සහෝදරයෝ තුන්දෙනාගේ අම්මා සිහිවිකල්ලෙන් කිව්ව කෙල්ල, වෙලෝනි නෙවෙයි කියලා සහෝදරයෝ තුන්දෙනාගෙන් ප්‍රශ්න කරද්දි තහවුරු කරලම දැනගන්න ලැබෙනවා. ඒ වගේම මරණ පරීක්ෂණ වාර්තාවෙත් එයාලගෙ අම්මා කියන විදියට දූෂණයක් වුණ බවක් සටහන් වෙලා නැහැ. SI විවේක්ට පරීක්ෂණය ඉස්සරහට කරගෙන යන්න හෝඩුවාවක් නැතිව, මේකේ සුලමුල හොයාග…

සහෝදරයෝ තුන්දෙනාගේ අම්මා සිහිවිකල්ලෙන් කිව්ව කෙල්ල, වෙලෝනි නෙවෙයි කියලා සහෝදරයෝ තුන්දෙනාගෙන් ප්‍රශ්න කරද්දි තහවුරු කරලම දැනගන්න ලැබෙනවා. ඒ වගේම මරණ පරීක්ෂණ වාර්තාවෙත් එයාලගෙ අම්මා කියන විදියට දූෂණයක් වුණ බවක් සටහන් වෙලා නැහැ. SI විවේක්ට පරීක්ෂණය ඉස්සරහට කරගෙන යන්න හෝඩුවාවක් නැතිව, මේකේ සුලමුල හොයාගන්නෙ කොහොමද කියලා හිතාගන්න බැරිව හිටියා. මේ අතරෙදි KI සෙබස්තියන්ගේ අලුත්ම නව කතාවේ දැන්වීමක් විවේක්ට දකින්න ලැබෙනවා. මේ කතාව සත්‍යය පාදක කරගෙන රචනා කර තිබෙන බවට සඳහන් වුණා. ඊටත් වඩා මේ කතා පොතට වෙලෝනිගේ කතාව විදියට මාතෘකාව යොදලා තිබුණා. කුතුහලය නිසාම විවේක් පොතක් මිලදී ගෙන කියවන්න ගත්තා. මේ පොතේ සඳහන් වුණ තරුණිය බාල කාලයේ ඉඳන්ම ලිංගිකව අතවරයට ලක් වුණ ආකාරය ගැන දක්වලා තිබුණා. ඒ වගේම ඇය තරුණ වයසේදී අනාචාරයේ හැසුරුණ ආකාරය ගැනත් කියැවෙනවා. වෙලෝනි ගැන මාධ්‍ය වල සඳහන් කරන තොරතුරු ඇත්ත කියලා ඔප්පු කරන්න පුළුවන් තරමටම. සෙබස්තියන්ගේ නවකතා සත්‍ය කතා පාදක කරගෙන ලියන ඒවා කියලා එයා සහතික කරලා කියනවා. විවේක් මේ කතා පොතේ සඳහන් වෙන අභිරහස් තැනැත්තිය ඇත්තම කෙනෙක්ද නැද්ද කියලා සෙබස්තියනගෙන් මිනිස්සු රැස්වෙලා ඉන්න තැනකදිම අහනවා. සෙබස්තියන්යන්ට ඒ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න බැරිව අසරණ වෙනවා. කොහොම වුණත් පරීක්ෂණය දිගටම කරගෙන යන විවේක්, වලන් කියන පුද්ගලයා ගැන විමර්ශනය කරන්න ගන්නවා. ඒ විදියට මෙයා ගැන හොයාගෙන යද්දි, කොහොමින් හරි වලන්ගෙ ගෙදර හොයාගන්න පුළුවන් වෙනවා. වලන්ගේ ගෙදර හිටිය තාත්තගෙන් තොරතුරු විමසද්දි, වලන් අවුරුද්දකින් විතර ගෙදරට ආවෙ නැහැ කියලත්, වලන්ට මල්ලි කෙනෙක් ඉන්නවා කියලත් දැනගන්න ලැබෙනවා. තවත් ඉස්සරහට විමර්ශනය කෙරීගෙන යද්දි වලන් අවුරුද්දකට කලින් වලන් මැරිලා තියෙනවා කියලත් වලන්, වෙලෝනිගේ මරණයට සම්බන්ධ නැහැ තහවුරු කරලම දැනගන්න ලැබෙනවා. මේ කොටසෙන් හැම ප්‍රශ්නයක්ම විසඳගන්න පුළුවන්.
මේ විදියට මේ කතා මාලාවේ අවසානය ආවා. මන්දගාමී විදියට තමයි කතාමාලාව ගලාගෙන ආවේ. කොහොම වුණත් 7,8 වෙනි කොටස් බලාපොරොත්තු නොවුන විදියටත්, උද්වේගකාරී විදියටත් ගලා යනවා. සාමාන්‍යයෙන් දෙමළ චිත්‍රපට වලදි දකින්න පුළුවන් ඇසට හුරු නළු නිළි රැසක් මෙහිදී දකින්න ලැබෙනවා. පහුගිය කොටස් වලින් ඔයාලට මේ කතා මාලාව සම්බන්ධ ගොඩක් විස්තර දැනගන්න ලැබුණා.
මේ කතාමාලාවට Imdb හි අගය කිරීම විදියට 8.5/10ක්(මනාප 2000ක් පමණ.) හිමිවෙලා තියෙනවා. ඒ වගේම හැම අතකින්ම ධනාත්මකව ප්‍රතිචාර ලැබිලා තියෙනවා. මේක නාට්‍යමය ත්‍රාසජනක කතාවක් යන වර්ගීකරණයට තමයි වැටෙන්නෙ. එක පැත්තකින් ත්‍රාසය පිරි කතාවක් ඉදිරිපත් කරද්දි, තවත් පැත්තකින් සමාජයට ආදර්ශ, අවවාද ඉදිරිපත් කරනවා. කතා මාලාව ඉවර වෙන්නෙත් සමාජයට ඉතා වැදගත් ආදර්ශයක් දෙන ගමන්මයි. විශේෂයෙන්ම මාධ්‍යවලින් කරන චරිත ඝාතන පිළිබඳව. තොරතුරු නිසියාකාරව නොදැන චරිතය ඝාතනය කරන්න මාධ්‍ය කොහොමත් දක්ෂයි. ඒ විදියට කෙනෙක් ගැන වැරදියට බොරු දේවල් පල වෙද්දි කාගේ කාගෙත් රස වින්දනයට ඒ පුවත් නොහිතන වේගයකින් පැතිරෙනවා. හැබැයි ඇත්ත නිකම්ම සිද්ද වෙනවා විතරයි. මේවා ආයේ වෙනස් කරන්න නම් යුගයක්ම උවමනා වෙනවා. ඒ නිසා මේ කතා මාලාවෙන් දෙන ආදර්ශයක් විදියට කෙනෙක් ගැන හරියට තහවුරු නොකර පැතිරෙන ව්‍යාජ්‍ය දේවල් මඟ හරින්න. ඒ වගේම අම්මා, තාත්තා කෙනෙක් නම් දරුවෝ ගැන දිගටම වැරදි විදියට සැක කරන්නෙ නැතිව ජීවිතය විඳින්න ඉඩ දෙන්න. විඳවන්න දෙන්න එපා. තවත් ගොඩක් දේවල් පහුගිය කොටස් වගේම මේ කොටසෙදිත් දක්වලා තියෙනවා. කිව්වා වගේම කටකතා(වදන්දි) නවත්වන්න ඕන. ඒත් මේ කටකතාව(කතා මාලාව) නවතින්නෙ නැහැ. වෙලෝනි ගැන ගොතපු කතා අරගෙන ආව මේ වදන්දි කතාමාලාව තවත් අභිරහසක් අරගෙන එන බවට ඉඟි කරමින් තමයි ඉවරවෙන්නෙ.
සුළල් : ද වෝටෙක්ස් කතා මාලාවත් අපේ කණ්ඩායම මේ විදියටම එකමුතුවෙන් අරගෙන ආවා මතක ඇති. ඒ නිසා අපරාධ, අභිරහස්, දාම ඝාතන, භයානක යනාදී වර්ගීකරණයේ කතා මාලාවලට අපි මග නොහැර උපසිරැසි ලබා දෙනවා. ඒ වගෙම ඒවට හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙන්නත් ඕන. සුළල් කතා මාලාවට වගේම, මේ කතා මාලාවටත් උපසිරැසි අරගෙන එන්නෙ PHONEIX සහෝදරයාගේ මූලිකත්වයෙන්. මේකට රවිඳු හේෂාන් සහෝදරයා, ඔෂධ ධනංජය සහෝදරයා, දහරා මුතු අමා සහෝදරිය යන අය දායක වුණා. ඒ වගේම මමත් මේ වෙනුවෙන් මගේ සහය ලබා දුන්නා. තව තවත් මේ වගේ කතා මාලා වලට උපසිරැසි ලබාදෙන්න ධෛර්යමත් කිරීමක් විදියට මේ හැමෝටම ඔයාලගේ ස්තූතිය මේ හැමෝටම ලැබෙන්න ඕන. මේ වගේම කතා මාලාවකින් අපි ආයෙමත් හමුවෙන්නම්. හැමදාමත් වගේ අදහස් දක්වන ඔබ සැමට ස්තූතියි!
බුදු සරණයි! සියලු දෙවි දේවතාවුන්ගේ රැකවරණයි!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,032 downloadsDownload Vdhndhi-2022-S01-EP08.zip2.4 MB
අප විසින් ලබාදෙන උපසිරැසි වෙනත් වෙබ් අඩවි සහ ෆේස්බුක් ගෘප් මගින් අනවසරයෙන් ලබාගනිමින්, ඔවුන් විසින් නිර්මාණය කල ලෙසින් ඔවුන්ගේ නම් යොදා පළකිරීම හේතුවෙන් අප විසින් ලබාදී ඇති මෙම උපසිරැසිය IDX ආකාරයෙන් පමණක් උපසිරැසි ලබාදී ඇති බව කරුණාවෙන් දැනුම් දෙමු. ඒ හේතුවෙන් ඔබට යම් අපහසුතාවයක් ඇතිවේ නම්, ඒ පිලිබඳව අපගේ කනගාටුව ප්‍රකාශ කර සිටිමු!

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු නවින්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-14
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
12 comments
tharidu16
Anonymous
ආදරෙයි ❤️❤️❤️
viraj
Thanks.............
Devil
Thanks brother ...and Happy New Year
deshan
Patta Patta
Kushan
Sub akta thanks
KUSUMSIRI
EPISODE 7 SUB එක හොයාටගන්න නෑ
Sanjeewa Malith
Episode 7 subtitles aka nanee
Tharindu
7 එකට සබ් එක දෙන්නකෝ
Ravindra
Thanks sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chamindu lakshitha
Vadhandhi season 2 ekata sub eka dennako plzz
Advertisement
![Vadhandhi: The Fable of Velonie [S01 : E08] Sinhala Subtitles | මිරිඟුවක් පසුපස දිවයාම. [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/12/වදන්දි-2.jpg)



thank you for all epics