හරි, ඔන්න එහෙනම් මේ සැරේ මං ආවෙ ලඟදි නිකුත් උන (2016.11.25) අලුත්ම අලුත් කතාමාලාවක් උණු උණුවෙම අරගෙන. නම 3%, ටිකක් අමුතුයි තමයි. කතාව බලද්දි තේරෙයි මේකෙ නියම තේරුම. එහෙනම් මේක තමයි NETFLIX ලගෙ අලුත්ම සීරීස් එක, ගින්දර වැඩක් තමා ඉතින්. එපි 8 ක්ම ගෙඩිය පිටින්ම දුන්නා එකපාර. මේක ගැන මම දැනගත්තෙත් FB 3…

හරි, ඔන්න එහෙනම් මේ සැරේ මං ආවෙ ලඟදි නිකුත් උන (2016.11.25) අලුත්ම අලුත් කතාමාලාවක් උණු උණුවෙම අරගෙන. නම 3%, ටිකක් අමුතුයි තමයි. කතාව බලද්දි තේරෙයි මේකෙ නියම තේරුම. එහෙනම් මේක තමයි NETFLIX ලගෙ අලුත්ම සීරීස් එක, ගින්දර වැඩක් තමා ඉතින්. එපි 8 ක්ම ගෙඩිය පිටින්ම දුන්නා එකපාර. මේක ගැන මම දැනගත්තෙත් FB 3% එකේ [ රූපවාහිනී කතාමාලා සහ චිත්‍රපට සඳහා Direct Link ගෘප් එකේ ධනුව දාලා තිබුන පෝස්ට් එකකින්]. ඔන්න Direct Link ඕනෙනම් ඒකෙන් ගන්නත් පුලුවන්. එයාට ස්තූතිවන්න වෙනවා මේක දාලා තිබුනට. හරි එහෙනම් අපි මේකෙ ආගිය තොරතුරු ටිකක් කතාකරමුකෝ.
මුලින්ම කිවුවනේ මේක NETFLIX ලගෙ එකක් කියලා, ඒවගේම මේකට ImDb අගය 7.9 ක් තියෙනවා. මේක තනිකරම බ්‍රසීලියානු කතාමාලාවක්. රඟපාන්නේ, අධ්‍යක්ශනය, තිර රචනය ආදී හැම සබ්බ සකලමනාවම කරලා තියෙන්නේ බ්‍රසීල කාරයෝ. හැබැයි අවුලක් ගන්න එපා, මේක ඉංග්‍රීසි වලට ඩබ් කරල තියෙන්නේ. මේක තමයි NETFIX ලගෙ පලවෙනි බ්‍රසීලියානු කතාමාලාව. ඔරිජිනල් එපි වල භාශාව තියෙන්නේ පෘතුගීසි වලින්, හැබැයි ඒක ගත්තත් අවුලක් නෑ, මොකද ඉංග්‍රීසි එකේ මුල් තැන දීලා තියෙන්නේ දෙබස් වලට විතරනේ. මේක වර්ගීකරණය කරල තියෙන්නේ Action||Drama||Sci-Fi||Thriller කියන කාණ්ඩ වලට. එක් කොටසක් සාමාන්‍යයෙන් විනාඩි 45 ක් පමණ ධාවනය වෙනවා. මේ කොටසට ලැබිල තියෙන අගයනම් 7.9 යි, හැබැයි අනිත් හැම කොටසටම 8.5 න් එහාට ලැබිලා තියෙනවා. දැන් අපි හැරෙමුකෝ කතාව පැත්තට.
මේකෙ සිද්ධිය මෙහෙමයි. ලෝකෙ පැති දෙකකට වෙන්වෙලා ඉන්නේ. ඉන්නෙත් වර්ග දෙකක මිනිස්සු. එකක සම්පූර්ණ ප්‍රථිලාභ ලබන සුවපහසු ජීවිත ගතකරන මිනිස්සු, අනික් පැත්තෙ මුඩුක්කු ජීවිත ගතකරන කාලකණ්ණි මිනිස්සු. සුවපහසු පැත්ත හඳුන්වන්නේ Offsore කියල, අනික් පැත්ත Inland කියල (මම ඔය දෙකට ගත්තේ අක්වෙරල සහ පිටිසර කියන තේරුම් දෙක). මේ ලෝකයේ තියෙනවා PROCESS ( ක්‍රියාවලිය) කියල වැඩසටහනක්. හැම මනුස්සයෙක්ටම අවුරුදු 20 ක් වෙද්දී මේ වැඩසටහනට සම්බන්ධ වෙන්න පුලුවන්. හැබැයි ජීවිතේටම එකම එක අවස්ථාවයි දෙන්නේ, එක පාරක් බැරි උනොත්, ඉතිරි ජීවිත කාලයම පිටිසරට වෙලා ඉන්න ඕනෙ. මේ පිටිසර කිසිම සැපපහසුවක් නැති තනිකරම මුඩුක්කු විමානයක්. ඉතින් හැම තරුණ තරුණියෙක්ගේම එකම ඉලක්කය මේ අක්වෙරලට යන එක. හැම අවුරුද්දකම එක් දවසක් එනව මේ බඳවාගැනීම සිදුකරන, එතකොට ඒ අවුරුද්දේ වයස අවුරුදු 20 පිරිච්ච අය බඳවාගන්නා ගොඩනැගිල්ල ඇතුලට යනවා. ඒකට ගියාම හැම කෙනාටම සම්මුඛ පරීක්ශනයක් තියනවා. ඒකෙදි හැම ප්‍රධාන කරුණක්ම අහනවා, ( ඇයි ඔයාට අක්වෙරලට යන්න අවශ්‍ය? // එහෙදි මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? ) ඔය ආදී ප්‍රධාන ප්‍රශ්න හැමකෙනෙකුගෙන්ම අහනවා. සමහර අය මේ පලවෙනි පරීක්ශනෙන්ම අසමත් වෙනව. හැබැයි එක් අවුරුද්දකට ඉදිරිපත් වෙන අපේක්ශකයින්ගෙ මේ වැඩේට තෝරගන්නේ 3% ක පිරිසක් පමණයි, මොන ජාති දාලා හරි මේ ගොඩට යන්න තමයි හැමකෙනාම බලන්නේ. දැන් තේරෙන්න ඇතිනේ කතාවේ නම වැටුන විදිහ. සම්මුඛ පරීක්ශනේ ඉවර උනාම ඒක පාස් උන අයව මීලඟ පරීක්ශන සඳහා ගෙනියනව. හැබැයි ඒ පරීක්ශන එසේමෙසේ එව්වා නෙවෙයි. පට්ට අමාරු, හොඳට හිතන්න ඕන බැරෑරුම් ඒවා. ( ඇත්තටම මේ අක්වෙරලට යවන අය හොඳ බුද්ධිමත්, ක්‍රියාශීලී අය වෙන්නයි මේක පාලනය කරන අයට ඕනකරන්නේ) හෙන අමාරු ගමනක් තමයි යන්න තියෙන්නේ, ඒකෙ තියෙන පරීක්ශන වලින් එකක් හරි බැරිවුනොත් කොච්චර දක්ශ උනත්, කොයිතරම් දුරක් ආවත් ඒ අපේක්ශකයාට කිසිම සමාවක් නොදෙන තරම්ම මේක තරඟකාරීයි. එහෙනම් කතාව ගැන හිතාගන්න මේ සාරාංශය ඇති කියලා හිතනවා.
මේකෙ ප්‍රධාන චරිත ටික ගත්තොත්, මේ ක්‍රියාවලිය මෙහෙයවන කෙනාගේ නම එසිකියෙල්. ඊට අමතරව මේ වැඩ ගැන හොයලා බලන්න වෙනම කවුන්සිලයක් තියෙනවා. ඒකෙ ඉන්න අය කතාව බලද්දී ඔයාලට අඳුරගන්න පුලුවන්. ඊට පස්සේ ඉන්නේ මිශෙල්, රෆායල්, ප්‍රනාන්දු, ජොආනා, මාර්කෝ කියන අය, මේ අයවත් කතාවේ ඉදිරියට යද්දී අඳුරගන්න ලැබෙයි, ඒවගේම මේ හැමකෙනාගේම අතීතයේ යම් යම් කොටස් කතාමාලාව ඇතුලේ පෙන්නනවා.
ඉතින් එහෙනම් කැමති අය අරගෙන බලන්න කියල තමයි කියන්න තියෙන්නේ. ඒවගේම ටොරන්ට් හොයන්න අමාරුනම් Extratorrent.cc එකෙන් අරගන්න. ඕකෙ ඕනම එකක් තියෙනවා. Direct Link මම කලින් කිවුව ගෘප් එකේ තියෙනවා. බය නැතුව සේරම එපි ටික ගන්න, සේරටම සබ් දාලා තියන්නේ. එහෙනම් යන ගමන් කමෙන්ට් එකක් එහෙම දාගෙන යන්න, අපි මොනවත් කියන්නේ නෑ, දිගටම කතාමාලාව සමගින් රැඳී ඉන්න කියන ගමන් මම නවතිනවා. කතාවේ උදාන වාක්‍යය ඔන්න යටින් කොටල ඇති. 🙂 🙂 🙂
“කැපවීම සහ අධිෂ්ඨානය මගින් ඔබට ඔබගේ ප්‍රතිරූපය ගොඩනංවාගත හැකිය”
Due to copyright issues, we do not provide any torrent links.
3.Percent.S01E01.WEB.X264-DEFLATE
3.Percent.S01E01.720p.WEBRip.x264.
3.Percent.S01E01.720p.WEBRip.X264-DEFLATE
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
1,722 downloadsDownload 3.Percent.S01E01.Baiscopelk.com_.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/රඛිත-රණතුංග-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
37 comments
සැවෙටාර් ගෝඩ් ඔෆ් ස්පීඩ්
Rakitha Ranathunga
ස්තූතියි බං
Eranga Sandaruwan
බෝම ස්තූතියි සහෝ..
ජය වේවා....Rakitha Ranathunga
ස්තූතියි
thisal
හොදයි වගෙ බාලම බලමු තෑන්ක්ස් බන් සබට ඉතුරු ටිකත් ඉක්මනට දෙමු
Rakitha Ranathunga
ස්තූතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa
Rakitha Ranathunga
බොහොම ස්තූතියි අයියේ
Anuradha Shanakä
direct link group 1 kata hari msg 1k danna puluwanda??
Rakitha Ranathunga
එහෙම ඕනෙ නෑ...
රූපවාහිනී කතාමාලා සහ චිත්‍රපට සඳහා කියල ගැහුවම එනව...
Request එකක් දාන්න
Isuru
Thanks for sub digatama sub denna
Rakitha Ranathunga
ස්තූතියි
harsha
ස්තූතියි රඛිත ඔන්න මමත් ගන්නවා. විස්තරය කියවූවාම බලන්න වටින කතාවක් වගේ පෙනෙන්නේ. අපි වෙනුවෙන් කරන මෙහෙය ඉතා අගයකරනවා. ජයවේවා
Rakitha Ranathunga
ස්තූතියි
Sisila Prasad
වෙනස්ම විදියේ කතාවක්.
අරගෙන බැලුවා කියලා කාටවත් පාඩුවක් වෙන එකක් නැහැ.
බොහොම ස්තුතියි රඛිත මලයෝ.
ජයවේවා!!!Rakitha Ranathunga
එල
සුපුන් බුද්ධික
වෙනස්ම විදිහේ කතාමලවක්.
මේකට උපසිරැසි කරන්න ගත්තු එකනම් වටිනව.
අපේ ප්‍රනාන්දු අයියත් ඉන්නේ :-P
එහෙනම් දවසට එක ගානේ උපසිරැසි ලැබෙයිනේ
උපසිරැසි ඔක්කොටම කරලා තියෙනවනම්.ජය වේවා !!!
Rakitha Ranathunga
ඔව් ඔව්
Shanaka Chathuranga
තැන්කූ.තැන්කූ..
ඔන්න බෑව..
දිගටම දෙමු එහෙන්ම්.
ජයම වේවා..silent$
Thanxxxxxxx patttaaaaaaaaa !!!!!!!!!
Dilan RG
sabata thanku saho..............
direct link ekat dunnanam watinawa ;)Rakitha Ranathunga
මේකෙ පෝස්ට් කරන්න බෑ සහෝ....
මම ලිපියෙ දීල තියෙනව ගෘප් එකක්...ඒකෙ තියෙනවTHISANKA10
mokakda group eka mata meka download karaganna bane
Gathsara Umesh Kumara
නියම්ම කතාවක් පි ඔකෝටම සබ දාල නිසා බයවෙන්න දෙයක් නෑ..එහෙනම් ඔන්න ඔක්කොම් ගත්තා..බොහොම්ම් ස්තූතියි සහෝ සබ් එකට..හදවතින්ම් සුබපතවා...
ඉක්මනිම් තවත් කතාමාලවකි හමුවෙමු...
එතෙක් ජයි පතවා...Gibbs
Good job.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Buddhika K Thilakaratne
Many thnx for #Sub, Bro...
nirosh mj
Tnq bro.....
ස්ස්
ටොරන්ට් හොයනව තාම...
ජයින් ජයYohan Fernando
මේකෙ torrents නෑ බං හොයාගන්න. අර fb group එකට request කලාට confirm කරන්නෙත් නෑනෙ...please help meeee
Yohanss
1337x site eke tynwa
KUSAL LIYANAGE
gdk sthuthi
BTC
Thanks bro....
HasinduDW
tnnx brooo
Yohanss
machn season 3 awa complite,ane bn eketh sub dipnko
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
මේකෙ season 03ටත් සබ් දෙන්න බ්‍රෝ :(
ජය වේවා.!gihan
උපසිරසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thankz brooo..
Ada mma 1st wge.