Watch Trailer

Memories of the Alhambra AKA Alhambeura Goongjeonui Chooeok [E05] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරසි]

සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියන් ට, ඔන්න මේ අරගෙන එන්නේ පස් වන කතාංගය. හතරවන කතාංගය නැරඹුවා නම් දැන් කතාව සම්බන්ධ මූලික සිදුවීම් තේරුම් ගන්න හැකියාවක් ඇති. ඒත් සිද්ධ වෙන්නේ හිතන දේවල් නම් නෙමේ. මේ කතාවේ මම ආසම ඒ කොටසටයි. ජින් වූ, පොඩි කාලෙම අම්මා තාත්තා නැති ව හැදුණු අනාථ දරුවෙක්.. දියුණු ව…

සුභ දවසක් වේවා බයිස්කෝප් රසික රසිකාවියන් ට,

ඔන්න මේ අරගෙන එන්නේ පස් වන කතාංගය. හතරවන කතාංගය නැරඹුවා නම් දැන් කතාව සම්බන්ධ මූලික සිදුවීම් තේරුම් ගන්න හැකියාවක් ඇති. ඒත් සිද්ධ වෙන්නේ හිතන දේවල් නම් නෙමේ. මේ කතාවේ මම ආසම ඒ කොටසටයි.

ජින් වූ,
පොඩි කාලෙම අම්මා තාත්තා නැති ව හැදුණු අනාථ දරුවෙක්..
දියුණු වේගෙන එනකොටම තමන්ගේ ආදරණීය බිරිඳයි හොඳම මිතුරායි තමන්ට ද්‍රෝහි වෙනවා..
අවුරුදු ගණනාවකට පස්සේ හිතේ පැල පදියම් වුණ ඒ වෛරය පරම හතුරා වුණ හොඳම යාළුවා පිටින් පිට කරන්නට අවස්ථාවක් ලැබෙනවා..
සුන්දර හිරිහැරයකින් තොර පළිගැනීමක්…
අමු අමුවේ කළ මිනීමැරුමකට හැරෙනවා..
මරණයෙන් පස්සෙත් පරම හතුරා දිගටම පස්සෙන් ආවොත්….

අපි හතරවෙනි කතාංගයේ දකිනවා හියුන් සියොක් ගේ NPC ආගමනය. ඒත් එක්කම තට්ටු හයකින් පහළට වැටෙන දුලබ අත්දැකීම විදගන්න ජින් වූ ට අවස්ථාව ලැබෙනවා. එතැන් පටන් මොකද? අද එතන ඉදන්,

රෝහල්ගත කරපු ජින් වූ ව බැහැ දකින්නට බැහැර ඉදන් මිතුරෝ එනවා.
තමන්ටත් තාත්තෙක් වුණ පරම හතුරාගේ තාත්තා..
දික්කසාදය ට අත්සන් කරන්න වත්කමෙන් භාගයක් ඉල්ලන නිළි බිරින්දෑ….
වගේම, මිස්ටර් චා.

ඇද වැටීමෙන් සදාකාලික බලපෑමට ලක් වුණ කකුලක් එක්ක මරන්න පස්සෙන් එන යක්ශනියකගෙන් වගේම අවතාරයකින් බේරෙන්නට ජින් වූ දරන වෑයම බලලාම ඉමු.

එහෙනම් හයෙන් හමුවෙමු. සුභ දවසක්.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ගැලපෙන පිටපත පහේ(ඩොට්)ඉන් වෙබ් අඩවියෙන් ලබාගත හැක. (480p පිටපත)

ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

3,426 downloadsDownload Memories-of-the-Alhambra-S01E05.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


All BT1

Next BT1

Subtitles by

බේනුක නිම්හාන් සේනාධීර

Subtitles

3,426 downloadsDownload Subtitles26 KB

7 comments

  1. TEP

    Thanks for sub bro.

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  3. thanujamilandi

    Thank you sub ekata godaakk..
    Anith kotasen hambemu.. Jaya wewa!! BS!!

  4. Kevin11n

    "Descendants of the sun"
    eka sinhala sub denna puluwan da

  5. Monsterdib

    tnkx.

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..