Watch Trailer

13 Reasons Why [S03 : E12] Sinhala Subtitles | මං නොකියපු දේවලුත් තියෙනවා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 13 Reasons Why තෙවන කතා සමයෙ දොළොස්වන කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටසට කලින් කොටස. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක් සිද්ධ වෙයිද කියල. කලින් කොටස් වලදී දකින්න ඇතිනෙ පොලිසීයෙ කට්ටිය පවා බ්‍රයිස්ගෙ මරණයට සැක කරන්නෙ ක්ලේව. මොකද ක්ලේ බ්‍රයිස්ට මැරෙන්න කලින් පණිවිඩයක් යවනවා ”මං…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ 13 Reasons Why තෙවන කතා සමයෙ දොළොස්වන කොටසයි. ඒ කියන්නෙ අවසාන කොටසට කලින් කොටස. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක් සිද්ධ වෙයිද කියල.

කලින් කොටස් වලදී දකින්න ඇතිනෙ පොලිසීයෙ කට්ටිය පවා බ්‍රයිස්ගෙ මරණයට සැක කරන්නෙ ක්ලේව. මොකද ක්ලේ බ්‍රයිස්ට මැරෙන්න කලින් පණිවිඩයක් යවනවා ”මං තෝව මරණවා” කියල. ඒවගේම බ්‍රයිස් ගොඩින් බේරගන්න ඕන විදියට කතා කරත් ක්ලේ නැවතත් අර පණිවිඩයම තාම යවන්නෙ. ඒවගේම තමයි කලින් කොටස් වලදී දකින්න ඇතිනෙ ක්ලේ බ්‍රයිස් දිහාවට තුවක්කුවක් දික් කරගෙන එහෙම ඉන්නවා. ඉතින් මේ දේවල් නිසා ඇඟිල්ල දික් වෙන්නෙ ක්ලේගෙ පැත්තට. ඉතින් මෙයා ගෙදරින් පැනල යනවා. මොකද එයා දන්නවා ඔක්කොටම මාට්ටු වෙන්නෙ මෙයාව කියල. ඉතින් ටයිලර්ගෙ ඉල්ලීමක් නිසා මෙයාට ආපහු පාසලට පැමිණෙන්න සිද්ධ වෙනවා. අන්න ඒ වෙලාවේදී පොලිසීයෙ කට්ටිය ඇවිත් ක්ලේව රැගෙන යනවා. ඒවගේම තමයි අද කොටසේදී දැකගන්න ලැබෙනවා සැක්ගෙ රහසකුත්. ඒ ඔහු බ්‍රයිස්ව හම්බවෙන්න ජැටිය ළඟට යනවා. ඒ ගිහින් බහින් බස් වීමක් ඇතිවෙනවා. ඉතින් ක්ලේව අරගෙන ගියපු වෙලාවේ ඉඳල මෙයාගෙ හිතට එදා කරපු දේ ගැන වද දෙනවා. මොකද හිරේ යන්නෙ නිර්දෝෂී කෙනෙක්නෙ. ඒත් සැක් මොකක්ද ඇත්තටම කරේ? එයාට බ්‍රයිස්ව මරණ්නේ? නැත්තම් බ්‍රයිස්ව මරණ වැඩේට එයත් හවුල්කාරයෙක්ද? එහෙනම් බලන්නකෝ.

අවසාන කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

4,486 downloadsDownload 13-Reasons-Why-S03-E12.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

4,486 downloadsDownload Subtitles34 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බං සබ් එකට :)

  3. Lasa_Sadaru

    Thanks bn

  4. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    මග නතර වෙච්ච Series වලටත් සබ් දීලා ඉවර කරමු....
    Jessica Jones Season 3 & Shadowhunters Season 3 ඉතුරු ටිකටත් එකතු වෙලා සබ් දීලා ඉවර කරමු....

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Pavith Wijesooriya

    සබ් එකට ගොඩක් ස්තූතියි අයියේ...