සුභ දවසක් වේවා ඔයාල හැමෝටම ඇමසන් ප්‍රයිම් ඔස්සේ නිකුත් වුන මිර්සාපූර් කතා මාලාවේ දෙවෙනි අදියරේ තුන්වෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ. මේ කතා මාලාවේ උපසිරැසි ගැන්වීම වෙනුවෙන් මාව සම්බන්ධ කර ගත්ත මයුර හා සිසිල සොයුරන්ට මුලින්ම ස්තුති කරනවා. කැලෑ නීතියෙන් පාලනය වෙන…

සුභ දවසක් වේවා ඔයාල හැමෝටම ඇමසන් ප්‍රයිම් ඔස්සේ නිකුත් වුන මිර්සාපූර් කතා මාලාවේ දෙවෙනි අදියරේ තුන්වෙනි කතාංගය වෙනුවෙන් උපසිරැසිය අරගෙනයි මං අද බයිස්කෝප් වෙබ් අඩවියට ආවේ. මේ කතා මාලාවේ උපසිරැසි ගැන්වීම වෙනුවෙන් මාව සම්බන්ධ කර ගත්ත මයුර හා සිසිල සොයුරන්ට මුලින්ම ස්තුති කරනවා.

කැලෑ නීතියෙන් පාලනය වෙන මිර්ශාපුර් නගරයේ අද කොටසින් මොනවද වෙන්නේ කියල දැන ගන්න කලින් පහුගිය කොටසේ මොකද වුණේ කියලා මතක් කර ගමු නේද. පහුගිය කොටසේදී මුන්න වෙනුවෙන් තමාගේ පක්ෂපාතිත්වය පෙන්වන්නේ ශරද් මුන්නා ඉස්සරහ තමන්ගෙන් උදව් ඉල්ලන් ආපු යුසුෆ්ව මරලා දානවා. කලීන් භයියට ගුඩ්ඩුව භාර දීලා සන්තෝෂමක් බලාපොරොත්තුවෙන් ආපු පොලිස් කාරයාව මරල දාපු ගුඩ්ඩුයි, ඩිම්පිිිියි, ගෝලුයි, පොලිස්කාරයා එයාලා හැංගිලා හිටපු ගෙදරට ආපු වාහනෙන්ම පැනලා යනවා. ගුඩ්ඩුයි, ගෝලුයි කරන වැඩ වලට ඩිම්පිගේ කැමැත්තක් නැති හින්ද ගුඩ්ඩු ඩිම්පිව ලක්නව් වලට ඉගෙන ගන්න යවන්න තීරණය කරනවා. තමන්ගේ අම්මා තාත්ත බලන්න ගියොත් විතරක් ලක්නව් යන්න ඩිම්පි තීරණය කරපු හින්ද එයාලව මුණ ගස්සන්න ගුඩ්ඩු ආපහු මිර්ශාපුර් යනවා.

එතකොට අද කොටසෙන් බාබර්ගේ උදව්වෙන් ගුඩ්ඩු ලාලව හම්බ වෙන්න උත්සාහ කරත් ලාල, ගුඩ්ඩුව හම්බ වෙන්න අකමැති වෙනවා. ඒත් ඩිම්පි හින්දා ගුඩ්ඩුට ලාලව හම්බ වෙලා තමන්ගේ අරමුණ ගැන දන්වන්න පුළුවන් වුණත් ඒ වෙනුවට ලාල තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරනවා. ඊට පස්සේ ඩිම්පිව ලක්නව් ගිහින් දාන ගුඩ්ඩුට ලාලව තමන්ගේ පැත්තට නම්ම ගන්න පුළුවන් මාර්ගයක් පෑදෙනවා. විශේෂ දේ තමයි ත්‍රිපාති පවුලට විශේෂ දවසක් උදා වෙනවා. ඒත් විශේෂ වාසනාව ත්‍රිපාති පවුලට ගෙනාවේ කවුද කියන එක නම් බීනා ත්‍රිපාති ඇරෙන්න දෙයියොවත් දන්නේ නැතිව ඇති. මේ හැමදේම ගැන වැඩි විස්තර බලන්න අද කොටස බලලම ඉමු නේද.

මේ කතා මාලාවේ හතරවෙනි උපසිරැසියෙන් ආයේ හම්බ වෙමු. සුභ දවසක් වේවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

5,334 downloadsDownload MP-S02-E03.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රේණුකා සුභාෂිණි

Subtitles

5,334 downloadsDownload Subtitles17 KB

5 comments

  1. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ...!

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  3. Anonymous

    Thnx for sub ...❤️

  4. Anonymous

    Thanks

  5. Sahan Gayantha

    thanks a lot sis sub ekata