සුභ දවසක් වේවා රසික රසිකාවියනි, හයවෙනි කතාංගයත් අරගෙනයි ඔයාලා හමුවෙන්න ආවේ. වැඩි විස්තර ඕන වෙන්නේ නෑනේ. කෙලින්ම පහුගිය කතාව මතක් කරගමු. ජින් වූ හොස්පිට්ල් එකේ ඉදිද්දි ගෝ යූ රා එහෙමත් නැත්තම් ජින් වූ ගේ දෙවනි බිරිඳ එනවා එයාව බලන්න. ඒ වෙලාවේ ජින් වූ එයාගෙන් පැනලා යන්න උත්සහ කරනවා. ඒත් නොසිතූ විදිහට හ…

සුභ දවසක් වේවා රසික රසිකාවියනි,
හයවෙනි කතාංගයත් අරගෙනයි ඔයාලා හමුවෙන්න ආවේ. වැඩි විස්තර ඕන වෙන්නේ නෑනේ. කෙලින්ම පහුගිය කතාව මතක් කරගමු.
ජින් වූ හොස්පිට්ල් එකේ ඉදිද්දි ගෝ යූ රා එහෙමත් නැත්තම් ජින් වූ ගේ දෙවනි බිරිඳ එනවා එයාව බලන්න. ඒ වෙලාවේ ජින් වූ එයාගෙන් පැනලා යන්න උත්සහ කරනවා. ඒත් නොසිතූ විදිහට හියුන් සියොක් ගේ මතුවීම මත හැමදෙයක්ම නොහිතපු විදිහට වෙනස් වෙනවා. ජින් වූ මරණාසන්න අත්දැකීමක් ලබාගන්න තැනටම යනවා. ඒත් හී ජූ ගේ මැදිහත්වීමෙන් ඒක සමථයට පත් වෙනවා.
පස් වෙනි කතාංගයේ අවසානයේදී පොලිස් පරීක්ශකතුමා මහාචාර්ය චා ගෙන් අහනවා වැඩිදුර පරීක්ශණයකට ලක් කරන්න කැමැත්ත දෙනවද කියලා. ඒත් එයාලා සැක කරනවා ඒකෙන් ලැබෙන සාක්ශි ජින් වූ ගේ අවාසියට හේතු වෙන දේවල් විය හැකි බව. ජින් වූ ගේ හියුන් සියොක් ගේ හමුවීම අවසන් වුණ වෙලාව චා ගේ මරණය සිදු වුණ වෙලාවට ආසන්නයෙන් සමාන වෙනවා. කොලර් එකේ සහ බෙල්ලේ හොයාගත්ත ජින් වූ ගේ ඇඟිලි සලකුණු එක්ක සැකය තවත් තහවුරු වේවි.
ජින් වූ නිද්‍රාශීලි ජීවිතයකට ප්‍රවිෂ්ට වෙන්නේ මේ කතාංගයෙන්. හියුන් සියොක් මතුවෙන්නේ තමන් නිදි නැති වෙලාවට විතරක් බව දැනගන්න ජින් වූ රෑ දවල් නැතුව නින්දට ඇබ්බැහි වෙනවා. ඒත් නිදාගන්න හැමදාමත් පුළුවන්ද? බේරෙන්නට ක්‍රමයක් ඇත්තේම නැද්ද? මහාචාර්‍ය චා වැඩිදුර පරික්ශණයට අවසර දෙයිද? පිළිතුරු බලලාම දැනගමු.
එහෙනම් සමුගන්නම්. සුභ දවසක් වේවා. හතෙන් හමුවෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ගැලපෙන පිටපත පහේ(ඩොට්)ඉන් වෙබ් අඩවියෙන් ලබාගත හැක. (480p පිටපත)
ලබා දී ඇති උපසිරසි WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
3,526 downloadsDownload Memories-of-the-Alhambra-S01E06.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
බේනුක නිම්හාන් සේනාධීර
Subtitles
5 comments
thanujamilandi
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
TEP
Thanks for sub bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Memories of the Alhambra AKA Alhambeura Goongjeonui Chooeok [E06] Sinhala Subtitles | අල්හාම්බ්‍රාවේ මතකයන් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/2-1.jpg)


Thank you sub ekata godakk... Digatama sub demu.. Jaya Wewa!! BS!!