පසුගිය කොටස ගැන කියනවා නම්, දේ වුන්ග්ට ටෙස්ට් එකට ඉන්න බැරි වුනානේ. ඇත්තටම ඒක සිද්ධ වුනේ හේ ඉන් අක්කා හින්දා. අක්කට ඇඳුමක් ගන්න ගියපු නිසා ඔහුට හරි වෙලාවට ටෙස්ට් එකට යන්න බැරි වෙනවනේ. ඒත් ඉතින් අන්තිමේදී ඒක යන්නෙත් මී හෝ ගේ පිටින්. ඒ නිසා දේ වුන්ග් තීරණය කලානේ මී හෝ ව නැවේ අතරමං කරලා එන්න ඕන […]

පසුගිය කොටස ගැන කියනවා නම්, දේ වුන්ග්ට ටෙස්ට් එකට ඉන්න බැරි වුනානේ. ඇත්තටම ඒක සිද්ධ වුනේ හේ ඉන් අක්කා හින්දා. අක්කට ඇඳුමක් ගන්න ගියපු නිසා ඔහුට හරි වෙලාවට ටෙස්ට් එකට යන්න බැරි වෙනවනේ. ඒත් ඉතින් අන්තිමේදී ඒක යන්නෙත් මී හෝ ගේ පිටින්. ඒ නිසා දේ වුන්ග් තීරණය කලානේ මී හෝ ව නැවේ අතරමං කරලා එන්න ඕන කියලා. මී හෝ ත් දැනගත්තානේ දේ වුන්ග් තමන්ව දාලා පැනලා යනවා කියලා, ඉතින් මී හෝ ට ඒ ගැන දුක හිතිලා අඬනකොට වහින්න පටන් ගත්තනේ. ඒ වෙලාවේ දේ වුන්ග්ට මතක් වුනා මී හෝ අඬන නිසා තමයි වහින්නෙ කියලා, නේද. ඔන්න ඉතින් පලවෙනි වතාවට දේ වුන්ග්ට මී හෝ ගැන දුකක් ඇති වෙන්න පටන් ගත්තා.
ඉතින් 4 වෙනි කොටසේදී මොකද වෙන්නෙ කියලා බලමු.
දේ වුන්ග්ට මතක් වෙනවා මී හෝ ට පොරොන්දුවක් වුනා නේද කියලා, ඉතින් දේ වුන්ග් ආපහු මී හෝ ව බේරගන්න යනවා. මේ අතරේදී මී හෝ ට මාර වැඩක් තමයි වෙලා තියෙන්නෙ, එයාගේ ජීවයත් නැති නිසා ඇය වෙනස්වීමට ලක්වෙලා. ඉතින් ඒ නිසා මී හෝ ව බේරගන්න යන දේ වුන්ග්ට මොනා වෙයිද, සීයා දැන් මී හෝ ගැන පැහැදිලා ඉන්න නිසා ඔහු මින් සෝක් නැන්දට කියනවා දේ වුන්ග්ව ගිහින් බලලා එන්න කියලා. ‘ඉබ්බා දියේ දැම්මම ඇන්නෑවේ’ කියනවා වගේ නැන්දටත් ඉතින් මරු චාන්ස් එක ඇක්ෂන් පාසලට යන්න හම්බවෙන එක. මේ අතරේදී අධ්‍යක්ෂතුමා එයාගේ රියල් ඇක්ෂන්ව හොයන්න හිතාගෙන රෑ වෙලා ඇවිදින්න යනවා. එතකොට ඔහුට හරිම අකරතැබ්බයකට තමා මුහුණ පාන්න වෙන්නෙ. ඒ වෙලාවේදී අධ්‍යක්ෂතුමාගේ පිහිටට එන්නෙ දේ වුන්ග්. මේ නිසා ඔහුට තව අවස්ථාවක් දෙන්න ඕනේ කියලා අධ්‍යක්ෂතුමා තීරණය කරනවා.
ඒ වගේම දැන් මී හෝ ගැන දේ වුන්ග් ටික ටික සැලකිලිමත් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා ඇත්ත මනුස්සයෙක් වගේ දත් මැදලා, මුණ හෝදලා පිරිසිදුව ඉන්නෙ කොහොමද කියලා දේ වුන්ග්, මී හෝ ට කියලා දෙනවා. ඒත් ඉතින් මී හෝ කියන්නෙ නරියෙක් නිසා දේ වුන්ග්ට ඒ වැඩේ ටිකක් අමාරුත් වෙනවා. මේ අතරේදී පක් දොන්ග් ජු, මී හෝ ව හොයාගෙන එනවා. ඔහුට අවශ්‍යතාවය තියෙන්නෙ මී හෝ ව නැවත පන්සලට යවන්න වුනත් මී හෝ ඒක ගැන දන්නෙ නෑනෙ. ඉතින් ඔන්න එහෙනම් තවත් කියන්න ඕනේ නෑ, 4 වෙනි කොටස බලලම ඉන්නකෝ.
නැවත 5 වෙනි කොටසත් එක්ක මුණගැහෙමු…!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත සඳහා අදාළ වේ.
3,511 downloadsDownload MGIAG-S01E04.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචිනි සඳරේඛා අල්ගම” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2015-07-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචිනි සඳරේඛා අල්ගම
Subtitles
1 comment
Tharidu Sagara
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!