Watch Trailer

12 Monkeys [S02 : E08] with Sinhala Subtitles | නිද්‍රා ගීතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 8 වැනි කොටස. අනේ මන්ද දැන්නම් ගියපු හොද කථා මාලා ගොඩක් ඉවරවෙලා, බලන්න එහෙකුත් නැති තරම් වගේ නේද? පසුගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කළොත්, කැසී සක්ෂිකරුගේ බලපෑමට ලක්වෙනවා නේ අර රතු තේ පානය නිසා. ඉතින් ගිය සතියේ ඇය නැවතත් facility ට එනවා ඒ බලපෑමත් සමගම.ඉතින් සාක්ෂිකරු කැසී ගේ මා…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ 8 වැනි කොටස. අනේ මන්ද දැන්නම් ගියපු හොද කථා මාලා ගොඩක් ඉවරවෙලා, බලන්න එහෙකුත් නැති තරම් වගේ නේද? පසුගිය සතිය ගැන පොඩ්ඩක් මතක් කළොත්, කැසී සක්ෂිකරුගේ බලපෑමට ලක්වෙනවා නේ අර රතු තේ පානය නිසා. ඉතින් ගිය සතියේ ඇය නැවතත් facility ට එනවා ඒ බලපෑමත් සමගම.ඉතින් සාක්ෂිකරු කැසී ගේ මාර්ගයෙන් ඔවුන්ගේ කාල යන්ත්‍රය කඩාකප්පල් කිරීමට සමත් වෙනවා. එමගින් අතීතයේ එම ස්ථානයේ පිහිටි හමුදා කදවුරින් පිරිසක් අනාගතයේ ඔවුන්ගේ කාලයට පැමිණ ඔවුන්ගේ වැඩ වලට බාධා කිරීමක් සිදුවෙනවා.ඒ වගේම අමුතු අමුතු පුද්ගලයිනුත් ඒ හරහා facility ය තුලට එනවා.

ඒ වගේම සක්ෂිකරුගේ බලපෑමට ලක්වූ කැසී සෑම්වත් රැගෙන මධ්‍ය කුටීරය තුලට ගොස් එය අගුල් දා ගන්නවා. සෑම් ගේ උදව්වෙන් ඔවුන් කෙසේ හෝ එම කුටීරය තුලට යාමට මාර්ගයක් සොයාගන්නවා. ඒ වගේම facility යත් ජෝන්ස් වත් බේරා ගැනීමට Dr. එක්ලන්ඩ් යන්ත්‍රය වෙතට ගොස් එය සාදන්න කටයුතු කරනවා. එයින් නිකුත් වන විකිරණ වලට නිරාවරණය වීම නිසා ඔහු මරණයට පත් වෙනවා. සාක්ෂිකරුගේ බලපෑමට යටත් වුන කැසී සෑම් ව ප්‍රාණ ඇපයට ගන්නවා. ඉතින් ඔහුවත්, facility යත්, යන්ත්‍රයත් බේරා ගැනීමට වෙන විකල්පයක් නොමැති නිසා කෝල්, රැම්සේට බල කරනවා ඔහුට වෙඩි තියන්න කියලා. කෝල්ගේ දැඩි ඉල්ලීම මත  රැම්සේ ඔහුට වෙඩි තබනවා. එයින් සාක්ෂිකරුගේ බලපෑම ඉවත් වී කැසී යතා තත්වයට පත්වෙනවා. නමුත් මධ්‍ය වසා දැමුවත් යන්ත්‍රයෙන් නිකුත් වන විකිරණ වල ප්‍රතිචාරයක් නිසා සෑම්ව නොදන්නා කාලයකට යැවෙනවා. ඒ වගේම මෙයින් සිත්තැවුලට පත්වන රැම්සේ facility එකෙන් පිටවී යනවා. ඔය විදිහට තමයි ගිය වර කොටස අවසන් වෙන්නේ. මේ සතිය ගැන කිවොත් ගිය සතියේ අවසානයේ එදින සිදුවූ සෑම දේකටම වැරැද්ද ජෝන්ස් භාර ගන්නවා. ඉතින් මේ සතියේ ජෝන්ස් කාටත් හොරෙන් කැසිව 2020 ට යවනවා.ඒ වෙන මොකටවත් නොවේ ඇයව මරණයට පත් කිරීමට. ඉතින් මේ ගැන දැන ගන්න කෝල් 2020 කරා යනවා කැසී ව නවත්වලා ජෝන්ස්ව බේරගන්න. එහිදී ඔවුන් නොසිතු පිස්සු විකාර ගොඩකට මුහුණ දෙන්න වෙන්නවා ඔවුන්ට. ඒ වගේම 2020 දීත් ඔවුන්ට සුපුරුදු පරණ යාලුවෙක් හම්බෙනවා.ඉතින් කැසී ජෝන්සව මරාවිද, නැත්නම් කෝල් ඇයව බේර ගනීවිද, ඔවුන්ට මුහුණ දෙන්න වෙන මේ පිස්සු විකාර දේවල් මොනවාද, ඔවුන්ට හම්බෙන පරණ යාලුවා කවුද, මේ සියල්ලම කතාව බලලම හොයා ගන්න එක හොදයි කියලා මම හිතනවා.

තව පුංච් දෙයක් කියන්න තියනවා. මේක බලලා කට්ටිය මට බනින එකක් නැතිවෙයි කියලා හිතනවා. මම හිතන්නෙ හැමෝම දන්නවා මේ කතාමාලාව පෙන්වන්නේ SYFY නාලිකාවේ සදුදා රාත්‍රියට. නමුත් ඉතින් මට තියන වැඩ රාජකාරි හා කාර්යය බහුලත්වය නිසා මේකට උපසිරැසිය ලබාදෙන්න වෙන්නේ බොහෝ වෙලාවට සිකුරාදාට. මම කොච්චර උත්සහ කළත් ඊට කළින් මේක දෙන්න එදාට ඉතින් අඩුම තරමේ Office එකේ වැඩක් හරි set වෙනවා.ඉතින් කට්ටිය ඒ ගැන නම් මාත් එක්ක තරහා වෙන්න එපා.මම උපරිම try කරනවා මේක සිකුරාදට කලින් දෙන්න.එහෙම බැරි උනොත් ඉතින් කට්ටිය මට බනින්න නම් එපා හොදේ.

ඊළග කොටසින් වෙමු වෙමු එහෙනම්. හැම දෙනාටම සුබ දවසක් …………..!!!!

 

12 Monkeys (2014– ) on IMDb

 

 

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත සඳහා වලංගු වේ.

865 downloadsDownload 12.Monkeys.S02E08.Baiscopelk.com_.rar25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/RasithaPradeep.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

            

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

රසිත ප්‍රදීප්

Subtitles

865 downloadsDownload Subtitles25 KB

14 comments

  1. dineth

    thanks sub ekata..digatama sub denna...obata jaya

  2. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..
    බාගත කිරීම් 59ක්.ඒත් කොමෙන්ටුවක් නැහැ.
    මාර මිනිස්සු.

    1. Rasitha Pradeep Somasiri

      ස්තුතියි සහෝ. මොනවා කරන්නද, ඒ අපේ අයගෙ හැටි තමයි ඉතින්..............

  3. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ
    දිගටම කරගෙන යමු..
    පුලුවන්නම් AMC එකේ අලුතෙන් යන Preacher එකට උපසිරැසි කරන්න..
    ජය වේවා !!!

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Lahiru

    Thanks...

  6. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  7. Maithree

    thanks

  8. kumara

    Thanks Bro !!!

  9. Hasitha Chathuranga

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  10. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(

  11. chinthaka.max4

    thanks machan

  12. රොයිලි

    බොහොම ස්තූතියි රසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P