පුරා වසරක් පමණ කාලයක් ඔබ වෙත ගෙන ආ 24 කතා මාලාවේ අවසානයයි අද සනිටුහන් වෙන්නේ. අද මේ විදියට සාර්ථකව නිමාව දකින්නේ බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. ඒ නිසා මේ වෙලාවේ ඒ හැමෝවම මතක් කරන්න ඕන. පළමු කොටස ලබාදීමට පෙරත් ඉන් ඉදිරියටත් මේ මේ කටයුත්ත සංවිධානය කරගන්නට සම්බන්ධ…
පුරා වසරක් පමණ කාලයක් ඔබ වෙත ගෙන ආ 24 කතා මාලාවේ අවසානයයි අද සනිටුහන් වෙන්නේ. අද මේ විදියට සාර්ථකව නිමාව දකින්නේ බයිස්කෝප් සිංහලෙන් උපසිරැසි කණ්ඩායමේ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක්. ඒ නිසා මේ වෙලාවේ ඒ හැමෝවම මතක් කරන්න ඕන. පළමු කොටස ලබාදීමට පෙරත් ඉන් ඉදිරියටත් මේ මේ කටයුත්ත සංවිධානය කරගන්නට සම්බන්ධීකරණය කරන්නට වෙහෙස මහන්සි වුණ සොහොයුරන් දෙන්නෙක් තමයි ‘අංජන ඉෂාන්’ සහ ‘අසේල් ඉෂාන්’ සොහොයුරන්. ඇත්තෙන්ම ඒ දෙන්නාගේ අදහසක් අනුව තමයි කොටස් 205 කින් යුතු 24 කතාමාලාව සිංහල උපසිරැසි සමගින් ඔබ වෙත ලබා දෙන්නේ. ඒ වගේම උපසිරසිකරුවන් සම්බන්ධීකරණය කරගන්න සහ උපසිරැසි නොපමාව ඔබට ලබාදෙන්න කටයුතු කරපු මේ කොටස 205 පුරාවටම අඩුපාඩු පෙන්වා දීලා උදව් කරපු අපේ ඇඩ්මින්වරු සියලුම දෙනාවත් මතක් කරන්න ඕන. මේක තනියම කරපු වැඩක් නෙවෙයි. තනියම කරන්න හිතුවා නම් මේ විදියට අවසානය දක්වා ළඟා වෙන්න කවදාවත් බැරි වේවි. අපේ උපසිරැසි කණ්ඩායම එකට එකතු වෙලා සහෝදරත්වයෙන් ඒ අභියෝගය සාර්ථකව ජය ගත්තා. ඒ නිසා නම් වශයෙන් සඳහන් නොකළත් මේ කටයුත්තට දායක වුණ බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමේ සෑම සහෝදරයෙක්ම සහෝදරියක්ම මේ වෙලාවේ බොහොම ආදරයෙන් මතක් කරනවා. ඒ හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වසරකටත් වැඩි කාලයක් මේ කතා මාලාව සමඟ රැඳී සිටි ඔබේ දිරිගැන්වීම් තමයි මෙතෙක් දුර එන්න අපට ශක්තියක් වුණේ. ඒ නිසා අදහස්, යෝජනා, චෝදනා දැක්වූ ප්‍රේක්ෂක ඔබ සැමටත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා.
අද කොටස ගැනත් ටිකක් කියන්නම්. මේ 08 වෙනි කතා සමයේ 24 වන කතාංගයයි. මේ කොටසේ දැක්වෙන්නේ පස්වරු 3.00 සිට පස්වරු 4.00 දක්වා සිදුවූ සිදුවීම්. කලින් කොටසේ සිදුවීම් මතකයි කියලා හිතනවා. ඒ නිසා කෙලින්ම අවසන් කොටස ගැන කියන්නම්. ජනාධිපතිවරු තිදෙනා සාම එකඟතාවය අත්සන් කරන්නයි සුදානම්ව ඉන්නේ. ඒ අතරේ ජැක් සුදානම් වෙන්නේ චාල්ස් ලෝගන්ව පාවිච්චි කරලා ජනාධිපති සුවරෝව් ඝාතනය කරන්න. ක්ලෝයි ඕබ්‍රයන්ට පුලුවන් වෙනවා ජැක් පටිගත කළ හඬපටය පාවිච්චි කරලා සුවරොව් ගැන ලෝකයට හෙළි කරන්න පුළුවන් බව ජැක්ට ඒත්තු ගන්වන්න. ක්ලෝයි හරහා ඒ හඬපටය CTU එකට යවන්න තමයි ජැක් සැලසුම් කරන්නේ. ඒ වැඩේ සාර්ථකව කරගන්න ඕන නිසා ක්ලෝයිට සිද්ධ වෙනවා ජැක් බවර්ට වෙඩි තියන්න. ඉතිරිය ඔබට.
අවසාන වශයෙන් කලින් භාරගෙන නොතිබුණත් අවසාන කොටස් දෙක උපසිරැසි ගන්වන්න මට භාරදුන්න සමීර චතුරංග අයියාටත් ස්තුතිවන්ත වෙනවා. නවතම රූපවාහිනී කතා මාලා උපසිරැසි සඳහා දිගටම අප අඩවියත් සමඟ රැඳී සිටින්න !
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න
213edd2f439810fecb9a7f8d3b9441a9b2e36410 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
868 downloadsDownload 24-S08-E24.zip117 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/DSC01001_2-003-e1441396407622.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අදිත ප්‍රවීන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අදිත ප්‍රවීන්
Subtitles
18 comments
tharindu madushanka
Prabuddha Kulatunga
thank u machanla :D :D :D
Bad brother
thanks bro
heshan
කතා මාලා 9ක් කොටස් 205ක්.ලේසි පාසු අබියෝගයක් නෙවෙයි.ඒත් බයිස්කෝප් කන්ඩායම ඒක ජයග්‍රහනය කරල තියෙනව.සුබ පතනව ඉදිරියටත් මෙවැනි ලොකු අභියෝග ජයගන්න ලැබේවා කියල.(මේ වගේම පුලුවනිනම් smallville කතා මාලාවේ උපසිරසත් දෙන්න.)
meemana
මේකට ගොඩක් ස්තුතියි. ආසාවෙන් බැලුවා....ස්තුතියි.......
Asel Ishan
මට මතක විදිහට මේ නම් තියෙන ඔක්කෝම අය මේ වැඩේට එපිසොයිඩ් 1 කින් සීසන් 1කින් 2කින් වගේ ගානකින් සම්බන්ධ උනා මේ වගේ සෙට් 1 හිටියේ නැත්තම් අපිට කවදාවත් මේක සම්පූර්ණයෙන් නිම කරන්න වෙන්නෙ නෑ .මට වඩා කාලයක් මේකෙ බර කරට අරන් ක්‍රියා කල අංජන අයියව සහ ජෝනව විශේෂයෙන්ම මතක් කරන්න ඔනේ
1 ගයාන් රෑකාන්ත
2 අදිත ප්‍රවීන්
3 රවිදු නිපුන් දේශප්‍රිය
4 අංජන ඉෂාන් ක්‍රිෂාජ
5 ශිරාජ් ප්‍රියන්ත
6 ශාන් විමුක්ති
7 තරිදු උදයන්ග
8 නිර්මානී විජේසිංහ
9 අසේල් ඉෂාන්
10 චමින්ද අමරසිංහ
11 ප්‍රධීර රවින්ද්‍ර ජිනදාස
12 දේ්ශාන් උල්පනගේ
13 මාධව චතුරංග
14 සුරේනි අතුරුගිරි
15 තිසර නියෝ
16 රොෂීන් චාරුත ප්‍රනාන්දු
17 අශාන් හේරත්
18 කවිදු ගිම්හාන්
19 හසන්ත වික්‍රමරත්න
20 දර්ශන හර්ෂ කුමාර
21 යශෝධ ශ්‍රිමාල් අතුරලියගේ
22 නලීන් පෙරේරා
23 රනිල් ශ්‍රීමාල්
24 සමන් ප්‍රසාද්
25 හේවා ලුණුවිලගේ.(ආසිරි ප්‍රියන්ත )
26 චලිඳු දේශාන් (කිනා)
27 රොයිලි ප්‍රනාන්දු
28 සම්පත් තුෂාර ගමගේ
29 තිසල් නදිෂණ
30 ස්වර්ණරේඛා සෙව්වන්දි
31 පැතුම් අකාෂ් අතුකෝරල
32 තරින්ද දිලිප්
33 චාරුක අයියා
34 කලිදු වාසුක
35 මාධව චතුරංග
36 ඉසුරු දිල්ශාන්සුබ පැතුම් අදිත මල්ලි මුල ඉදන් වැඩේට සම්බන්ධවෙලා වැඩේ ඉවරකර්න්න ඔයාටම ලැබුනු 1 ගැන
bobby
මේ කථාවට සබ් ලබා දීම ගැන ස්තුතියි.
Kulanjana Maduranga
niayamai…good work....thanks ADITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
methuwak kal me tv series 1ka api wenuwen laba denna kapa una siyaluma sahodara,sahodariyanta......thanks.............jayen jaya....
ප්‍රණීත් චින්තක
බොහෝම ස්තුතියි සහෝ මේ කතාවට සම්පූර්ණයෙන්ම උපසිරැසි ලබා දුන්නට. මම මේ කතාවේ පලවෙනි සමය බැලුවා විතරයි. තාම අනිත් ඒවා සම්පූර්ණ කරගන්න බැරිවුනා. බයිස්කෝප් එකේ උපසිරැසි දෙන්න කලින් තමයි ඒවත් බලන්න ලැබුනේ. වෙලාවක් ලැබුණට පස්සේ ඉතුරු කොටස් ටිකත් සිංහල උපසිරැසි එක්කම බලන්න පුළුවන්. ______ ඇත්තටම මේ වගේ ගොඩක් දිග කතාවකට උපසිරැසි ලබා දීම ගොඩක් අමාරු කාර්යයක් කියලා මම අත්දැකීමෙන් දන්නවා. කොහොම වුනත් හැමෝම එකමුතුවෙන් එකතුවෙලා කතාව කරපු එක ගැන නම් ගොඩක් අගයන්න ඕනේ. මම බයිස්කෝප් අඩවියට සම්බන්ධ වෙන්න කලින් ඉඳන් තමයි මේ කතාවේ උපසිරැසි ලබාදීම ආරම්භ කරලා තිබුනේ. ඒ වගේම අපේ කලින් අඩවියේ හිටපු ඇඩ්මින් මහත්තුරු එහෙම ලොකු අමාරුවක වැටුනා කියලා මාත් එක්ක කිව්වා කතාව බාරගත්තු අය කතාව නොකර වැඩේ අතෑරලා දාපු එකෙන්. එහෙම නැතිවෙන්න මෙලහකටත් මේ කතාව අවසාන වෙලා. ඒත් උඩ කමෙන්ට් එකකින් කතාව මෙතෙක් කරගෙන ආපු අයගේ ලැයිස්තුවක් දීලා තිබුණා. ඉතිං ඒ වගේ කතාව මග අතෑරලා දාලා කට්ටිය පැනලා ගියපු වෙලාවක ඒ ලැයිස්තුවේ හිටපු අය තමයි මේ කතාව ගොඩ ගත්තේ කියලා අවිවාදයෙන් පිලිගන්න වෙනවා. ඒ වගේ අය නිසා තමයි මේ අඩවිය මේ විදියට ප්‍රාණවත්ව පවත්වාගෙන යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒක නිසා ඒ අයට මම බොහෝම සුබපතනවා ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා. ඒ වගේම තමයි මේ විදියේ තවත් හොඳ දීර්ඝ කතා සාර්ථකව ලබාදෙන්න මේ වගේ විශ්වාසනීය අයට අඩවියත් සමග සම්බන්ධ වෙලා දිගින් දිගටම සාර්ථකව වැඩකටයුතු කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියලත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේකේ තවත් සීසන් එකක් එන්න තියෙනවා කියලා කතාවකුත් තියෙනවා. බලමු නේද. ඒකෙත් උපසිරැසි පුළුවන් නම් ලබාදෙන්න. ආයු -බෝ -වේවා !!!
Saketha Pulasthi
මම මේ සීරීස් එකේ මුලින්ම බැලුවේ 9 වෙනි සීසන් එක නිසා එච්චරම කතාව අල්ලල ගියේ නෑ.ඒත් පළවෙනි සීසන් එකට සබ් දීපු දවස ඉදන්ම එකේ බලන්න ගත්තහම මේ සීරීස් එකට ඇබ්බැහි වුනා.
පොඩි පොඩි අතපසුවීම් තිබුනත් අවුරුද්දකටත් වැඩි කාලයක් තිස්සේ මේ සීරීස් එක මග නවත්තන්නේ නැතුව උපසිරසි ලබා දීම ගැන සයිට් එකේ ඇඩ්මින්ලටත්, 30+ උපසිරසි නිර්මාණකරුවන්ටත් බොහොම ස්තූතියි.
ඒ වගේම මුල්ම එපියෙ ඉදන් අන්තිම එපියට වෙනකම්ම උපසිරසිය වෙනුවෙන් වුන මහන්සියට "උපසිරසියට බොහොම ස්තූතියි :) " කියල කමෙන්ට් කරන්න පුලුවන් වුන එකටත් මට ගොඩක් සතුටුයි.
තවත් මේ වගේම සුපිරිම සීරීස් එකක් (Lost දෙන්න පුලුවන්නම් ගොඩක් හොදයි) ගේන්න කියල ඉල්ලීමක් කරනවා.
බයිස්කෝප් අඩවියට ජය.........විමා
බොහොමැ ස්තුතියි හැම කෙනෙක්ටම මෙ කරපු වැඩේට වෙච්ච මහන්සියට
සෑහෙන කට්ටක් කාපු බව හොඳාකාරවම දන්නවා
ඒ අව්ගේම අපේ සහෝදර සහෝදරියන්ගේ එකමුතකම මේකෙන් හොඳටම පෙන්නුම් වෙනවා
කොහොමහරි එකතුවෙලා වැඩේ ඉවරයක් කළා
නැවතත් බොහොම ස්තුතියි හැම කෙනෙක්ටම
සෙට් එකටම ජයShiRan
Season 9tama sub dipu hamootama thanx... Jaya wewa!! :D
නලින් පෙරේරා
වැඩෙට සම්බන්ධවෙලා මෙක ඉවර කරන්න දායක වෙච්ච හැමොටම පින් කියලා තමයි කියන්න තියෙන්නේ...
ජය වේවා!
13:19
බොහොම ස්තුතියි හැම කෙනෙක්ටම මෙ කරපු වැඩේට වෙච්ච මහන්සියට
හැම කෙනෙක්ම එකතුවෙලා වැඩේ ඉවරයක් කළා
බොහොම ස්තුතියි හැම කෙනෙක්ටම
සෙට් එකටම ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි අදිත සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම මේක පටන් ගත්ත මුල් වුණ අය පහුකාලෙක අපිව සෑහෙන අමාරුවක දැම්මට, කොහොම හරි අවසානේ ඉවර කරගන්න ලැබුන එක ලොකු දෙයක්. ජය෴෴ :P :P
Tharaka Lahiru
tnq oyala set ekatama
shiron_madushaanka
bro 24 s09 sub thama nadda bn
Ravi
Thank you okkotama
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![24 [S08 : E24] with Sinhala Subtitles | අවසානය. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/24-SE8.jpg)

thanks macnla. thank you very much.