සුභ දවසක් වේවා රසික රසිකාවියනි, ඔන්න මේ අරගෙන එන්නේ මෙමරීස් ඔෆ් ද අල්හම්බ්‍රා කතාමාලාවේ තුන් වන කතාංගයයි. අද කතාංගය නම් හරිම කුතුහලයෙන් බලන්න පුළුවන්. ඒකට විශේෂ හේතුවක් තියනවා. ඒක නම් කියන්න යන්නේ නෑ මොකද ඒක කතා රසයට හානියක් නිසා. එහෙනම් කලින් කතාංගය පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකෝ. සේ ජූ ගේ ආගමනය බලාපොරො…

සුභ දවසක් වේවා රසික රසිකාවියනි,
ඔන්න මේ අරගෙන එන්නේ මෙමරීස් ඔෆ් ද අල්හම්බ්‍රා කතාමාලාවේ තුන් වන කතාංගයයි. අද කතාංගය නම් හරිම කුතුහලයෙන් බලන්න පුළුවන්. ඒකට විශේෂ හේතුවක් තියනවා. ඒක නම් කියන්න යන්නේ නෑ මොකද ඒක කතා රසයට හානියක් නිසා. එහෙනම් කලින් කතාංගය පොඩ්ඩක් මතක් කරගෙන ඉමුකෝ.
සේ ජූ ගේ ආගමනය බලාපොරොත්තුවෙන් ජින් වූ ග්‍රැනඩා ස්ටේශන් එකට ගියත් සේ ජූ ග්‍රැනඩා දුම්රියේ ආවේ නෑ. මේක ජින් වූ ට උභතෝකෝටිකයක් වුණත් සේ ජූ ගේ පවුලේ උදවිය ඒ ගැන වැඩිය තැකීමක් කරන්නේ නෑ. ඒ සේ ජූ ගේ හැටි කියලයි එයාලා කියන්නේ. ඒත් එදා රෑ බාසිලෝනා වලදි ජින් වූ ට සේ ජු කතා කරපු කලබලකාරී ගතියත් එක්ක ජින් වූ දන්නවා මේක වෙනදා සිදු වන විදියේ කොළුකමක් නොවෙන බව. ඒත් ඒ ගැන කොහොම නම් පවුලේ උදවියට කියන්නද?
දෙවෙනියට අපිට දකින්න ලැබුණා ජින් වූ ගේ පරම සතුරා වෙන හියුන් සියොක්. මිනිහාත් ගේම් එක ප්ලේ කරනවා වගේම එයා ජින් වූ ට අභියෝග කරනවා. ඒත් ජින් වූ තාම දෙවනි මට්ටමේයි ඉන්නේ.
දෙවනි එපිසෝඩ් එකේ අවසානයේ හී ජූ ට එක්ක කතා බහකට එන්න කියලා ජින් වූ දන්වනවා. මෙතනදී ජින් වූ අනාගතය ගැන අනාවැකියක් කියනවා. ඒත් ඒ කතාබහ මොනවා ගැනද? තාම දන්නේ නෑ නේද?
සේ ජූ ට මොකද්ද වුණේ?
හියුන් සියොක් ගේ අභියෝගයට මූණ දෙන්න ජින් වූට පුළුවන් වෙයිද?
හී ජූ සහ ජින් වූ අතර සිද්ධ වෙන කතාබහෙන් හී ජූගේ ජීවිතය කණපිට පෙරළෙන්නේ කොහොමද?
කතාව බලලාම දැනගමු.
අද කතාංගය අවසන් වෙන්නේ ලොකුම කුතුහලයක් එක්කයි. එහෙනම් ඒ කුහුල එක්ක හතරවෙනි කතාංගය එක දිගට නරඹන්න ඒකත් ඉක්මනින්ම අරගෙන එන්නම්.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ගැලපෙන පිටපත පහේ(ඩොට්)ඉන් වෙබ් අඩවියෙන් ලබාගත හැක. (480p පිටපත)
ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
3,812 downloadsDownload Memories-of-the-Alhambra-S01E03.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බේනුක නිම්හාන් සේනාධීර
Subtitles
7 comments
nuwansameera123
benukanimsena
Pahe සයිට් එකේ තියන 480P එක ගන්න සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
upun
Sinhala sub ekata thanzx
Flower crew jeseon marriage agency ekata sub denna barida...
Dramaqu eke thiye..TEP
Thanks for sub bro. Superb story. Digatama sub denna
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Memories of the Alhambra AKA Alhambeura Goongjeonui Chooeok [E03] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/1-1.jpg)


Maka video aka ganna site aka danna ko