ආයුබෝවන්..! ඉතිං ඔන්න 3% අවසාන කතාංගයත් අරගෙන ආව. මුලින්ම කියන්න ඕනෙ මේ කතා මාලාව උපසිරැසි ගැන්වෙන්නෙ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් විදියට. චාමර සම්පත් සහෝදරයාගේ අධීක්ෂණය යටතේ, රඛිත රණතුංග, හිරාන් ගනේපල්ල, කවිෂල් රසින්ත, මලිත් වීරමුණි මල්ලිලා ටික සහ මම තමයි මේ කතා මාලාව අරගෙන ආවෙ. ඒ හැමෝම මේ අවසථා…

ආයුබෝවන්..!
ඉතිං ඔන්න 3% අවසාන කතාංගයත් අරගෙන ආව. මුලින්ම කියන්න ඕනෙ මේ කතා මාලාව උපසිරැසි ගැන්වෙන්නෙ සාමූහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් විදියට. චාමර සම්පත් සහෝදරයාගේ අධීක්ෂණය යටතේ, රඛිත රණතුංග, හිරාන් ගනේපල්ල, කවිෂල් රසින්ත, මලිත් වීරමුණි මල්ලිලා ටික සහ මම තමයි මේ කතා මාලාව අරගෙන ආවෙ. ඒ හැමෝම මේ අවසථාවේ කෘතවේදිව සිහිපත් කරන්න ඕනෙ.
ඉතිං කලින් කතාංගයේ දි අපි දැක්ක.. ග්ලෝරියා, මිශෙලිට එරෙහි නඩුව සාර්ථකව ඉවර කරල මිශෙලිට දඩුවමක් පවා නියම කළා. ඒ අනුව ග්ලෝරියා උත්සාහ කරන්නෙ මිශෙලිගෙ මතකය මකල දාන්න. මේ තත්වය මෙහෙම වෙද්දි කට්ටියට වැදුණු ලොකුම කනේ පාර වුණේ, ශෙල් එකේ කඩාකප්පල් කිරීම කරල තිබුණෙ රෆායෙල් වීම. මුලදි මේක ටිකක් අපැහැදිලි තත්වයක් වෙනව. ජොආනා ඇත්තටම සූදානම් වෙලා තිබුණෙ නෑ මේ වගේ පාවාදීමක් දරා ගන්න. ඉතිං රෆායෙල් හොඳටම ගුටි කනව මේ නිසා. ඒත් ඇත්තටම කැරැල්ල එක්ක ඉන්න රෆායෙල් මේක කළා වෙන්න පුළුවන් ද?
අද බලාගන්න පුළුවන් වේවි රෆායෙල් ඇත්තටම ඇයි මේ කඩාකප්පල් කිරීම කළේ කියල. මේ අතරෙ ග්ලෝරියා සහ මාර්කෝ දෙන්න එකතුවෙලා ශෙල් එක මර්සෙලාට බාර දෙන වැඩේ මහ ඉහළින් සංවිධානය කරනව. ඒ අනුව මර්සෙලා ශෙල් එකට ඇවිල්ල ශෙල් එකේ මිනිස්සුන්ට කෑම බීම දීල අල්ලගන්න උත්සාහ කරනව. ඔන්න ඔතනදි, ජොආනා කියපු කාරණාවක් නිසා මාර්කෝ හදිසි තීරණයක් ගන්නව. මේ තීරණය නිසා ශෙල් එක යුධ පිට්ටෙනියක් වෙනව. ඉතිං පැහැදිලිවම හතරවෙනි කතා මාලාවකට දොර විවර කරමින්, මහා සංග්‍රාමයක් ඇරඹෙන්න දොරටු කරමින් තුන්වැනි කතා සමය නිමාවට පත් වෙනව. නිළ වශයෙන් හතරවැනි කතා මාලාවක් නිකුත් වෙන බව හෝ හතරවැනි කතා සමය නිකුත් කරන කාල සීමාවක් ගැන තාම සඳහන් වෙලා නෑ. නමුත් බොහෝ තැන් වල සඳහන් වෙලා තියෙනව හතරවැනි කතා මාලාවක් සහතික වශයෙන්ම නිකුත් වේවි කියල. ඉතිං එහෙනම් ආයෙත් ඒ මහා සංග්‍රාමය එක්ක හමුවෙමු. ජය වේවා..!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,110 downloadsDownload 3-S03-E08.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
16 comments
Hashan M. Priyadarshana
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කතාමාලාවෙන් හමු වෙමු
ජයsachintha
උදයංග සහෝ හැකි නම් Shadowhunters එකත් ඉවර කරලා දෙමු..
උදයංග සම්පත් හතරසිංහ
ඒක හැකි ඉක්මනට දෙනවා. මේව කලින් සබ් කරපු සීරීස් නිසා ආවම එපියක් දෙකක් කරන්නම වෙනව. දැන් එහෙම ඒව ඉවරයි. ඉස්සරහට ශැඩෝහන්ටර් අනිවාරෙන් ලබා දෙනව.
harshahjk
බොහෝම ස්තූතියි සබ අපිට ලබාදීපු සියලුම සහෝදරවරුන්ට. අපේ රටේ චැනල් වල පෙන්වන පිස්සු විකාර වලින් ගැලවිලා අපූරු ටෙලි කතාමාලා බලන්න අවස්තාව ලැබීම ගැන මම ඉතාම සතුටුයි. එහි ගෞරවය බයිස් කෝප් කන්ඩායමට හිමිවෙනවා. සියලුදෙනාටම ස්තූතියි ජයවේවා
shadow_11448
AI bn shadowhunters ek nawathuwe plz mchan english ewwa blnna ba kadda theren na ekai sinhala ewma hoyanne ethuru epi tikath dhnko loku udwwk
Ishanka
ane mata kauru hari season2 download karapu ekak hoogal drive haraha ewanna puluwanda deela tiyana torrent bagayak witari down wenne loku uduwwak
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chamil Mihiran
මේකට සබ් දුන්නට ස්තුතියි.මේකෙ සීසන් 4ක් ආවොත් ඒකටත් සබ් දෙන්න.
Aravinda
Sub walata thanks.
S04 awit tyenne...
Ekat dennakooo pluwan namyomal
සීසන් 4 සබ් එක දීපංකො
Anonymous
සබ් එකට ස්තූතියි.සීසන් 4 සබ් එකත් දෙන්න.
Akash Mihisara
Season 4 එකේ සබ් එකත් ඉක්මනට ගේන්ඩො
Amila Konara
අඩෙ අන්තිම සීසන් එකටත් සබ් ගේන්න.මෙහෙම මග නවත්තලා දාන එප බන්
Anonymous
Season 4 sub eka denna
Amila Konara
Season 4 සබ් ඕනි
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



මේකට සබ් දීපු හැමෝටම බොහොම ස්තුතියි :) :) Season 4 එකක් ආවොත් අනිවාරෙන් ඒකටත් සබ් දෙන්න :)
ජය වේවා හැමෝටම.!