Watch Trailer

13 Reasons Why [S03 : E13] Sinhala Subtitles | අපිත් සතුටින් ඉන්නෝන… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම 13 Reasons Why කතාමාලාව අවසන් කරන්නයි. ඒ කියන්නෙ තෙවන කතා සමයෙ අවසන් කොටස. හැබැයි බයවෙන්නෙපා මොකද මේක අන්තිම කතා සමයට දීර්ඝ වෙලා තියෙනවා. ඔව්, ඒ කියන්නෙ මේක හතරවෙනි කතා සමයෙන් ඉවර වෙනවා. ඒක බොහෝවිට ලබන අවුරුද්දෙ මේ වගේ කාලෙක බලාගන්න පුළුවන් වෙයි. ඉතින් මේක ඉවරයක් කරගන්න උදව් ක…

ඔන්න එහෙනම් මේ සුදානම 13 Reasons Why කතාමාලාව අවසන් කරන්නයි. ඒ කියන්නෙ තෙවන කතා සමයෙ අවසන් කොටස. හැබැයි බයවෙන්නෙපා මොකද මේක අන්තිම කතා සමයට දීර්ඝ වෙලා තියෙනවා. ඔව්, ඒ කියන්නෙ මේක හතරවෙනි කතා සමයෙන් ඉවර වෙනවා. ඒක බොහෝවිට ලබන අවුරුද්දෙ මේ වගේ කාලෙක බලාගන්න පුළුවන් වෙයි. ඉතින් මේක ඉවරයක් කරගන්න උදව් කරපු විමා අයිය l චාමර සම්පත් අයිය l කවිෂල් l පසිදු l සුදිර අයිය l කාවින්ද අයියට බෙහෙවින්ම ස්තූතිවන්ත වෙනවා. කට්ටියට නොහිටියා නම් මේක මෙතරම් ඉක්මණින් ලබාදෙන්න පුළුවන්කමක් ලැබෙන්නෙ නැහැ. ඒවගේම සමුගන්නේ මීළඟ කතා සමයත් අනිවාර්යෙන්ම ලබාදෙනවයි කියන පොරොන්දුව ඇතිවයි. එහෙනම් අපි බලමුකෝ අද මොකක්ද සිද්ධ වෙන්නෙ කියල.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ සැක් පොලිසීයට ගිහින් සම්පුර්ණ පාපොච්චාරණයක් කරනවා. ඒ කකුළ කඩපු එකට ඔහු බ්‍රයිස්ට හොඳටම ගැහුවයි කියල. නැගිටින්න බැරිවෙන්නම. හැබැයි කිසිම චෝදනාවක් ඔහුට එල්ලවෙන්නේ නැහැ. මොකද ඔහු කරේ පහරදීමක් අනික ඔහු පහර දුන්නට පස්සෙත් ඔහු පණ පිටින් හිටිය. ඒවගේම තමයි ටයිලර්ට කරපු ලිංගික අඩත්තේට්ටම් වලට මොන්ටිව අත්තඩංගුවට අරගන්නවා. දැන් ඔහු ඉන්නෙ හිරේ. ඔහුගෙ තාත්තට ඔහු ගැන ඇත්තටම කළකිරිල ඉන්නෙ. ඒවගේම තමයි ෂෙරිෆ් අවසන් වතාවට මේ කේස් එක ගැන පරීක්ෂණයක් කරනවා. මේකෙදි කතා කරන්නෙ ආනිට සහ ටෝනිට. හැබැයි මුළින්ම යන්නෙ ආනි. ඇය සම්පුර්ණ විස්තරයම වගේ කියන්න හදනවා. ඒ හෝම්කමින් එක දවසෙ ඉඳල වෙච්ච හැමදෙයක්ම වගේ. ඉතින් අද කොටසේදී දැකගන්න පුළුවන් වෙයි ඇත්තටම බ්‍රයිස්ව මැරුවේ කවුද කියල. ඒවගේම මේකට හවුල් වෙන්නෙ මොන මොන කට්ටියද කියලත්. අවසාන කොටස නිසා මං වැඩිය යමක් කියන්නෙ නැහැ. මොකද නිකන්ම වගේ ස්පොයිල් වෙනවා. අවසන් වරට කියන්නෙ කියන්නෙ අද කොටසේදී තවත් චරිතයක් සමු ගන්නවා. එතකොට ඒ කවුද? ජෙසිකාද? ජෙන්සන්ද? ටයිලර්ද? සැක්ද? මොන්ටිද? ආනිද? ටෝනිද? එහෙනම් අවසානය තෙක් නරඹන්නකෝ.

අවසාන කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

4,893 downloadsDownload 13-Reasons-Why-S03-E13.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

4,893 downloadsDownload Subtitles40 KB

16 comments

  1. BATSY

    Tnx bro sub ekata.

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    4 වෙනි කතාසමයෙන් නැවත හමු වෙමු
    ජය

  3. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ ඔක්කොටම. මටනම් හිතුනෙම මේක දෙන එකක් නෑ කියලමයි. කමෙන්ට් කීයක් දැම්මද ඉල්ලලා..ඊලග එකටත් අනිවාර්යයෙන් උපසිරස අරන් එමු. ඒ වගේම සීසන් එක පුරාවටම උපසිරස ලබා දුන්න හැමකෙනාටම ගොඩාක් ස්තූති...බුදුසරණයි..ජයවේවා!!!

  4. Stranger

    thanks

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සුපිරි...ඉක්මනටම දීලා ඉවර කරා...
    මේ වගේ Jessica Jones Season 3 එකටත් සබ් දීලා ඉවර කරන්න....

  6. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් සබ් ටිකට

  7. rehani

    sub dunna okkotama thank you soo much..

  8. Sudheera Kasun

    Thanks set ekatama ikmanata sub dunnata..!

  9. Gopala

    Arthdal chronicles ekata sub on a

  10. Lasa_Sadaru

    Thanks brooo

  11. chathuranuwan

    thanks ban

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Pasindu ukwatta

    thks for the whole season sub

  14. kasun@rko

    Supiriii

  15. Anonymous

    Thanks for sub මචං

  16. Pavith Wijesooriya

    13 Reasons Why කියන්නේ නියමම කතාවක්.මේකේ 3 වෙනි සීසන් එකට සම්පූර්ණයෙන්ම උපසිරසි ලබා දුන් හැමෝටම බොහොම ස්තූතියි.
    ආදරෙයි බයිස්කෝප්...❤️