විවේක්ට, අයියා මලෝ තුන්දෙනාගේ අම්මගෙන් ලැබෙන ඉල්ලීමක් අනුව ආයෙමත් ඔට්ටපාරෛ වලට යනවා. හොඳටම රෝගී වෙලා හිටිය මේ ගෑනු කෙනාගේ සිහිය හොඳටම විකල් වෙලා තිබුණේ. හිතින් රූප මවාගෙන බයේ ගැහෙමින් හිටියා. කොහොමහරි ගෙදර ආව උප පරීක්ෂක විවේක්ට, එයා හැමදෙයක්ම පාපෝච්චාරණය කරන්න පටන් ගන්නවා. මේ සන්තෝෂ්, සංජීව් එයාලගේ…

විවේක්ට, අයියා මලෝ තුන්දෙනාගේ අම්මගෙන් ලැබෙන ඉල්ලීමක් අනුව ආයෙමත් ඔට්ටපාරෛ වලට යනවා. හොඳටම රෝගී වෙලා හිටිය මේ ගෑනු කෙනාගේ සිහිය හොඳටම විකල් වෙලා තිබුණේ. හිතින් රූප මවාගෙන බයේ ගැහෙමින් හිටියා. කොහොමහරි ගෙදර ආව උප පරීක්ෂක විවේක්ට, එයා හැමදෙයක්ම පාපෝච්චාරණය කරන්න පටන් ගන්නවා. මේ සන්තෝෂ්, සංජීව් එයාලගේ තාත්තගේ සල්ලාල කම නිසා ඇති වුණ ප්‍රශ්න වලින් හොඳටම බැට කාලා තියෙනවා. එක් අවස්ථාවකදි එයාලගෙ තාත්තා ගම්මුන්ගෙන් හොඳටම ගුටි කනවා. එයා එහෙමම ගමෙන් පැනලා යනවා. පොඩිකාලේ මේ තුන්දෙනාම කිසි වෙනසක් නැතිව හොඳ විදියට වැඩුණත්, මේ දෙන්නා ලොකු වෙද්දි තාත්තගෙම පාරේ යනවා කියලා අම්මාට තේරුණා. අම්මා කිව්ව විදියට මෙයාලා සල්ලි හම්බකරන්න වෙනස්ම විදියකට හිතලා වැඩියෙන් ආදායම් ලැබෙන මාර්ගයක් සලසා ගන්නවා. හැමදෙයක්ම හොඳට සිද්ද වුණත් මෙයාලගෙ සේවා ස්ථානයට වලන් ආවට පස්සෙ හැමදෙයක්ම වෙනස් වුණා. වලන්ට වෙනස්ම විදියේ ආසාවක් තෘප්තිමත් කරගන්න උවමනා වෙලා තිබුණා. ඒකත් මේ සහෝදරයින්ට කරලා දෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම විශාල මුදලක් දෙන්නත් පොරොන්දු වෙනවා. ඒ ගැන බලාපොරොත්තුවෙන් මෙයාලා කල්පනා කරමින් හිටියා. අම්මා කියන විදියට ඒ වෙද්දි තමයි වෙලෝනි මෙයාලගෙ ගෙදරට අහම්බෙන් ඇවිත් තියෙන්නෙ. කතා කරලා සුහදතාවක් ගොඩ නගාගත්තට පස්සෙ වලන්ගෙ ඉල්ලීම ඉෂ්ඨ කරන්න, එයාලගෙ අදහස වෙලෝනිට කියනවා. වෙලෝනි ටික වෙලාවක් කල්පනා කලත් මේකට කැමති වෙනවා.
එයාලා වෙලෝනිව මේ වැඩේ කරන්න එක්කගෙන යනවා. වැඩේට බහින්න වෙලෝනි හිත ධෛර්යමත් කරගෙන ආවත්, වලන්ගේ දරුණු හැසිරීමට බය වෙලා පැනලා යනවා. වලන්, සන්තෝෂ්, සංජීව් තුන්දෙනා වෙලෝනිව අල්ලගන්න පස්සෙන් පන්නගෙන යද්දි හිතුවෙ වත් නැති විදියට වෙලෝනිගේ ජීවිතය අවසන් වෙලා තියෙනවා. වලන් ඒ විදියට වෙලෝනිව දූෂණය කරලා මරලා දානවා. අම්මා කිව්වේ ඔය විදියට තමයි. අම්මගේ කටඋත්තරයෙන්ම තහවුරු වෙන නිසා විවේක්, අයියා මලෝ තුන්දෙනාව අල්ලගන්න වන දෙපාර්තමේන්තුව එක්ක එකතුවෙලා මෙහෙයුමක් දියත් කරනවා. ආයුධ සන්නද්ද වෙලා ලැහැස්ති වෙලා හිටියත් මේ මෙහෙයුම හිතුව විදියටම කරගන්න බැරි වෙනවා. බලාපොරොත්තු වුණ විදියටම සහෝදරයෝ තුන්දෙනාව අල්ලගන්න පුළුවන් වෙනවා. ඒත් එක්කම බලාපොරොත්තු නොවුණ අවාසනාවන්ත සිදුවීමකුත් වෙනවා. ආයෙමත් පුවත්පත්, මාධ්‍යවල වෙලෝනි ගැන වැරදියට ලියවෙන්න ගන්නවා. සහෝදරයෝ තුන්දෙනාගේ අම්මා කිව්ව දේවල් සලකලා බලද්දි දොස්තර පෝල්රාජ් දුන්න මරණ පරීක්ෂණ වාර්තාව ගැන විවේක්ට සැකයක් ඇති වුණා. විවේක් දොස්තර පෝල්රාජ්ව බය කරලා ඇහුවත් එයා වාර්තාවට බොරු ලිව්වෙ නැහැ කියලා දිවුරුවා. සහෝදරයෝ තුන් දෙනාගෙන් ප්‍රශ්න කරද්දි එයාලගෙ අම්මා කිව්වෙ වෙලෝනි ගැන නෙවෙයි කියලා තහවුරු කරනවා. ඒත් වෙලෝනිගේ ඇඳුමක් ඔට්ටපාරෛ වලට ගියේ කොහොමද කියන එක ගැටලුවක් වෙලා තිබුණා. මේ අතරෙදි කි. සෙබස්තියන්ගේ අලුත්ම නවකතාව වුන වෙලෝනිගේ කතාවේ දැන්වීමක් විවේක්ට දකින්න ලැබෙනවා. මේ කතාව සත්‍යය පදක කරගෙන ගොඩ නැගුණු බවට සඳහන් කරලා තිබුණා. විවේක් එයින් පොතක් මිලදීගෙන කියවන්න පටන් ගන්නවා. පොතේ පෙරවදනේ දක්වා තිබෙන්නේ පුවත්පත්, මාධ්‍ය සහ සමාජමාධ්‍යයේ පෙන්වන වෙලෝනි සහ සැබෑ වෙලෝනි අතර විශාල වෙනසක් තිබෙන බවයි.
කන්‍යාකුමාරි ප්‍රදේශයේ සිද්ද වෙන මේ සිදුවීම් මාලාවේ මලයාලම් මුසු දෙමළ භාෂාවෙන් කතා කරන පිරිස තමයි බොහෝ වෙලාවට හමුවෙන්නේ. ඒ ප්‍රදේශය කේරළාවට ආසන්න ප්‍රදේශයක්. ඒ වුණත් ඇත්තටම, මේ කතාවේ සඳහන් වෙන ප්‍රදේශවල මිනිස්සු මේ විදියට කතා කරන්නෙ නැහැ කියලා දක්වා තිබුණා. සමහරවිට බලන ඔයාලත් මේ භාෂාවේ වෙනස්කම තේරෙන්න ඇති.
කොහොම වුණත් මේ කතා මාලාව පවුලේ හැමෝම එකට බලන්න පුළුවන් කතා මාලවක් නෙවෙයි. මේ වෙන තාක් කොටස්වල සැලකිය යුතු තරමේ දර්ශන ඇතුලත් වුණත් මේ කොටසේ ටිකක් බැරෑරුම්ව දර්ශන කොටස් අන්තර්ගතයි. ඒ නිසාවෙන් මේ කතාමාලාව වැඩිහිටියන්ට පමණක් සුදුසුයි ලෙසින් අනුමත කරලා තියෙනවා. කොහොම වුණත් මේ කතාමාලාවේ නිරුවත් දර්ශන ඇතුලත් වෙන්නේ නැහැ. මේ ගැන මුලදි විස්තර කිරීමක් සිදු නොවුණා නම් ඒ පිළිබඳව කණගාටුව ප්‍රකාෂ කර සිටිනවා. බලාපොරොත්තු නොවූ විදියට මේ කොටසෙන් එවැනි දර්ශනයක් දැකගත හැකිවුණා. ඇදි ඇදී ආව මේ කතා මාලාව මේ වෙනකල් දිගටම නැරඹූ ඔයාට ප්‍රණාමය! මේ කොටස ඇරුණම ඔයාට ඉතුරු වෙලා තියෙන්නෙ එක් කොටසක් විතරයි.
කලින් කිව්වා වගේම PHONEIX සහෝදරයාගේ මූලිකත්වයෙන් ඔයාලට අරගෙන ආව මේ වදන්දි කතා මාලාවට රවිඳු හේෂාන් අයියා, ඔෂධ ධනංජය අයියා, දහරා මුතු අමා අක්කා සම්බන්ධ වුණා. මමත් කොටස් කිහිපයකින් දායකත්වය ලබා දෙනවා. තව තවත් මේ වගේ කතා මාලා වලට උපසිරැසි ලබාදෙන්න ධෛර්යමත් කිරීමක් විදියට මේ හැමෝටම ඔයාලගේ ස්තූතිය ලැබෙන්න ඕන. ආයෙමත් අටවැනි සහ අවසන් කොටසින් හමුවෙන්නම්. හැමදාමත් වගේ අදහස් දක්වන ඔබ සැමට ස්තූතියි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,768 downloadsDownload Vdhndhi-2022-S01-EP07.zip1.9 MB
අප විසින් ලබාදෙන උපසිරැසි වෙනත් වෙබ් අඩවි සහ ෆේස්බුක් ගෘප් මගින් අනවසරයෙන් ලබාගනිමින්, ඔවුන් විසින් නිර්මාණය කල ලෙසින් ඔවුන්ගේ නම් යොදා පළකිරීම හේතුවෙන් අප විසින් ලබාදී ඇති මෙම උපසිරැසිය IDX ආකාරයෙන් පමණක් උපසිරැසි ලබාදී ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු. ඒ හේතුවෙන් ඔබට යම් අපහසුතාවයක් ඇතිවේ නම්, ඒ පිලිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු!

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
8 comments
Viraj
Anonymous
Thanks for subtitles brother .
Chandima
Thank You Subtitle Ekata...
deshan
Thada bn Thada
Kushan
Sub akta thanks
Ravindra
Thanks sub ekata
Sasitha Asaranga
thanks and keep it up
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Vadhandhi: The Fable of Velonie [S01 : E07] Sinhala Subtitles | විෂ කාවැදුණු මල් පොහොට්ටුව.. [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/12/වදන්දි-2.jpg)



Thanks