ලෝකෙ වටිනා කියන ගොඩාක් දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ කෙනෙක්ගෙ පුංචි හිතකට ආව චූටි චූටි අදහස් වලින්. ඇපල්, වින්ඩෝස්, අලිබබා කියන්නෙ ඒවට හොදම උදාහරණ. අවුරුද්දකට දින 365ක් තිබ්බට බයිස්කෝප් අපිට අද (10) ස්වර්ණමය දවසක් වෙන්නෙ අදින් හරියටම වසර 10කට පෙර “පොතේ ගුරා” හට පහල වූ අපූර්ව අදහසකින් බයිස්කෝප් වෙබ්…

ලෝකෙ වටිනා කියන ගොඩාක් දේවල් නිර්මාණය වෙලා තියෙන්නේ කෙනෙක්ගෙ පුංචි හිතකට ආව චූටි චූටි අදහස් වලින්. ඇපල්, වින්ඩෝස්, අලිබබා කියන්නෙ ඒවට හොදම උදාහරණ. අවුරුද්දකට දින 365ක් තිබ්බට බයිස්කෝප් අපිට අද (10) ස්වර්ණමය දවසක් වෙන්නෙ අදින් හරියටම වසර 10කට පෙර “පොතේ ගුරා” හට පහල වූ අපූර්ව අදහසකින් බයිස්කෝප් වෙබ් අඩවියට අත් පොත් තැබීම නිසාවෙන්මයි. එලෙස ගමන් ආරම්භ කළ බයිස්කෝප් අපි, අද මේ සූදානම් වෙන්නෙ අපගේ දසවෙනි සංවත්සරය සැමරීමටයි.
බයිස්කෝප්හි උපසිරසිකරුවන් වන අපත්, අපේ ආදරණීය පරිශීලකයන් වන ඔබත් අතරේ බයිස්කෝප් හරහා බැදුනු සොඳුරු මතක කෙතරම් නම් ඇද්ද? ඒ අතරේ චූටි චූටි රංඩු සරුවල්, සිත් රිදවීම් ආදියත් නොතිබුනාම නොවෙයි. ඊට වඩා ඔබත් අපත් අතර ඇති සොදුරු සබඳතාවය මිහිරියි. ඉතිං අද වගේ දිනක අපට එවන් මතක උරුම කර දුන් බයිස්කෝප් අඩවියේ ඉතිහාසය යළි සිහියට නගා ගැනීම කළ යුතුම දෙයක්. එනිසා අපි බයිස්කෝප් වෙබ් අඩවිය මෙතුවක් කල් ආ ගමන් මග දෙස හැරී බලමු. පැරැණි මතක වියෙකෙන්න නොදී ආවර්ජනය කරමු…
එදා බයිස්කෝප් අඩවිය තිබුනේ අද ඔබට, මට සමීප වෙබ් අඩවිය ලෙස නොව බ්ලොග් අඩවියක් ලෙසයි. ඒ “පොතේ ගුරා” තමන් නැරඹූ චිත්‍රපට පිළිබඳව කෙටි විස්තරයක් පාඨකයනට තිළින කරනා බ්ලොග් අඩවියක් ලෙසයි. සමහර විට බයිස්කෝප්හි පැරණි ලිපි කියවන විට ඔබට කවුද මේ ‘පොතේ ගුරා’ යැයි ගැටලුවක් පැන නගින්නට ඇති. ඇත්තෙන්ම “පොතේ ගුරා” යනු අන් කවරෙකුත් නොව “ඉසිර ගුණතිලක” සහෝදරයාටයි. පසුව පොතේ ගුරාගේ මිතුරෙක් දුන් මෘදුකාංගයක් භාවිත කරමින් රොයිලි සහෝදරයා හා පොතේ ගුරා එක්ව උපසිරසි කිරීමට තීරණය කරනවා. හරියටම 2009 ජූනි 26 වෙනිදා සිංහල උපසිරසිකරණයේ ඒ ස්වර්ණමය දිනය උදා වුනා. එනම් “Deja Vu (2006)“ සලෙරුවට “අතීතය වර්තමානය හා අනාගතය” නමින් රොයිලි සහෝදරයා බයිස්කෝප් බ්ලොග් අඩවියට පළමු සිංහල උපසිරස නිකුත් කිරීමයි. මට අදටත් සිතා ගත නොහැකි කාරණයක් වන්නේ එදා රොයිලි අයියා මේ සලෙරුවටම තම පළමු උපසිරස පල කිරීම සිතා මතාම කළ දෙයක්ද නැතිනම් අහම්බයක්ද යන වගයි. මක් නිසාද කියතොත් “Deja Vu” යන්නේ තේරුම “මුල් වරට දුටු විට කලින් දැක ඇති ලෙස දැනෙන හැගීමයි”. අදටත් අන්තර්ජාලයෙන් ලබාගන්නා උපසිරසක් සහිතව ෆිලුමක් බලද්දී ඉස්සර ටෙලිවිෂනයෙන් චිත්‍රපට සිංහල උපසිරසි සහිතව බැලූ ඒ අතීතය සිහිපත් වෙද්දී “Deja Vu” යන්න ගැලපෙනම නමක් බව මගේ හැගීමයි. එයට එතුමා එදා “අතීතය වර්තමානය හා අනාගතය” ලෙස සිංහලයට නගද්දී දිනක සිංහල උපසිරසිකරණයේ වර්තමානය හා අනාගතයට ඔහු මුල් පිරූ බව එදා (අතීතයේදී) නොසිතෙන්නටත් ඇති.
ඔබ බයිස්කෝප් අඩවියේ යටින්ම ඇති “අපේ සම්පත් දායකයෝ“ යන ලින්කුවට පිවිස ඇත්නම් එහි අංක 1 ලෙස තාමත් වැජබෙන්නේ රොයිලි සහෝදරයා බව හොදින්ම දන්නවා ඇති. කාර්යබහුල දිවි පෙවතක් ගතකරද උපසිරසිකරණයට සමු නොදී තාමත් නොදැවී වැඩිම උපසිරසි ගනනක් තිළින කළ රොයිලි සහෝදරයාටද පුරා වසර දහයක් බයිස්කෝප් අඩවිය සමග තමා ආ ගමන් මඟ ගැන කියන්නට නම් දෑ “කප්පරක්” ඇති.
රොයිලි සහෝදරයා මේ විශේෂ අවස්ථාවේ මෙන්න මෙහෙම පවසනවා
“අවුරුදු 10 ක්!!!! කියන්න දේවල් කප්පරක් තිබ්බත් බොහොම කෙටියෙන් කියන්නම්. කවුද හිතුවේ අහම්බෙන් දැක්ක දෙයක් නිසා කරපු දෙයකින් මෙහෙම තැනකට ඒවි කියලා. ඉසිර නිසා වෙබ් අඩවියට එකතු වුණාට, දිගටම එහි රැඳුණේ මාව දිරි ගන්වපු ඔබ හින්දමයි. සමහර විට ඔබ නොදන්නවා වුණාට තිරයෙන් පිටුපස ඉඳන් මේ වෙද්දි සෑහෙන බරක් අදින අනිකුත් ඇඩ්මින්වරුන්ටත්, හැමදාමත් මාව දිරිගන්වපු ඔබටත් හෘද්‍යාංගම ස්තූතිය පුදකරනවා. එකම එක ඉල්ලීමක් කරන්නම්. අනිකුත් උපසිරැසි කරුවන්ව දිරිමත් කරන්න අමතක කරන්න එපා. බයිස්කෝප් අඩවිය මෙතෙක් දුර ආවෙත්, ඉදිරියට යන්නෙත් ඔවුන් නිසාමයි. ජය෴෴”
බයිස්කෝප් ද්වී බීජ පත්‍රී ශාකයක් නම් එහි මුදුන් මුල පොතේ ගුරායි. අග්‍රස්ත අංකුරය රොයිලි අයියා වන අතරම මුලින්ම හට ගන්නා ද්වී බීජ පත්‍ර දෙක නම් පොතේ ගුරාගේ සගයන් වූ “විද්‍යා” හා “ගෝලයා” වේ. එදා ඔවුන් කළ කැපවීම වෙනුවෙන් 2009 “අසෙනිය කුසුම” සාහිත්‍ය කලා මහෝත්සවයේදී හොදම සමූහ බ්ලොග් අඩවියට හිමි සම්මානය බයිස්කෝප් දිනා ගත්තේ “හැදෙන ගහ දෙපෙත්තෙන් කියා පාන්නක්” මෙනි.
වේයන් කුඩා කුඩා පස් කැටති ගෙන යෝධ තුඹසක් බඳින්නාක් මෙන් දසතින් පැමිණි පරම්පරා කීපයකම වේයන් නොහොත් “උපසිරසිකරුවන්” පස් කැටති නොහොත් “උපසිරස” බැගින් ගෙන එදා සිට අද දක්වා වෙබ් අඩවිය සෑදූ අතර එය මහා තුඹසක් බවට පත්වී හමාරය. පෙරදී උපසිරසි 300ක් ඔබට ලබා දීමට අවුරුදු තුනකුත් මාස ගනනක් ගිය අපිට පරම්පරා කීපයක මැදිහත් වීමෙන් එදා සිට දින 266කින් (2013 මැයි 7) තවත් උපසිරසි 700ක් ලබා දී උපසිරසි 1000 සම්පූර්ණ කිරීමටද, 2013 අගෝස්තු 28 වන විට ඔබ වෙනුවෙන් උපසිරසි 2000ක් තිළින කර දීමට හැකි වූයේද, 2014 මාර්තු 10 වෙනි දින අපේ පස් වන සංවත්සරය වෙනුවෙන් BBC Human Planet මාලාවට දිනයක් තුල උපසිරසි දිමටද, 2018 වසරේ නම වන සංවත්සරය සැමරීමට BBC Life කතා මාලාවට මෙන්ම AFI හොදම චිත්‍රපට 100ට හා IMDb මුල් සලෙරූ 250න් මුල් සලෙරූ 10ක් පමණ යාවත් කාලීන කිරීමටද අපට හැකි වූයේ බයිස්කෝප් අපි වේයන් මෙන් සමගිය බලය කරගත් නිසාවෙනි.
මෙසේ අතු පතර විහිදා සරු සාර ලෙස බයිස්කෝප් වෘක්ෂය වැඩුනේ නිකන්ම නොව “බයිස්කෝප් මංසල” නමින් අපේ පැරණි විනෝදාංශය වූ චිත්‍රපට ගැන විස්තර ලබා දෙන වෙබ් අඩවියකුත්, “බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස්” නමින් ටොරන්ට් ලින්ක් ලබා දීමට නීතිමය ගැටලු පැන නගින නිසා ඇරඹූ වෙබ් අඩවියකුත්, අපේ සමාජ සුබසාධන වඩ කටයුතු වලට අරමුදල් රැස් කිරීමේ අරමුණින් සෑදූ “බයිස්කෝප් ශොප්” නම් වෙබ් අඩවියකුත් ඔබට දායාද කරමිනි.
එදා ළපටි පැලයක් වූ බයිස්කෝප් දස වසරක් තුලදී ලංකාවේ වැඩියෙන්ම පරිශීලකයන් සිටින වෙබ් අඩවියක් බවට පත්ව ගුණ සුවද මකරන්ධය දසත විහිදුවන අලංකාරවත් මල් වලින් හා ඵල වලින් පරිපුන් මහා රුකක් වී හමාරය. “ඵල ඇති රුකටම ගල් වදින්නා” යන පිරුළ නැවත් නැවතත් සනාත කරමින් අප මෙතෙක් ආ ගමන් මග පුරාවටම ගල්, මුල්, පොලු පාරවල් වල සලකුණු නොමදව සටහන් වී ඇත. එය ඔබට කලින් කලට “comment section” එක තුලින් ජීවමාන වේ. එහි ප්‍රතිඵලයක් ලෙස ටෙලි කතා මාලා වලට උපසිරසි දීම තාවකාලිකව නැවැත්තූ බවත්, ලොග් වීමේ පද්ධතියක් තනන්නට වූ බවත්, එමෙන්ම “ලයික්ස්” ලක්ෂ එකහමාරකට වඩා වැඩි සංඛ්‍යාවකින් යුක්ත වූ අපගේ බයිස්කෝප් ෆේස්බුක් පිටුව රිපෝට් වීම නිසාවෙන් ඒ වෙනුවට අළුතින්ම ෆේස්බුක් පිටුවක් නිර්මාණය කිරීමට සිදු වූ බවත් ඔබට මට රහසක් නොවෙයි.
ඔබ එවන පණිවිඩ සියල්ලටම පිළිතුරු ලබා දෙමින්, පැය විසි හතර පුරා නිබදව කැපවෙමින් උපසිරසි වෙබ් අඩවියේ පළකිරීමේ භාරධූර කටයුත්තේ නිරත වී සිටින අපගේ “ඇඩ්මින් මඩුල්ලද”, බයිස්කෝප් වෙබ් අඩවියට එක උපසිරසකින් හෝ දායකත්වය ලබා දුන් සියලුම උපසිරසිකරුවන්ද අද වැනි දිනක අනිවාර්යයෙන් සිහිපත් කළ යුතුය. ඉතිං එදා සිට අද දක්වා අප සමඟ රැදී සිටි, අසීරු අවස්තාවන් වලදී අපට නිබඳවම සවියක් වූ, අපට දිරි දීමේ අරමුණින් එක කමෙන්ටුවක් හෝ දැමූ ආදරණීය ඔබවද අද වැනි ස්වර්ණමය දිනක අප සිහිපත් කරන්නේ සෙනෙහෙ සිතිනි. ඔබ අපට දුන් ඒ අමිල සහයට කෘතගුණ සලකනු වස් අගනා තිළිණයක් ලෙස ජනප්‍රිය කතා මාලා දෙකක් ඔබට ලබා දෙන්නට අද අපි සූදානම්.
මෙවර අප ඔබට කුමන ආකාරයේ මාලා නාටක ටිකක් තිළිණ කරයිද යන කුතුහලය නිවා ගැනීමට අවශ්‍යද? එසේ නම් අද දිනය පුරාම අප හා රැදී සිටින්න. දින ගනනාවක් තිස්සේ ඔබට එම තිළිණයන් ලබා දීමට වෙහෙසුනු එම සහෝදර සහෝදරියන් විසින්ම ඔබේ කුතුහලය සංසිදවනු ඇත…
429 comments
Dnkshehan95
Sarathk
හදවතින්ම සුභපතනවා ….. !!!!!
indikarock
Happy anniversary good job....
lahiru sadaruvan
congratulations baiscope team...
AsankaGF
good luck
Thank youMalshan_Madhawa
Congratulations බුදුසරණයි ඔයාල හැමෝටම..❤️❤️❤️
arawinda
Good luck boys ......
lasantha...chandimal
SUbaa subaa brothers
එල්.සී. දමැල්
හිතාගන්න බෑ අවුරුදු 10ක් ගත වෙලා ගිහින් කියලා. ඉතින් සුභ පැතුම් බයිස්කෝප් සිංහලෙන්. ඉසිරට, රොයිලිට , ගෝලයාට, විද්ටයා පෙර බර අදින ලද, දැන් බර අදින්නාවූ සියලු ඇඩ්මින්වරුන්ට/වරියන්ට සහ සියලු උපසිරසකරුවන්ට හදපිරි උත්තමාචාරය... ❤️
Charith Eranga Munasinghe
gimhana
congratulations
subodha
congratulations..
TRD
සුභ පැතුම් බයිස්කෝප්...අපි හැමදාම ඔබ සමගයි...ජයවේවා...!!!!
Kanishkaksb
Good luck.. 2.0 sub eka ikmanin denna...
LaHIRU MV
සුභ පැතුම් බයිිස්කෝප්
tharu716
Congratulation
Cmj
Congratulations BAISCOPE!
Vgayesh
Congrtz Baiscolpelk and The Crew
Keep it updenis_doj
Good luck....
Subhash13
සුබ පැතුම් මචන්ලා...Good Luck. Bohemian Rhapsody ,Umbrella Acadamy සබ් දුන්නොත් හොදටම ඇති
Nishanthajf
Congratulations !
Happy Birthday !!විකියා
සුභ පැතුම් බයිස්කෝප්... ජයෙන් ජය වේවා!!!!
තාරක නුවන් දිල්හාර ©T
මීට අවුරුදු දහයකට කලින් හරියටම අද වගේම මාර්තු 10 වෙනිදා දවසක අසීමාන්තික වූ අන්තර්ජාල විශ්වයේ කොනක පොඩි නිවහනක් වෙනුවෙන් මුල්ගල තබනු ලැබුවා. ඉමක් කොනක් නොපෙනන අන්තර්ජාලය නම් විශ්වයේ සැරිසමින් හිටපු කොළුවෙක් එදා තැබූ ඒ මුල්ගල, අද මෙතරම් මහා මන්දිරයක් වේවි යැයි කිසිවිටකත් නොසිතන්නට ඇති. අද වෙද්දී මේ මන්දිරයේ පවා ඇතුල්වීමේ දොරක් තිබ්බට පිටවීමේ දොරක් හොයාගන්න නැති වෙලා. මේකට ඇතුලට රිංගනවා විතරයි හැම කෙනෙකුටම මතක. රිංගපුවෝ නම් දනිති ඒ ගැන.
ඉතින් මටත් මීට අවුරුදු පහකට විතර කලින් මේ මන්දිරය ඇතුලට ඔලුව ඔබන්න වාසනාව ලැබුනා. මං යනකොටත් ඇතුලේ සෑහෙන්න පිරිසක් ඉන්නවා. මං හිතන්නේ එලියට යන්න දොරක් හොයාගන්න බැරිව වෙන්න ඕන. ඉතින් එදා ඉදන් මාත් ඒ අයටම සෙට් වෙලා මේ සුවිසල් මන්දිරය ඇතුලේ තාම සැරිසරනවා. එලියට යන්න දොරක් නම් තාම හම්බුනේ නෑ. ඒත් දැන් මේ සෙට් එක දාලා යන්න හිතෙන්නෙත් නෑ. ඒ වගේම මේ මන්දිරේ දාලා යන්න කොහෙත්ම හිතෙන්නේ නෑ. පුළු පුළුවන් විදිහට අතු පතු ගාගෙන ලස්සනට තියාගෙන ඉන්නවා ඇරෙන්න. දැන් නම් දොරවල් ඔනෙම නෑ.
#ඉසිර #රොයිලි #ගෝලසහෝ අයියලාවරුනි ගොඩක් ස්තුතියි මේ වගේ සුන්දර නිවහනක් ශ්‍රී ලාංකික සිනමා රසිකයින් හට ගොඩ නගා දුන්නාට. ඒ වගේම ගොඩක් පිං, උපසිරැසිකරුවන් වන අපට මෙවන් සුන්දර පවුලක් තනා දුන්නාට.!!! ඇඩ්මින් මඩුල්ලට මෙන්ම උපසිරැසි කණ්ඩායමටද ස්තුතියි කරනා කැප කිරීම් සියල්ලටම. ඒ වගේම ප්‍රේක්ෂක ඔබ සැමටද ස්තුතියි වසර දහයක් පුරා අප හා නිබඳව රැඳී සිටියාට. ඉදිරියටත් ඔබ වෙනුවෙන් කැප වන්නට අපගේ කණ්ඩායම සූදානමින්...!!! චිරං ජයතු බයිස්කෝප් සිංහලෙන් ෴෴෴
සුභ උපන්දිනයක් වේවා.!! බයිස්කෝප් සිංහලෙන්
ඇඩ්මින් මඩුල්ල සහ උපසිරැසි කණ්ඩායමේ හැමෝගෙම ඉදිරි වැඩකටයුතු සියල්ල සාර්ථක වේවා!! ජය!!
Iroshan Kumar
Congratulations baiscope....❤️❤️❤️❤️❤️❤️❤️❤️️️️️️️
sampath n perera
wish you all the best
AmilaNu1
සුභ පැතුම් මචංලා...... දිගු ගමනකට සුභාසිරි පතනවා...
ak
Congratulations Baiscope! Good luck!
Ranga lakshan
Congratulations BaiscoprLk Crew
manjula
හදපත්ලෙන්ම සුභ පැතුම්.
lahiru1991
Congrtulations guys.Thank you very much for your work.
Budu Saranairicadodamien
Happy Anniversary Baiscope team. Good Luck & all the best. God bless u all........................
wickrama98
✊✊✊
Amila Eranda
Congratulations...!
Ashassin
ජය වේවා
10 ට සුබ පැතුම්vas0303
Congrats guys. Keep up the good work.
Mahesh Silva
බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මාගේ හද පිරි සුභ පැතුම් පතනවා, දස වසරක ඔබතුමන්ලාගේ සේවාවෙන් තවත් ඉදිරියට ගෙනයන්න ශක්තිය දෛර්ය්ය ලැබේවා
Naveen Rangana
සුභ පැතුම් බයිස්කෝප්....... ජයවේවා....... තවත් දිගු කලක් වැජඹීමට ලැබේවා..........!!!!!!!!!!!!!!!!!!!!!
Udaya Saman
සයිට් එක පටන් ගත්ත දවසේ ඉදන් අද වෙනකන්ම සයිට් එකත් එක්ක හිටියා. හද පත්ලෙන්ම සුභ පතනවා. ඇඩ්මින් මණ්ඩලේ සියළු දෙනාටමත්, අනෙකුත් අයටත් සුභ පැතුම්..වැඩේ දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්්‍ය ප්‍රාර්ථනා කරනවා.....
Naveen Rangana
දස වසරක ඹබගේ සේවාව අති විශිෂ්ටයි..... ජයවේවා...........!!!!!!!!!!!!!!
rajitha mahesh
#Happy birthday day✨
kalindu77
Congzz boys!!!
Hgkp
සුබ පැතුම් බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට ඔබ අවුරුදු 10ක් පුරා ලබා දුන් මේ සේවාව තවදුරටත් හොදින් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියල මා හද පතුලින් පතනව.
chamee1982
ammooo awueudu 10k. dawas 365*10 liyanne 3650k mama subtitle 3650 kata wada download karala ethi.. pin oyala ollotama... digukal wejabewa
nkrtharinda95
බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට මාගේ හද පිරි සුභ පැතුම් පතනවා, දස වසරක ඔබතුමන්ලාගේ සේවාවෙන් තවත් ඉදිරියට ගෙනයන්නත් උපසිරැසි කරන අයටත් ශක්තිය ධෛර්යය ලැබේවා
msmanoj
ප්රිතිමත් සංවත්සරයක් වේවා !!!!!! බයිස්කෝප් කණ්ඩායමට.
prabodini44
wish you all the best for another 100 years.
saman
හදපත්ලෙන්ම සුභ පැතුම් , එවාගෙම බොහොම ස්තූතියි අපිට ඔබ හැම අපට කල සේවාව වෙනුවෙන්.
තව බොහෝ කාලයක් ඔබ සියලු දෙනාට උපසිරැසි සකස් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි පාර්තනා කරම්හසිත මධුෂාන්
10 වෙනි සංවත්සරයට සුබ පැතුම්....!
Rajiv Madhumadhawa
congratulations.... baiscop...
Prashan
බයිස්කෝප් 10 වෙනි සංවත්සරයට උණුසුම් සුභ පැතුම්.සිංහල උපසිරැසි ලබා දෙමින් අප හට කල සේවාව වෙනුවෙන් බොහොම ස්තුතියි.තවත් දිගු කාලයක් උපසිරැසිකරණයේ ප්‍රමුඛයා ලෙස වැජබෙන්න ලැබේවායි ප්‍රාර්ථනා කරමි.
Madumai
Congratulations බයිස්කෝප්
madusanka8816
congratulation baiscope group
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
❤