Watch Trailer

Shadowhunters: The Mortal Instruments [S03 : E12] Sinhala Subtitles | මරණයේ පූජාව..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ඉතිං බයිස්කෝප් 10 වැනි සංවත්සරයට එක හුස්මට දුන්නු The Widow සහ The Crossing බලල මහන්සිත් ඇති නේ. එහෙම තමයි මේ වගේ වැදගත් දවසක අපි කොහොමටවත් අපේ සහෘදයින්ට බයිස්කෝප් අඩවියෙන් ඈත් වෙන්න දෙන්නෙ නෑ. අද විතරක් නෙවෙයි කිසිම දවසක අතාරින්නෙ නෑ. කොහොමහරි ඉතිං ඔයාල 10 සමරන අතරෙ මම මේ ප…

ආයුබෝවන් මිත්‍රවරුණි..!

ඉතිං බයිස්කෝප් 10 වැනි සංවත්සරයට එක හුස්මට දුන්නු The Widow සහ The Crossing බලල මහන්සිත් ඇති නේ. එහෙම තමයි මේ වගේ වැදගත් දවසක අපි කොහොමටවත් අපේ සහෘදයින්ට බයිස්කෝප් අඩවියෙන් ඈත් වෙන්න දෙන්නෙ නෑ. අද විතරක් නෙවෙයි කිසිම දවසක අතාරින්නෙ නෑ. කොහොමහරි ඉතිං ඔයාල 10 සමරන අතරෙ මම මේ පැත්තෙ ඉඳගෙන ඔන්න සෙවනැලි දඩයමත් කරගෙන ආව. එහෙනම් බලමු කලින් කොටසෙදි මොනවද වුණේ කියල.

පසුගිය කොටසින්..

ලිලිත් සයිමන්ට පහර දෙනවත් එක්කම ලිලිත්ගෙ ශරීරය බෝම්බයක් වගේ පිපිරිලා ගියාට ඊට සුළු මොහොතකට කලින් ක්ලැරී සහ ජොනතන් හිටපු නවාතැන වෙන තැනකට මාරු වෙලා තිබුණ. ඒ සයිබීරියාවේ හිම සහිත ප්‍රදේශයකට. නමුත් මේක කිසි කෙනෙක් දන්නෙ නෑ. ක්ලැරීට සිහි එන්නෙත් සිද්ධිය වෙලා සතියක් විතර ගියාට පස්සෙ. ඒ නිසා ජේස්, සයිමන්, ඉසී, ඇලෙක්, මැග්නස් වගේම මායා හිතන්නෙත් ක්ලැරී මැරුණ කියල. ඒත් ලූක් මේක විශ්වාස කළේම නෑ. ලූක් ඒ බව ජේස්ට කියනව.නමුත් ජේස්නම් ඒක එච්චර ඔළුවට ගන්න බවක් පෙනුණෙ නෑ. මේ අතරෙ ජොනතන් එක්ක තනි වෙලා හිටපු ක්ලැරී නවාතැනේ දොර ඇරගෙන එළියට පැනල දුවනව. දිව්ව කියල කොහේ යන්නද? හැම තැනකම තියෙන්නෙ හිම විතරයි. එහෙම ගිහින් සිහි නැතුව එක තැනක වැටෙනව. ජොනතන් ඇවිල්ල ක්ලැරී ආපහු එක්කගෙන යනව. මේ අතරෙ කේන්ගේ සලකුණ නිසා සෑහෙන හිත කරදර කරගෙන ඉන්න සයිමන් හොයන්නෙ කේන්ගෙ සලකුණ තමන්ගෙ නළලෙන් ඉවත් කරගන්න ක්‍රමයක්. ඒකට සයිමන් රෆායෙල් ලඟට ගිහින් අහනව එයා දන්නෙ මොනවද කියල. ඒත් ඉතිං රෆායෙල් ලොකු දෙයක් දන්නෙ නෑ. හැබැයි දන්න කෙනෙක් ඉන්න තැනක් ගැන ඉඟියක් ලබා දුන්න සයිමන්ට. දැන් සයිමන් ඒ කෙනාව හොයාගෙන යන්නයි සූදානම. ඒ වගේම අවසාන විනාඩි කීපයේ අපි දැක්ක ක්ලැරී, ජොනතන්ව මරන්න හැදුව. හැබැයි ඒකෙන් වුණේ හිතපු නැති දෙයක්. ජොනතන්ට විඳින්න වෙන ඕනම දෙයක් ඒ විදියටම ක්ලෑරීටත් විඳින්න වෙනව.

අද කොටසින්…

ඉතිං මේ ඔක්කොම ඔහොම වෙද්දි අද බලාගන්න පුළුවන් කපන්න බැරි අත ඉඹිනව වගේ ක්ලැරී ජොනතන් එක්ක ඉන්න විදිය. ඒ වගේම සයිමන්, ඉසී එක්ක යනව රෆායෙල් කිව්ව පරණ වැම්පයර් හමු වෙන්න. එහෙම යද්දි මේ කෙනා හමු වෙනව. වැඩේ කියන්නෙ ඒ කෙනාටත් කේන්ගේ සලකුණ තියෙනව. කවුද මේ? කේන්ගේ සලකුණේ සැබෑ උරුමකරුවා තමයි මේ ඉන්නෙ. ඒක රහසක් විදියට තියන්නම් ඔයාලට විසඳ ගන්න. මේ කෙනා හමු වුණාට පස්සෙ සයිමන් දැනගන්නව සලකුණ අයින් කරන එක සිලී රැජිණට කරන්න පුළුවන් කියල. හැබැයි ඒක මරණයටත් වඩා වේදනාකාරී දෙයක්. ඒ වගේම මේ සිදුවීමෙදි ඉසී තමන්ගෙ ජීවිතය පරදුවට තියනව සයිමන් වෙනුවෙන්. හරියට ජේස් වෙනුවෙන් මැගන්ස් තමන්ගෙ මායා බලය පරදු තිව්ව වගේ. ජොනතන් ගැන කිව්වොත් ජොනතන් යම් දෙයක් හොයනව. ඒක කතාවෙ ඉදිරියේදි අපිට හමුවෙයි. හැබැයි ඒක ඒ හැටි හොඳ දෙයක් නම් වෙන එකක් නෑ. තව තව දේවල් ගොඩක් වෙනව. ඒ ඔක්කොම බලන්න කියල ආරාධනා කරමින් හෙට Walking Dead තුළින් හමු වෙන බලාපොරොත්තුව ඇතිව මම යනව. එහෙනම් Hail බයිස්කෝප්..! ජය වේවා..!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,670 downloadsDownload Mortal-Instruments-S03-E12.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

2,670 downloadsDownload Subtitles30 KB

18 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  2. Thamira

    Thanks sub ekata bro . digatama sub dipan bro

  3. dsdkavishka

    Thenks bro sub ekata

  4. madawaththa

    Tnx broh..

  5. Hasidhuanjana

    Thanks ban. Eth puluwannam ASSASSINATION CLASSROOM ANIMATION EKATATH sinhala sub DHENNAKO. Please ban.

  6. Mr.pamz

    Thanks bro

  7. Deshani

    Thank you

  8. Bhathiya gamage

    Thanks

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. . .

  11. Kulanjana Maduranga

    subata thanks

  12. suranuwan

    thanks........

  13. Shashi

    බොහොම ස්තුතියි.
    ජය වේවා!

    1. Lakshan Fernand

      ඇත්තටම ගොඩක් වටිනවා බන්. සබ් දෙනවට මෙහෙම. අතඇරපු සීරීස් වලට පවා. නැත්තම් මඟ නවත්තන්න වෙනවනේ බලන්නේ නැතුව. තෑන්ක්ස් බන්.

  14. MAALnath

    Thanks ..................good luck ................

  15. chinthaka.max4

    thankx machan

  16. Sandarunimsara

    Sub ekata thanks bro

  17. Priyanwada Perera

    Thanks for the subtitles