මතකනේ ඉතිං දෙවන කොටසෙ වුණ දේ. ඒත් ඇත්තටම හරුටෝ කියන්නෙ මේ කතාවට අළුතින් එකතු කරපු චරිතයක්. හරුටෝ වගේ කෙනෙක් කිටෝ ආයට හම්බවුණු වගක් එයාගෙ කෘතියෙ නැහැ, ඒත් ටෙලි කතාව ගොඩ නගන්ඩ හරුටෝ කියලා චරිතයකුත් යොදාගෙන තියෙනවා. ඒත් ටෙලි කතාවට සාපේක්ෂව නම් හරුටෝ කියන්නෙ ප්‍රධාන චරිතයක්. ඉතිං ආයට උදව් කරන්න ගිහින්…
මතකනේ ඉතිං දෙවන කොටසෙ වුණ දේ. ඒත් ඇත්තටම හරුටෝ කියන්නෙ මේ කතාවට අළුතින් එකතු කරපු චරිතයක්. හරුටෝ වගේ කෙනෙක් කිටෝ ආයට හම්බවුණු වගක් එයාගෙ කෘතියෙ නැහැ, ඒත් ටෙලි කතාව ගොඩ නගන්ඩ හරුටෝ කියලා චරිතයකුත් යොදාගෙන තියෙනවා. ඒත් ටෙලි කතාවට සාපේක්ෂව නම් හරුටෝ කියන්නෙ ප්‍රධාන චරිතයක්.
ඉතිං ආයට උදව් කරන්න ගිහින් හරුටෝටත් විභාගෙට ලියන්ඩ වුණානෙ. දැන් හරුටෝත් විභාගෙ පාස් වෙලා ආයගෙ පන්තියෙමයි ඉන්නෙ. ඉතිං කොහොමහරි හරුටොයි, ආයයි තමා පන්ති නායකලා වෙන්නෙ. එයාලට ඉකෝලෙ තියෙන සමූහ ගායනා තරඟෙකට පන්තිය සූදානම් කරන්න වෙනවා. මේ වැඩේට පන්තියෙ ගොඩක් අය අකමැතියි. ඒත් කොහොමහරි ආයා ඒකට සින්දුවක් සූදානම් කර ගන්නවා.
ඉතිං මේ අතරෙ ආයගෙ අම්මා මේ රෝගය ගැන විවිධ වෛද්‍යවරුන්ගෙන් අහලා බලන්න ඕනෙ කියලා ඩොක්ට මිසූනෝට කියනවා. ඒවගේම අන්තර්ජාලයෙත් ඒ ගැන හොයලා බලනවා. ඒත් උත්තරේ එකම දෙයයි. මේ රෝගයට තාම ප්‍රථිකාර නෑ කියන එක. ආයිගෙ අම්මා ශියෝකට මේ හැම එකක්ම අතරෙ හම්බවෙනවා කිසි වගකීමක් නැති, දරුවන්ට සළකන්නෙ නැති එපාකරපු අම්මා කෙනෙක්. ඉතිං ආයගෙ අම්මට හිතාගන්න බැරි වෙනවා ආයට මෙච්චර හොඳට සළකලත් ඇයි මෙහෙම වුණේ කියලා. ඩොක්ට මිසූනෝගෙ උපදෙස් මත ආයගෙ අම්මා ඩොක්ට මිසූනෝගෙ ගුරුතුමා එහෙම නැතිනම් රෝගය ගැන ඒ වෙනකොට රටේ ඉන්න උසස්ම වෛද්‍ය වරයාවත් හමු වෙන්න යනවා. ඒ වෛද්‍ය වරයගෙ අදහසත් ආයට තියෙන රෝගය සුව කරන්න බැහැ කියලා. කොහොමහරි ආයගෙ අම්ම හිත හදාගන්නවා මේ ගැන ආයගෙ තාත්තට කියන්න. ඒක ආයගෙ තාත්තට දරාගන්ඩ බැරි වෙනවා. දන්නවනේ දෙමව්පියො කියන්නෙ කොයි කැපකිරීම හරි කරලා තමන්ගෙ දරුවන්ව ආරක්ශාකරන්ඩ හිතන පිරිසක්. ආයගෙ අම්මයි තාත්තයිත් ඒක එහෙමයි.
මේ හැම එකක්ම අතරෙ ආයා අම්මත් එක්ක එයාගෙ තුවාලෙට බෙහෙත් දාගන්න රෝහලට යනවා.ඩොක්ට මිසූනෝ ආයාට දිනපොතක් කියලා හිතාගෙන අර පොත දිගටම ලියන්ඩ කියලා කියනවා.( මතක ඇතිනේ පළවෙනි කොටසෙදි ඩොක්ට මිසූනෝ ආයට එයාගෙ ක්‍රියාකාරීත්වයෙ අසාමාන්‍යතාවක් තියෙනව නම් පොතක ලියන්ඩ කියලා උපදෙස් දුන්නා.)රෝහලට ගිය වෙලාවෙ වෙලාවෙ එයාට හම්බවෙනවා යුකා කියලා අසල්වැසි ළමයෙක්ව. එයාගෙ තාත්තාවත් ඒ රෝහලේ නවත්තලා තියෙන්නෙ. ඇත්තටම ඒ ළමයගෙ තාත්තට තියෙන්නෙත් ආයට තියෙන ලෙඩේමයි. යුකා කියනවා එයාගෙ තාත්තා වැටුණ වෙලාවෙත් එයාගෙ නිකට තුවාල වුණා කියලා. ඒත් ආයා එයාට ලෙඩක් එච්චර බරපතල ලෙඩක් තියෙනව කියලා දන්නෙ නෑනෙ. ඒත් ආයා දකිනවා ඒ රෝගියා භාරව ඉන්නෙත් එයා දන්න ඩොක්ට මිසූනෝට කියලා.
ඉතිං ආයගෙ අම්මයි තාත්තයි ආයට එයාගෙ රෝගය ගැන කියයිද? නැද්ද ?
8D6DE4D1C51B1EE4EBB681ECC1C07AF6192629BF ටොරන්ට් ලින්ක් යෙදීමෙන් ඇතිවන යම් ගැටලු හේතුවෙන් අඩවිය විසින් ටොරන්ට් ලබාදීම අත්හිටුවා ඇත. නමුත් මෙම කතාංගය සොයාගැනීමට ඇති අපහසුව නිසාවෙන් මෙතැන හෑෂ් එක පමණක් ලබා දී ඇත. මෙම (hash) එක මගින් google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. කතාවේ පිටපතේ බා ගැනීම ඔබේ කාර්යයක් වන අතර ඒ පිලිබඳ අපේ වගකීමක් නොමැති බව කරුණාවෙන් සලකන්න. ___________________________________________________________________ Due to copyright complications, we no longer provide torrent links. We hold no responsibility about how you come to obtain video & there are no obligation to actions you take with it among the copyright of the TV Show.
328 downloadsDownload 1.Litre_.of_.Tears_.E02.baiscopelk.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සුධාරා විද්‍යාරත්න
Subtitles
5 comments
Ishan Madusha
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Kulanjana Maduranga
niayamai…thanks SUDARA sis..sub ekata..digatama sub demu.jaya wewa……
Krishan NiShalya
elo.. digatama denna sub eka
රොයිලි
බොහොම ස්තූතියි සුධාරා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![1 Litre of Tears (2005) [Ep02] with Sinhala Subtitles| නොදැනීම පාව ගිය 15 වසර. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/1-Litre-of-Tears.jpg)

Thanks sis.. sub 1ta.