර කරන තැනක.
වන්යා- 1963
වන්යාට මේ වෙද්දී මතකය නැති වෙලා සමාන්‍ය පවුලක් එක්ක ජීවිතේ ගෙවනවා. වන්යාගේ බලයන් නැතිවෙලාද කියන ප්‍රශ්නේ ඔයාලට එනන් ඇතිනේ. කොහොම හරි වන්යා තමන් කවුද කියලා හොයමින් ඉන්නේ.
ෆයිව්- 1963 (ලෝක විනාශයට දවසේ/ හේසල් විසින් බේරගත් පසු ලෝක විනාශයට දින 10 කට පෙර)
ෆයිව් වැටෙන දවස විශේඅයි.ඒ දවසේ හරියටම න්‍යෂ්ටිකවිනාශයක් වෙන බව පෙනුනේ. කොහොම හරි එක පාරම හේසල් ඇවිල්ලා ෆයිව්ව බේරගන්නවා. ෆයිව් දැන් බැහැලම ඇකඩමියේ අනිත් අයව හොයන වැඩේ පටන් ගන තමා හදන්නේ.
තවත් ලෝක විනාශයක්

1963 නොවැම්බර් 25, හරියටම ෆයිව් කාලය හරහා ගමන් කරලා වැටුණු දවසේ ලෝක විනාශයක් වෙනවා. මේක න්‍යෂ්ටික විනාශයක්.ෆයිව් කියන විදිහට මේක එයාලත් එක්ක ආපු එකක්. කොහොම හරි හේසල් මතු වෙලා ෆයිව්ව බේරගන්න ආපහු දවස් දහයක් පස්සට, නැත්තන් නොවැම්බර් 15 ස් වෙනිදට කාලය හරහා අතීතයට යනවා. ඊට පස්සේ කියනවා කොහොම හරි මේ විනාශය නවත්තන්න කියලා. ඔයාලට මතක මෙතනදී ඇති හේසල් ෆයිව්ගේ සාක්කුවට මොනවා හරි දෙයක් දානවා. ඒ මොකද්ද කියලා අද කොටසින් බලාගන්න පුලුවන්. කොහොම හරි මෙතනදී එක පාරම කොමිෂන් එකේ කුළී ඝාතකයෝ තුන් දෙනෙක් මතු වෙලා මෙයාලට වෙඩි තියනවා. මෙතනදී ෆයිව්ව බේරන්න ගිහින් හේසල් මැරුම් කනවා. ඔන්න ඔය විදිහට හතුරෙක් විදිහට මතු වුණු චරිතයක් වීරයෙක් විදිහට සමුගත්තා.
මේ ලෝක විනාශයේදී අපිට දකින්න ලැබුණු විශේෂම දේ තමයි අම්බ්‍රෙල්ලා ඇකැඩමි එකේ හැමෝම විනාශයට එරෙහිව සටන් කරනවා. මෙතනදී හැමෝම හුඟක් බලවත් වෙලා.හැමෝම තමගේ බලයන් උපරිමයෙන්ම පාවිච්චි කරනවා දකින්න ඇතිනේ. ඔය සිද්දිය කතාව ගලා යද්දි දකින්න පුලුවන් වේවි.

පහත තියෙන දේවල් නම් ටිකක් ඉතිහසය දැනුම වගේ.😀හැබැයි මේ දේවල් කතාවට බලපාන නිසා ලියන්න හිතුවේ.
ජනාධිපති කෙනඩි ඝාතනය

ජනපති කෙනඩි

වෙඩි තැබීමට පෙර තම නිළ රථයේ ගමන් කරන ජනපති, ජනපති ආර්යාව, ටෙක්සාශි ආණ්ඩුකරු හා ඔහුගේ බිරිඳ
ඇමරිකා එක්සත් ජනපදයේ 35 වෙනි ජනාධිපති තමයි ජෝන් F. කෙනඩි කියන්නේ. මෙතුමා 1963 නොවැම්බර් 23 වෙනිදා තමගේ නිල රථයෙන් තමන්ගේ බිරිඳ, ටෙක්සාස් ආණ්ඩුකාර ජෝන් කොනලි සහ කොනලිගේ බිරිඳ එක්ක ඩැලස්වල සංචාරය කරනවා. මේ වෙද්දි මෙතනට එන මැරීන් ලී හාර්වි ඔස්වෝල්ඩ් හරියටම දවස් 12.30 ට ඒ ආසන්නයේ තිබූ ගොඩනැගිල්ලක ඉඳන් ජනාධිපති ඇතුලු රථයේ සිටි පිරිසට වෙඩි තියනවා. ඔන්න ඔය සිදු වීම තමයි කෙනඩි ඝාතනය කියන්නේ. වෙඩි තැබීමෙන් මිනිත්තු 70 වකට පස්සේ ඔස්වෝල්ඩ්ව පොලීසියෙන් අත් අඩංගුවට අරගන්නවා. ඒකෙන් හෙලිවෙන්නේ ඔහු වෙඩි තැබීමට 6.5x52mm ඉතෑලියන් කර්කකෝ M91/38 ඇක්ෂන් රයිෆලයක් භාවිත කරලා තිබෙන බවයි. 1963 නොවැම්බර් 24 වෙනිදා උදෑසන 11.23 ට ඔස්වෝල්ඩ්ව උසාවිය වෙත රැගෙන යාමේදී මෙකල සිටි සමාජශාලා අයිති කරුවෙකු වූ ජැක් රූබි විසින් වෙඩි තබලා ඔහුව ඝාතනය කරනවා.
එහෙනම් අද කොටස නරඹන්න ඔයාලට දැන් පුලුවන්. අද කොටස ඊයෙ සිදුවීමෙක්ක කෙලින්ම සම්බන්ද වෙනවා. ඒ වගේම පරණ චරිත තුනක්ම අද ආයේ ඔයාලට දැකගන්න පුලුවන්. ඒ කවුද කියලා ඔයාලම බලාගන්නකෝ. ආහ් ඒ වගේම බලාගන්නකෝ කවුද මේ ආධුනිකයා කියලත්. එහෙනම් තුන්වෙනි කොටසින් ඉක්මණින්ම හමු වෙමු.
෴෴ සුබ දවසක්…! ෴෴
Season 2 Episode 2:
“The Frankel Footage”
අධ්‍යක්ෂණයක්: Sthephen Surjik
රචනය: Steve Blackman
විකාශය කළ දිනය: ජූලි 31, 2020
ධාවන කාලය: විනාඩි 48
IMDB අගය: 8.2
Age Rating: TV-14

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
5,222 downloadsDownload The-Umbrella-Academy-S02-E02.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින්ත කල්හාර බෙනට්
Subtitles
9 comments
Supun Kaushalya
සචින්ත කල්හාර බෙනට්
Thanks for the comment bro
Anonymous
Palm springs 2020 movie ekt sub dennako imdp 7.4
සචින්ත කල්හාර බෙනට්
සලකා බලන්නම් සහෝ
ayan
ස්තුතියි සහෝ..සබ් එකට..
Anonymous
Thanks
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Sub ekata thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



තෑන්ක්ස් සබ් එකට මලයො