Watch Trailer

12 Monkeys [S03 : E07] with Sinhala Subtitles | සාක්ෂිකරුගේ අවසානයද මේ? [සිංහල උපසිරැසි සමඟ] 50*

ඔන්න එහෙනම් අද මගේ පළමුවෙනි කඩ ඉම පහුකරන්නයි යන්නෙ. සාමාන්‍යයෙන් කඩ ඉමකදී ගොඩක් අය කරන දෙයක් තමයි ඉතිං අලුතෙන් පැමිණෙන චිත්‍රපටයක් භාරගෙන එයින් කඩ ඉම සලකුණු කරන එක. ඉතිං මගේ රැකියාවේ කාර්යයබහුලත්වය නිසා අළුතෙන් වැඩක් භාරගෙන කරගෙන යාමට කාල වේලාව සොයාගැනීමට අපහසු නිසාත්, බාරගත්ත කතාමාලාවක් තිබෙන නිසා…

ඔන්න එහෙනම් අද මගේ පළමුවෙනි කඩ ඉම පහුකරන්නයි යන්නෙ. සාමාන්‍යයෙන් කඩ ඉමකදී ගොඩක් අය කරන දෙයක් තමයි ඉතිං අලුතෙන් පැමිණෙන චිත්‍රපටයක් භාරගෙන එයින් කඩ ඉම සලකුණු කරන එක. ඉතිං මගේ රැකියාවේ කාර්යයබහුලත්වය නිසා අළුතෙන් වැඩක් භාරගෙන කරගෙන යාමට කාල වේලාව සොයාගැනීමට අපහසු නිසාත්, බාරගත්ත කතාමාලාවක් තිබෙන නිසාත් මගේ 50 වැනි උපසිරැසිය එයින්ම කරගෙන යාමට තීරණය කළා. ඒ වගේම ඉතිං මේ වනතෙක් එකදු චිත්‍රපටයකටවත් උපසිරැසි ගන්වා නැතිවීමත් එයට තවත් හේතුවක් වුණා.

ඉතිං මගේ පළමුවෙනි උපසිරැසිය බයිස්කෝප් අඩවියේ පළවෙන්නේ 2016 අප්‍රේල් මස 14 වැනිදා. ඒ 12 Monkeys 02 වැනි කතාමාලාවේ පළමු කොටසින්. ඉතිං එදා ඉදන් මගේ 50 වැනි උපසිරැසිය ලබාදෙන්න මාස 15ක වගේ කාලයක් ගතවුණා. ඒ වගේම මම මගේ පළමු උපසිරැසිය කළ කතාමාලාවෙන්ම මගේ 50 වැනි උපසිරැසියත් සම්පූර්ණ කිරීමට හැකිවීම ඉතා සතුටට කාරණයක්. ඉතිං මම මුලින්ම “ශාන් විමුක්ති” එහෙමත් නැත්නම් “විමා” සහෝදරය මතක් කරන්න කැමතියි. මොකද මට මේ අවස්ථාව ලබාදුන්නේ ඔහුයි. ඒ වගේම බයිස්කෝප් එකත් එක්ක එකතු වුණාට පස්සෙ මට මුලින්ම හමුවුණ මිතුරා වූයේ “නිලුපුල් මධූකප්‍රිය” සහෝදරයා. මම 12 Monkeys 02 වැනි කතාමාලාව අවසන් කර, කරන්න උපසිරැසියක් නැතිව සිටින විට මා ගැන විශ්වාසය තබා ඔහු කරමින් සිටි Killjoys දෙවන කථාමාලාව කිරීමට මාහට බාරකළා. ඒ වගේම “රවිදු රුක්ෂාන්” සහෝදරයවත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මගේ hard drive එක අක්‍රීය වී Chicago PD සහ 12 Monkeys කථාමාලා දෙකම ගොඩගැසී අමාරුවේ වැටිල හිටපු වෙලාවෙ 12 Monkeys කථාමාලාවේ කොටසක් බාරගෙන උපසිරැසි ගන්වා දීම ගැන.

ඒ වගේම Chicago PD 04 වැනි කථාමාලාව මාහට ලබාදුන් ඇඩ්මින් මඩුල්ලේ ඉතා නිහඩව වැඩි වැඩ කොටසක් කරන “සමන් ප්‍රසාද්” සහෝදරයා, “හසන්ත අයිය, රොයිලි අයිය, ආසිරි අයිය, සදුන් අයිය, අසංක ප්‍රදීප් රණතුංග අයිය, සිසිල ප්‍රසාද් අයිය, චාමර සම්පත් සහෝදරය, දිල්ශාන් සචින්ත සහෝදරයා, යශෝධ ශ්‍රීමාල් සහෝදරය, අචින්ත මදුමාල් සහෝදරය, නුවන්ත සහෝදරය, දසාන් සහෝදරය, යසිරු හසරංග සහෝදරය, යුශාන් පියුමාල් සහොදරය, සුදීර මාලන් සහෝදරය, මයුර සුරාජ් සහෝදරය, තිසර නියෝ සහෝදරය, ප්‍රනීත් මධූ සහෝදරය, රඛිත රණතුංග සහෝදරය” යන සියළුදෙනාවම සහ බයිස්කෝප් අඩවියේ සියලුම සහෝදර, සහෝදරියන් මේ වෙලාවෙ මතක් කරන්න කැමතියි. ඒ වගේම කාව හරි මතක් කරන්න අමතක වුණානම් සමාවෙන්න ඕනෙ.

ඒ වගේම අවසන් වශයෙන් ප්‍රේක්ෂක ඔබ සැමදෙනාමත් මතක් කරන්න කැමතියි. මොකද අපි මේ කරන උපසිරැසි බාගතකරගන්න, වැරදි අඩුපාඩු පෙන්නල දෙන්න කෙනෙක් නැත්නම් අපි කරන දෙයිනුත් කිසිම වැඩක් නැතිවෙනවා. ඒ වගේම අවසන් වශයෙන් කියන්න අවශ්‍යයි මගේ රැකියාවේ කාර්යය බහුලත්වය නිසා කලට වේලාවට උපසිරැසි ලබාදීමට නම් නොහැකි වුණා. ඉතිං එයටත් සමාව ඉල්ලීමට මෙය අවස්ථාවක් කරගන්නවා.

ඉතිං කතාව ගැන බලනවා නම් 6 වැනි කොටසේදී කෝල් සහ කැසී 1953 වෙත ගොස් සාක්ෂිකරු සොයාගැනීමට ඔවුන්ගේ මිතුරෙක් වූ FBI නියෝජිත ගේල් ගෙන් උදව් ඉල්ලා සිටිනවා. ඒ වගේම වදුරන් 12 දෙනා බදවාගන්නා ආකාරය ගැනත්, එසේම සාක්ෂිකරු මොනවගේ පුද්ගලයෙක් දැයි කියාත් ඔවුන් දෙදෙනා සොයා ගන්නවා. ඒ වගේම සාක්ෂිකරු සහ රැකවලුන් ඒ කාලයේ රැදී සිටින ස්ථානයත් ඔවුන් සොයාගන්නවා. ඉතිං මෙම 7 වැනි කොටසේදී ඔවුන් සූදානම් වන්නේ 1953 එම කාලය වෙත ආපසු ගොස් සාක්ෂිකරු සහ පිරිස මරාදැමීමටයි. ඉතිං ඒ සදහා සියළු සැලසුම් සූදානම් කර ඔවුන් 1953 වෙත ආපසු යනවා. ඒ වගේම කැසී එම මෙහෙයුමෙන් ඉවත්වීමට තීරණය කරණවා. ඉතිං මේ 03 වැනි කතාමාලාවේ සුපිරිම කොටසක් කියල තමයි මට නම් හිතන්නෙ. ඉතිං ඔවුන්ට සාක්ෂිකරුව මරාදැමීමට හැකිවේවිද? ඒ වගේම මේ කොටසේ සිදුවන සිදුවීමෙන් පසුව මෙතෙක් වුණ හැමදේම වෙනස්ම තත්වයකට පත්වෙනව. හතුරන් මිතුරන් වෙනව. මිතුරන් හතුරන් වෙනව. එහෙම කීවෙ ඇයි කියල මේ කොටස නරඹලම දැනගන්න කියල ඉල්ලනව. එහෙනම් හැකි ඉක්මණින් ඊළග කොටසත් සමග හමුවෙන්නම්.
සුබ දවසක්……..!!!!!!!!

 

 

12 Monkeys on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

12.Monkeys.S03E07.HDTV.x264-SVA

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා ආදාළ වේ.

2,825 downloadsDownload 12.Monkeys.S03E07.HDTV_.x264-SVAettv.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/1257823.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රසිත ප්‍රදීප්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

           

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-04-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by

රසිත ප්‍රදීප්

Subtitles

2,825 downloadsDownload Subtitles26 KB

27 comments

  1. Sisila Prasad

    පළමු කඩයිම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා, සහෝ.
    ඉක්මණින්ම දෙවැනි කඩයිමත් පසුකිරීමට ශක්තිය, ධෛර්‍යය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.
    ජයවේවා!!!

    1. Rasitha Pradeep Somasiri

      බොහොම ස්තූතියි සහෝ........

  2. Sanindu Lakkitha

    :::::::බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට::::::
    50 වෙනි උපසිරැසට හදවතින්ම සබ පැතුම් සහො..මොනතරම් කාර්‍යබහුල උනත් කොහොමහරි උපසිරැස කරනවා. අන්න එ දේ තමයි මචං ගොඩක් වටින්නේ.. බොහෝ දෙනා වෙනුවෙන් ඔයාලා කරන මේ සේවය අගය කරන්න අපිට කරන්න පුලුවන් එකම දේ කමෙන්ට් එකක් දාලා දිරිමත් කරන එක. කතාව බැලුවත් නොබැලුවත් ඒ දේ නම් අනිවා කරනවා!
    දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න හැකි වේවා කියලා වගේම සහෝගේ ජිවිතේ හැම කටයුත්තක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා!!!
    ::::::::::::::::බුදුසරණයි..! ජය වේවා..! :::::::::::::::::::

  3. Soori

    50ට මගෙනුත් උණුසුම් සුබපැතුම් රසිත ප්‍රදීප් සහෝ....!!
    නොනැවතී ඉදිරියට යන්න ධෛර්යය ශක්තිය ලැබේවා.

  4. shasith sandaruwan

    පළමු කඩඉමට සුභපැතුම් සහෝ...
    තව තවත් බයිස්කෝප් එකට දායකත්වය දක්වන්න කාලය, ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
    දිගටම සබ් දෙමු ආ.... :P
    ඔබට ජය!

  5. Sajeevi

    50 වෙනි උපසිරැසියට සුබ පැතුම්…

  6. Ushan

    subata thankx brooo!!!!!

  7. දිල්ශාන් සචින්ත

    නියමයි මචන්. හොරගෙඩියා වගේ හිමින් සැරේ 50නහා ගහුවා නේ. ඉතින් ඔතනින් නවය්හින්නේ නැතිව 100, 200, 300 කඩයිම් වලටත් යමු. ජය.

  8. Udara Damith B/K

    50 ට
    උපසිරසට
    12 monkeys දිගටම කරනවට
    සීසන් දෙක කරට
    ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  9. Kulanjana Maduranga

    Hat off Respect Bro....Great work & Lot of thanks RASITHA saho.wish u'r great future...

  10. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි රසිත සහෝ
    50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    #ජය වේවා

  11. උදාර දිල්ශාන්

    සබ් එකට තෑන්ක්ස් සහෝ
    08 වෙනි කොටසත් හැකි ඉක්මනට දෙන්න...
    100 ත් ගින්දර වගේ ගහමු...

  12. රොයිලි

    උණුසුම් සුබ පැතුම් රසිත සහෝ. මෙතනින් නොනැවතී ඉක්මනින්ම 100 යන්න ලැබේවායි පතනවා. වෙනද වගේම බොහොම ස්තූතියි සිංහල උපසිරැසියටත්. ජය෴෴ :P :P

  13. isuru

    50වෙනි උපසිරැසියට සුභ පැතුම් රසිත සහෝ!!
    ඊලග කඩයිමටත් යාමට හැකිවේවායි ප්‍රාර්ථනා කරනවා...ජයවේවා!!

  14. ලහිරු චානක

    සුබ පැතුම් රසිත සහෝ... තවත් සබ් කරන්න කාලය ශක්තිය ලැබේවා.. ජය වේවා...!!!

  15. Thisars Neo

    හදවතින්ම සුබ පැතුම් සහෝ... ඉක්මනටම100ත් දෙන්න හැකි වේවායි සුබ පතනවා......... මාවත් මතක් කලාට තුති...

    ජයවේවා.....

    #Hail_Hydra

  16. Lahiru Navoda

    Thanks For sub

  17. කවීන් ලහිරු

    සබ් එකට තුති රසිත සහෝ
    100 ත් ඉක්මනට ගහමු

  18. උදාර දිල්ශාන්

    සිංහල උපසිරැසියට ස්තූතියි රසිත සහෝ
    50 න් ඕන් නවත්තන්න ඔට්ටු නෑ හොදේ
    100 ත් ගින්දර වගේ ගහමු

  19. ඩිලාන් හසිත

    තෑන්ක්ස් සබ් එකට සහෝ
    දිගටම සබ් කරන්න ඇවැසි කාලය හා ශක්තිය ලැබේවායි පතමි
    #ජය වේවා

  20. Chamika.

    Sub ekata thanks bro..e08 ekmanata sub denna broo..

  21. හසන්ත

    50 වෙනි උපසිරස වෙනුවෙන් සුබ පැතුම් රසිත මල්ලි. සමාවෙන්න ඕනේ කමෙන්ට් එකක් දාන්න බැරි උනාට. කියන්න දෙයක් නැහැ වැඩේ දිගටම කරගෙන යමු. ජය වේවා!!

  22. praneeth madu

    ජයෙන් ජයම වේවා සහෝදරයා හදවතින්ම සුභ පතනවා 50 වෙනි කඩ ඉමට ඔහොමම 100ත් යමු

  23. ashan lankanath

    Thanks ....... ...

  24. සමන් ප්‍රසාද්

    මුළින්ම සමාවෙයන් මචෝ කමෙන්ටුවකින් සුභ පතන්න බැරි වුණාට.
    එහෙනම් මුල්ම කඩඉම වෙනුවෙන් හදවතින්ම සුභ පතනවා...!!!
    මාවත් මතක් කළාට ස්තූතියි. :D
    එහෙනම් ඊළඟ කඩඉමටත් ඔහොම්මම යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...!!!
    ජය වේවා....!!!

  25. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    මේකෙ 4වෙනි season එකටත් සබ් ඕනෙ බ්‍රෝ :(

  26. chinthaka.max4

    thanks machan