ඔන්න එහෙමනම් බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමක් විදිහට එකතු වෙලා කරන වැඩකටත් සම්බන්ධ වෙන්න පුලුවන් වුණා. විමා සහ චාමර සහෝදරයන්ට ස්තුති කරනවා මාවත් මේ වැඩේට සම්බන්ධ කරගත්තට. ඒ වගේම මේක උපසිරස කරන කණ්ඩායමටම ස්තුතියි කියන්න ඕණ. පෙර කොටසින්… පහුගිය කතාංගය ගැන පොඩි ආවර්ජනයක් කළොත්, අපි දකිනව ආනි නැවතත් ජෙස්ගෙ…

ඔන්න එහෙමනම් බයිස්කෝප් සිංහලෙන් කණ්ඩායමක් විදිහට එකතු වෙලා කරන වැඩකටත් සම්බන්ධ වෙන්න පුලුවන් වුණා. විමා සහ චාමර සහෝදරයන්ට ස්තුති කරනවා මාවත් මේ වැඩේට සම්බන්ධ කරගත්තට. ඒ වගේම මේක උපසිරස කරන කණ්ඩායමටම ස්තුතියි කියන්න ඕණ.
පෙර කොටසින්…
පහුගිය කතාංගය ගැන පොඩි ආවර්ජනයක් කළොත්, අපි දකිනව ආනි නැවතත් ජෙස්ගෙ ගෙදරට එනවා. මේ අතරතුර වින්ස්ටන් හොයනව බ්‍රයිස්ගෙ සැබෑ ඝාතකයා කවුද කියලා මොන්ටි නිදොස් බව තහවුරු කරගන්න අටියෙන්. මොන්ටිගේ නංගි එස්ටෙලා වින්ස්ටන්ට මොන්ටිගේ දිනපොත දෙනවා. ඉතින් එයාලා දකිනවා ජස්ටින් ෆෝලි, බ්‍රයිස් සමග ගනුදෙනු කළ කෙනෙක් වග. ඉතින් මොවුන්ගෙ සැකය වෙන්නේ ජස්ටින් බ්‍රයිස් ඝාතනයට සම්බන්ධ බව සහ ජෙසිකා මේ බව දැනගෙන සඟවගෙන ඉන්න බව. මේ අතරේ ආනිගෙන් වෝකර් ඝාතනය සම්බන්ධව ඩෙපියුටි ස්ටැනිඩෝල් ප්‍රශ්ණ කරපු සම්පූර්ණ හඬපටය නොමැති නිසා, ෂෙරිෆ් ඩියෙස්ටත් වෝකර් ඝාතනය සම්බන්ධව පොඩි සැකයන් ටිකක් ඇවිත් තියෙනවා. ඔහු මේ ගැන නිලධාරී ස්ටැන්ඩෝල්ගෙන් ප්‍රශ්ණ කීපයක් අහනව. ඇලෙක්ස් මේවා දකිද්දි බයෙන් ඉන්නවා ඊළඟට මොනව වෙයිද කියලා…
සැක්ගේ පාපොච්චාරණය රහසක් විදිහට තියාගන්න පොරොන්දු වුණත් වින්ස්ටන් මේ ගැන මොන්ටිගේ මිතුරු ක්‍රීඩකයන්ට වමාරනවා. ඉතින් වින්ස්ටන්ගේ කීමත්, මොන්ටි එක්ක තිබුණු යාළුකම නිසාත් ඩියෝගෝ මේ ගැන සැක්ගෙන් දැනගන්න ලොකු උත්සහයක් දරනවා. මේ අස්සේ පීඩනෝන්මාද ගතියකුත් එක්ක විකාර විදිහට හැසිරුණ ක්ලේ කපටි උපායක් යොදල කොහොමහරි කරලා රෝහලෙන් පැනගන්නවා. වෛද්‍ය එල්මන්ගේ උදව්වත් එක්ක ක්ලේ අවුලක් වෙන එකෙන් ෂේප් වෙනවා. හැබැයි කවුරු නමුත් ක්ලේගෙ මනසත් එක්ක සෙල්ලම් කරන එක නවත්තල නැහැ කියලා ඔහු ගෙදර කාමරේ වහලේ නැවතත් දකින සළකුණෙන් ඔප්පු වෙනවා. ජස්ටින්ගේ මව මිය ගිහින් කියලා ඔහුට දැනගන්න ලැබෙනවා. දුක අනිත් අයගෙන් හැංගුවාට මොකද ඒක ගැන ඔහු ගොඩක් දුක් වෙනවා කියලා අපිට දකින්න ලැබුණා. කතාව අවසන් වුණේ ක්ලේ සහ ටෝනි, ටයිලර්ව පොලීසියට කොටු වෙන්න නොදී බේරගන්න ගිය වැඩේ කණපිට ගැහුවාත් එක්ක. පොලීසියට සේරම කොටු. කාට හරි වෙඩි තැබීමක් සිද්ධ වෙනවා… ඇත්තටම කාටහරි වෙඩි වැදුණද?
8 වෙනි කතාංගයෙන්…
වැඩි විස්තර කියන්න යන්නේ නෑ මම මේ කතාංගය ගැන. කතා මාලාවෙන්ම දැකපු සුපිරියටම කික් එකක් තියෙන කතාංගයක් කියලා සහතික වෙන්න පුලුවන්. ඒ වගේම මේ පහුගිය කොටස් 7 පුරාවටම රසික අපේ හිත්වල කැකෑරෙමින් පැවතුන සෑහෙන ප්‍රශ්ණ ගොඩකට උත්තර හොයාගන්න පුලුවන්. තව කොටස් දෙකයි ඉතිරි. ඊළඟ කොටස් දෙකත් ඉක්මනින්ම ලැබෙයි. එහෙනම් ඔයාලට බාරයි මේ කතාංගයත්… 😀
තවත් උපසිරසකින් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.
Waiting on this one? Let us know and we will prioritise it.
6 comments
sachintha
Ishan
Thanq so much ❤️
Rasindu Perera
නියමයි…. සබ් එකට තැන්ක්ස්….
Anonymous
Thnx sub ekta...
MAALNATH
Thanks ................good luck ..................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සිංහල උපසිරැසියට ස්තූතියි