Watch Trailer

1 Litre of Tears (2005) [Ep01] with Sinhala Subtitles| අවසානයක ආරම්භය. [සිංහල උපසිරැසි සමඟ]

මේක 2005 වසරේ නිපදවපු ජපන් ටෙලි කතාවක්. මේ ගැන කියනව නම් මේ කතාව සෑහෙන්ඩ දුක හිතෙන කතාවක්. මොකද මේකෙ කතා වෙන්නෙ සුව නොවන රෝගයක් හැදුණු ගැහැණු ළමයෙක් සහ ඈ වටා සිදු වෙන සිද්ධි දාමයක් ගැන නිසා. දෙමව්පියෝ කියන්නෙ කොයිවගේ අයද, යාළුවෝ, පෙම්වතුන් ඒවගේම ආබාධිතයි කියන එක සමාජය පිළිගන්නෙ කොහොමද කියන එක වගේම,…

මේක 2005 වසරේ නිපදවපු ජපන් ටෙලි කතාවක්. මේ ගැන කියනව නම් මේ කතාව සෑහෙන්ඩ දුක හිතෙන කතාවක්. මොකද මේකෙ කතා වෙන්නෙ සුව නොවන රෝගයක් හැදුණු ගැහැණු ළමයෙක් සහ ඈ වටා සිදු වෙන සිද්ධි දාමයක් ගැන නිසා. දෙමව්පියෝ කියන්නෙ කොයිවගේ අයද, යාළුවෝ, පෙම්වතුන් ඒවගේම ආබාධිතයි කියන එක සමාජය පිළිගන්නෙ කොහොමද කියන එක වගේම, මිනිස්සුන්ගෙ මනුස්සකම තදින් ප්‍රශ්න කරන කතාවක් තමයි මේක. කෙටියෙන්ම කිව්වොත් කෙලින්ම හදවතට වැදෙන කතාවක්. ඒවගේම රෝගියෙකුට දැනෙන හැටි කෙලින්ම කතා කරන ටෙලි නාට්‍යක්. මේ කතාව ඒතරම් තාත්වික වෙන්ඩ හේතුව කිටෝ ආයා spino –cerebellum degeneration කියන සුවනොවන රෝගයක් සෑදුන දැරියක් විසින් ලියන ලද දින සටහන් ඇසුරුකරගෙන මේ කතාව නිර්මාණය වෙච්ච එක. ඒ වගේම කියන්ඩ ඕනෙ මේ කතාවෙ ප්‍රධාන චරිත වගේම සෙසු හැම චරිතයක් වගේම උපරිමයෙන් චරිත නිරූපනය කරලා තියෙනවා කියලා.

හොඳයි මම කෙටියෙන් කියන්නම්කෝ පළවෙනි කොටසෙ මොකද වෙන්ඩ යන්නෙ කියලා. මේ කතාවෙ ප්‍රධාන චරිතය තමයි ක්‍රීඩාශීලී දැරියක් වන ඉකෙඋචි ආයා. එයා 6 දෙනෙකුගෙන් යුතු පවුලක වැඩිමල් දරුවා. එයාගෙ තාත්තා ටෝෆු කඩයක් කරන්නෙ. අම්මා සෞඛ්‍ය නිලධාරිනියක්. අකෝ කියන්නෙ ආයාගෙ ලොකු නංගි, රිකා කියන්නෙ එයාගෙ බාල නංගි පවුලෙ බාලයත් එයා තමා. හිරෝකි කියන්නෙ පවුලෙ 3 වෙනි ළමයා, එයා තමා  ආයගේ එකම සහෝදරයා. ආයා කම්ම්මැලි නැති ළමයෙක්. ගෙදර වැඩට වගේම පවුලේ ටෝෆු ව්‍යාපාරයටත් එයා ගොඩක් උදව් කරනවා. උසස් පාසල් පරීක්ශණය දවසෙවත් එයා ඒ වැඩ අතපසු කරන්නෙ නෑ.

ඉතිං ආයා පරීක්ශණයට පෙනී ඉන්ඩ උසස් පාසලට යන අතරෙ බස් රථයෙදි හොඳටම නින්ද ගිහින් හරි තැනින් බැහැ ගන්ඩ බැරි වෙනවා. එයා ඉස්කෝලෙ තියෙන පැත්තට දුවගෙන යනවා. ඒ අතර දෙපාරක්ම එකපාරට වැටෙනවා. එයා හිතන්නෙ ඒ හැම එකක්ම වෙන්නෙ මහන්සිය නිසා කියලා. ඒත් ඇත්තම කියනව නම් ඒක නපුරු රෝගයක මූලික හදුනාගැනීමේ රෝග ලක්ශණයක්.

ඉතිං මේ දෙවෙනි පාර ආයා වැටෙන්නෙ නවත්තලා තිබුණු බයිසිකල් වගේකුත් පෙරලගෙන. ඉතිං කවුද එයාට උදව් කරන්නෙ? උදව් කරන කෙනාට ඒකෙන් වෙන්නෙ වාසියක්ද අවාසියක්ද? මේ හැම එකක්ම බලලම තීරණය කරන්ඩකෝ.

හැබැයි දිගටම බලන්ඩ ලෑස්ති වෙනව නම් අඬන්නත් ලෑස්ති පිට බලන්න කියලා පූර්ව දැනුම් දීමකුත් කරන්ඩ ඕනේ.

 

Secret Door on IMDb

 

 

 

8D6DE4D1C51B1EE4EBB681ECC1C07AF6192629BF ටොරන්ට් ලින්ක් යෙදීමෙන් ඇතිවන යම් ගැටලු හේතුවෙන් අඩවිය විසින් ටොරන්ට් ලබාදීම අත්හිටුවා ඇත. නමුත් මෙම කතාංගය සොයාගැනීමට ඇති අපහසුව නිසාවෙන් මෙතැන හෑෂ් එක පමණක් ලබා දී ඇත. මෙම (hash) එක මගින් google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. කතාවේ පිටපතේ බා ගැනීම ඔබේ කාර්යයක් වන අතර ඒ පිලිබඳ අපේ වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න. ___________________________________________________________________ Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.

459 downloadsDownload 1.Litre_.of_.Tears_.E01.baiscopelk.zip53 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                 All Episodes                      Next Episode >>

Subtitles

459 downloadsDownload Subtitles53 KB

13 comments

  1. widuranga

    digatama kathawa onaaaaaa
    thanx for sub

  2. Kulanjana Maduranga

    niayamai…thanks TISSA sis.sub ekata..digatama sub demu.jaya wewa……

  3. kavinda

    බුදු සරණයි! දෙවි පිහිටයි! තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…! මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ලස්සනයි වගේ හිතෙනවා. ඊළග එක ඉක්මණට දෙන්න.

    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!

  4. Achintha Sameera

    Thanks bokka sab ekata
    Kathawa ikmanata iwara karanna shakthiya lebewa

  5. Ishan Madusha

    Thanks sub 1ta sis..idiriyata japanese anime series walata sub denna. jaya wewa!!!

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. Krishan NiShalya

    sub එක තමයි ඕනි . ‍ෆිලුම හරි ඉපිසෝඩ් එක හරි කොහෙන් හරි ගන්න බැරියෑ....
    බොහොම ස්තූතියි...
    දිගටම කරගෙන යමු....!

  8. Krishan NiShalya

    සේරම එපිසෝඩ් 11 නේද තව ස්පෙෂල් එපිසෝඩ් එකකුත් තියෙනවද?
    ඉක්මනට සබ් දෙන්ඩෝ......☺☺☺
    සේරම අරන් ඉවරෝ

    1. GihanC

      download karana link eka diyan ....ubata pin

  9. GihanC

    machan working link ekak hoya dennako....loku udawwak

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. pabasara

    japan ekak goda kalayakin.lassana kathawak wage.thxxx sub ekata digatama sub denna

  12. Dharshamal

    Korean tv series gana katha karanna deyak na.. e taram pattai appa..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.