මිර්සාපූර් කියන්නේ එක විදිහක උන්මාදයක්. පලවෙනි කතා සමයත් එක්ක එකතු වෙලා හිටිය අයට ඒක අමුතුවෙන් කියලා දෙන්න වුවමනා නැහැ. ඒ කතා සමය ඉවර වුණු හැටියට උන්මාදයක් නොවුනා නම් තමා පුදුමේ. පහුගිය කාලේ ඇමසෝන් ප්‍රයිම් වෙතින් මොන වීඩියෝව යූටියුබ් දැම්මත්, මොන දේ ට්වීට් කරත්, මොකක් පෝස්ට් කරත් ඒ හැම එකේම ප්‍රති…

මිර්සාපූර් කියන්නේ එක විදිහක උන්මාදයක්. පලවෙනි කතා සමයත් එක්ක එකතු වෙලා හිටිය අයට ඒක අමුතුවෙන් කියලා දෙන්න වුවමනා නැහැ. ඒ කතා සමය ඉවර වුණු හැටියට උන්මාදයක් නොවුනා නම් තමා පුදුමේ. පහුගිය කාලේ ඇමසෝන් ප්‍රයිම් වෙතින් මොන වීඩියෝව යූටියුබ් දැම්මත්, මොන දේ ට්වීට් කරත්, මොකක් පෝස්ට් කරත් ඒ හැම එකේම ප්‍රතිචාර කවුළුව,”මිර්සාපූර් කවද්ද එන්නේ, මිර්සාපූර් කවද්ද දෙන්නේ” කියන ප්‍රතිචාර වලින් ආක්‍රමණය වෙලා අවහිර වෙන තරමටම රසිකයන් හමුවේ ඒ උන්මාදය බලවත් විදිහට පැතිරිලා තිබ්බා. ඉතින් ඒ රසිකයන්ගේ වෙහෙසකර උන්මාදයට පොඩි විරාමයක් තියන ගමන් ගිය සිකුරාදා නිකුත් වුණා මිර්සාපූර් දෙවන සමය. බයිස්කෝප් අපිත් සූදානම් වුණා ඉතින් පළමු සමයට වගේම දෙවැනි කතාසමයටත් සිංහල උපසිරැසි දායකත්වය දක්වන්න. විටින් විට ජාත්‍යන්තර සිනමා දර්ශකයේ, Top Rated Shows 250 අතරටත් එබිකම් කරන්න මිර්සාපූර් වාසනාවන්ත වුණත් එතන ස්ථාවර තැනක් නම් හදාගෙන නැහැ. ඒත් 40,000 ඉක්මවපු මනාප ප්‍රමාණයකින් 8.5ක අගයක් වාර්තා කරලා තියෙන බව කියන්නම ඕන.
මේ අරන් එන්නේ දෙවැනි කතාසමයේ 6 වන කොටස. පහුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමු. ගෝලු රොබින් එක්ක උත්සහ කරන්නේ අලුත් ව්‍යාපාරෙට හොඳ බෙදාහරින්නෙක් හොයාගන්න. අසාර්ථක උත්සහයන් කීපයකට පස්සේ, ත්‍යාගි කියලා කෙනෙක් ගැන ගෝලුට ආරංචි වෙනවා. ඔය අතරේ පිනක් කියලා දෙයක් තිබ්බ හින්දා ගුඩ්ඩුගෙන් බේරිලා ආපු මුන්නා අප්පච්චිගෙන් හොඳ හැටි අහගෙන ළඟදී තියෙන්න යන ඡන්දේ වෙනුවෙන් තියෙන රැලි වලට අකමැත්තෙන් හරි සම්මාදම් වෙන්න කැමති වෙනවා. ඒකත් මහ ඇමතිගේ දුව සම්බන්ධෙයන් තාත්තා දාපු කොන්දේසි වලින් කන් පුරවගෙන. ඒ කොන්දේසි ගඟට කපපු ඉනි වගේ වෙච්ච හැටි දැක්කනේ. ඔය අතරේ බීනා යනවා එයාගේ අම්මලගේ දිහා. ගිහිල්ලත් නිකන් හිටියේ නෑ, එයාගේ වැඩ ටික අරඹන්න ගත්තා. ගෝලුයි ගුඩ්ඩුයි එක්ක මොකක්දෝ සැලැස්මක්. ත්‍රිපාටිලා අරහේ ඡන්දෙත් එක්ක ඔට්ටු වෙද්දී බීනා අඟේ ඉඳන් ගානට කන කන්නයි වගේ යන්නේ. ඔය අතරේ ගුඩ්ඩුගේ අතකොලුවක් වෙච්චි බාබර්ට මොකක්ද වුණේ කියලත් හිතේ කුකුසක් ඇති. අද බලාගත්තහැකි එහෙනම්.
ඊළඟ කොටසින් හමුවෙමු.

![]()
![]()
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
7,228 downloadsDownload MP-S02-E06.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
5 comments
Supun Preemal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thnx for sub ...❤️
Anonymous
Thanks
Sahan Gayantha
thanks a lot Mayura saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!