ඔන්න එහෙනම් කස්ටියට වුණු පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නෙ. ඒ කියන්නෙ 12 Monkeys 3 වැනි කතාමාලාව අරගෙන එන්නයි යන්නෙ.ඉතිං මුලින්ම කියන්න ඕනෙ 12 Monkeys 3 වැනි කතාමාලාව කොටස් 10කින් සමන්විතයි. ඒ වගේම මෙවර එහි පළමු කොටස් 4, 2017 මැයි මාසයේ 19 වෙනිදාත් තවත් කොටස් 3 නක් 2017 මැයි මස 20 වැනිදාත්, ඉතුරු කොටස…

ඔන්න එහෙනම් කස්ටියට වුණු පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නෙ. ඒ කියන්නෙ 12 Monkeys 3 වැනි කතාමාලාව අරගෙන එන්නයි යන්නෙ.ඉතිං මුලින්ම කියන්න ඕනෙ 12 Monkeys 3 වැනි කතාමාලාව කොටස් 10කින් සමන්විතයි. ඒ වගේම මෙවර එහි පළමු කොටස් 4, 2017 මැයි මාසයේ 19 වෙනිදාත් තවත් කොටස් 3 නක් 2017 මැයි මස 20 වැනිදාත්, ඉතුරු කොටස් 3න 2017 මැයි මස 21 වැනිදාත් ලෙස කොටස් 10 යම එකවර නිකුත් කිරීමට SYFY නාලිකාව කටයුතු කළා. ඒ කියන්නෙ මෙහි කොටස් 10 නිකුත්වෙලා අවසන්. ඉතිං මම මට හැකි උපරිම ඉක්මණින් ඒ සියල්ලටම උපසිරැසි ලබාදීමට කටයුතු කරන්නම්.
ඉතිං දෙවන කතාමාලව ගැන පොඩ්ඩක් මතක් කළොත්, 1957 දී සිදුවන විරුද්ධාභාෂය නිසා 2044 දී ඇතිවන කුණාටුවක් නිසා පහසුකම, යන්ත්‍රය යන සියල්ල විනාශ වෙනව. නමුත් එම විනාශයට පෙර එම විරුද්ධාභාෂය නතර කිරීමට කෝල් සහ කැසී 1957 වෙත යවනවා. ඒ වගේම රැම්සේ, ජෙනීෆර්, හැනා ඇතුළු දියණියන්ගේ පිරිස ටයිටන් සොයා යනවා. ඒ වගේම 1957 ට යන කෝල්ට සහ කැසීට එම විරුද්ධාභාෂය නතර කිරීමට නොහැකි වෙනවා. ඉතිං එම විරුද්ධාභාෂය මගින් ඇතිවන පිපුරුමෙන් කැසීව කෝමා තත්වයට පත්වෙනවා. ඒ වගේම ඇයට සිහිය පැමිණෙන්නේ මාස 6 යකට පසුව. ඉතිං ඒ වනවිට කෝල් ඇයව දමා ගිහින්. ඒ වගේම කෝල් භාවිතා කරන අනිත් නමින් ඇය ඔහු ගැන සොයනවා. ඒ වගේම ඔහු පදිංචි වී සිටින ස්ථානයක ලිපිනයක් ඇයට ලැබෙනවා. කැසී කෝල්ව හොයාගෙන එහි යනවා. ඉතිං ඔවුන් දෙදෙනාට 1958 ම රැදී සිටීමට සිදුවෙනවා. ඒ 2044 යන්ත්‍රය විනාශ වී ඇති ඇති නිසා. ඒ වගේම 2044 දී රැම්සේ, වෛට්ලි, ඩීකන් හා හැනා සාක්ෂිකරුව සොයාගෙන ටයිටන් තුලට යනවා. එලෙසින්ම ඔවුන් සාක්ෂිකරුව සොයාගන්නවා. නමුත් ඔවුන් නොසිතන පරිදි එතෙන්ට සාක්ෂිකරුගේ පිරිස පැමිණ ඔවුන් සියලු දෙනාම මරා දමනවා. ඉතිං කැසී සහ කෝල් 1958 ම ජීවත් වීමට සිතනවා. ඒ වගේම කැසීට කෝල්ගෙන් දරුවෙකු ලැබීමට යනවා. නමුත් කෝල්ට හමුවෙන අයෙක් පවසන දෙයින් ඔහු රතු තේ පානය මගින් නැවතත් අතීතය වෙත යනවා. අතීතය වෙත ගොස් විරුද්ධාභාෂය වීම නතර කරනවා. ඒ වගේම එම විරුද්ධාභාෂය නතර කිරීම නිසා අනාගතයේ සිදුවන විනාශය නතර වී ඔවුන් නැවත 2044ට යනවා. ඉතිං කලින් වුණ හැමදේම එයින් වෙනස් වෙනවා. ඔවුන් එකතුවී ටයිටන් වෙතට පහර දෙනවා. නමුත් එහි සාක්ෂිකරු සිටින්නේ නැහැ. ඒ වගේම ටයිටන් යනු ඔවුන්ගේ කාල යන්ත්‍රය බව ජෝන්ස් සොයාගන්නවා. ඒ වගේම එය ක්‍රියාකිරීමට පටන් ගන්නා බැවින් හැමදෙනාම එයින් ඉවතට පැමිනීමට කටයුතු කරනවා. නමුත් ඩීකන් සාක්ෂිකරුගේ පිරිසෙන් ඝාතනයට ලක්වෙනවා. ඒ වගේම ජෙනීෆර් 1917 ප්‍රංශ – ජර්මන් යුද්ධය වෙතට කාල තරණය වෙනවා. නමුත් කැසීට ටයිටන් වලින් පිටවීමට හැකිවන්නේ නැහැ. සාක්ෂිකරුගේ පිරිස පැමිණ ඇයව අල්ලා ගන්නවා. ඒ වගේම දැන ගැනීමට ලැබෙනවා සාක්ෂිකරු යනු වෙනකිසිවෙකුත් නොවේ කැසීගේ සහ කෝල්ගේ දරුවා බව.
ඉතිං ඒ විදිහට තමයි දෙවන කතාමාලාව අවසන් වුනේ. ඒ වගේම තුන්වන කතාමාලාව ආරම්භ වෙන්නේ එතැන් සිට. එහෙනම් තුන්වන කතාමාලාව සමග එකතුවෙන්න කියල ඉල්ලා සිටිනවා. ඉතිං ඉතුරු කොටස් නමයටත් හැකි ඉක්මණින් උපසිරැසි ලබාදෙන්නම්. ඒ වගේම මෙහි 4 වැනි කතාමාලාවකුත් නිකුත්වන බව දැනට සදහන් වෙනවා. ඒ ගේම එය දැනට ආරංචිවෙන පරිදි 2018 තමයි විකාශය වෙන්නේ. එහෙනම් ඊළග කොටසින් හමුවෙමු.
සුබ දවසක්……..!!!!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
12.Monkeys.S03E01.HDTV.x264-SVA
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.
3,187 downloadsDownload 12-Monkeys-S03-E01.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
රසිත ප්‍රදීප්
Subtitles
28 comments
Gathsara Umesh Kumara
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Soori
ඔන්න ගත්තා. බොහෝම ස්තුතියි රසිත සහෝ... බලාගෙන හිටියේ දෙනකම්....
HUNTER
බොහොම සතූතියි සහෝ...................
කාලයක් බලන් හිටියා මේක දෙනකල්...
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න.............රන්දිම
මොගේ කුරුවල් වෙන පට්ට සීරීස් එකක් තමයි මේ. තැන්තූ. දිගටම ඇදන් යමු. තෙරුවන් සරණයි.
භාෂිත් උඩවත්ත
thanks a lot
Sanindu Lakkitha
***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
~~බුදුසරණයි..ජය වේවා~~charli
Ela Bro.. Colony S2 ewith thiyenne.Ekata sub Danna ...................
devinda
Ty malli.gdk pin sub ekta.....
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
#ජය වේවාකවීන් ලහිරු
සබ් එකට තුති රසිත සහෝ
02 වෙනි කොටහත් විගහට ගේමූSachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
Malindu
Thanks Bro
Janith.K.B.
බොහෝම ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Udara Damith B/K
ado මේකේ සීසන් තුන ඇවිල්ලද
දන්නෙත් නෑsanath indika
thx broo
උදාර දිල්ශාන්
සබ් එකට තුති සහෝ
#ජයRavindu Rukshan
thx
ashan lankanath
thanks .............................good luck
ටාරා
සබ් එකට තුති !!! 02 අරන් එමු හනිකට , ජය සහෝ
pakaya
huththo thota sub denna bari nm puluwan ekekta oka dipiya karanna..gon pakaya. palawani sub eka dila sathi ganak giya.. tho mechcharakal hukanawada..kariya...
Ushan
subta thankx broo!!!!!!
tbsdarshana
thanks for subtitle.....
all episode click karama vena tv serieas ekakata yanne,link eka puluvannam hadanavada,,,thanxnishan
Meke sub eka ganna be mokak hari awlak
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(chinthaka.max4
thanks machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Bohoom sthuthiy sahoo..
Digtm sub ek demoo