පළවෙනි සීසන් එකේ දහවෙනි සහ එකොළොස්වෙනි කොටස් දෙක අරන් ආවා. පළවෙනි එපියෙදි අඳුරු මායා බලයන් පාවිච්චි කරලා ලෝකය අල්ලගන්න බලන් ඉන්න මායාකාරයෙක්ගෙ සිද්ධියක් බලාගන්න පුළුවන්. ඒ මායාකාරයා ළඟ තියෙනව එකිනෙකට වෙනස් බලයන් පහකින් යුක්ත මායාවන් පහක්. ඒවා මායාවන් තියෙන්නෙ මායාකාරයගෙ බෙල්ලෙ තියෙන පළඳනාවක. ඉතින්…

පළවෙනි සීසන් එකේ දහවෙනි සහ එකොළොස්වෙනි කොටස් දෙක අරන් ආවා.

පළවෙනි එපියෙදි අඳුරු මායා බලයන් පාවිච්චි කරලා ලෝකය අල්ලගන්න බලන් ඉන්න මායාකාරයෙක්ගෙ සිද්ධියක් බලාගන්න පුළුවන්. ඒ මායාකාරයා ළඟ තියෙනව එකිනෙකට වෙනස් බලයන් පහකින් යුක්ත මායාවන් පහක්. ඒවා මායාවන් තියෙන්නෙ මායාකාරයගෙ බෙල්ලෙ තියෙන පළඳනාවක. ඉතින් කොහොමින් කොහොමින් හරි බෙන් එක්ක ඇතිවෙන සටනකදි මායාකාරයගෙ බලයන් 5න් 1ක් ග්වේන්ගෙ අතට පත් වෙනවා. ඒ තමයි වාසනාවට අධිපති මායාව. ඉතින් ග්වේන් හිතන්නෙ මොකක්ද ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා. ඉතින් තමන්ගෙ නැති උන මායාව හොයාගෙන අර මායාකාරයා ග්වේන්ගෙ පස්සෙ පන්නනවා. ඉතින් ග්වේන්ට පුළුවන් වෙයිද මායාකාරයගෙන් බේරෙන්න? මායාකාරයගෙන් බේරිලා තමන්ට ලැබුණ බලය හැමදාටම තියාගන්න ග්වේන්ට පුළුවන් වෙයිද…?

ඊළඟ එපියෙදි බල ඔරලෝසුවේ ඇති වෙන දෝෂයක් නිසා බෙන් ග්‍රේ මැටර් බවට පත් වෙනවා. ඔරලෝසුවේ දෝෂය නිසා ආයෙත් බෙන් සාමාන්‍ය තත්වෙට එන්නෙ නෑ. මේ අතරෙ පිටසක්වලයන් ගැන ගවේෂණය කරන කෙනෙක්ට ග්‍රේ මැටර් වුණ බෙන්ව ඇස ගැටෙනවා. ගවේෂකයා කොහොමහරි බෙන්ව අල්ලගෙන යනවා. ගවේෂකයගෙ අරමුණ පිටසක්වලයන් ගැන ලෝකෙට කියලා කීර්තිමත් නාමයක් හදාගන්න එක. ඉතින් බෙන්ව බේරගන්න සිද්ධ වෙන්නෙ හැමදාමත් වගේ ග්වේන්ටයි, සීයාටයි. මේ අතර පිටසක්වල තාක්ෂණය අනිසි විදියට එකතු කරන සංවිධානයක්ට ග්‍රේ මැටර් උන බෙන්ව භාර දෙනවා අර ගවේෂකයා. ඉතින් ඊළඟට වෙන දේවල් මම කියන්න යන්නෙ නෑ. කතාව බලලම තමයි ඒක දැනගන්න වෙන්නෙ.

ඉතින් එහෙනම් ඊළග එපිසෝඩ් දෙකෙන් හමුවෙමු…

ඊළග එපිසෝඩ් දෙකෙන් තමයි Classic series එකේ පළවෙනි සීසන් එකේ අවසානය ලියැවෙන්නෙ…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා අදාළ වේ.

3,491 downloadsDownload BEN-10-CLASSIC-S01E10-E11-WEB-DL.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසුර සංජන” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-04-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

තිසුර සංජන

Subtitles

3,491 downloadsDownload Subtitles21 KB

5 comments

  1. Anonymous

    supiri

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  5. Thisara Prabhath Senarathne

    Thanks bro