එහෙනම් මේ අරගෙන එන්නේ සබ්‍රිනා කතාමාලාවේ පස්වෙනි කොටසයි. ඒවගේම කොටසක් කරන්න මාවත් මේකට සම්බන්ධ කරගත්තු රවිඳු සහෝටත් මං ස්තූතිවන්ත වෙනවා. වැඩි කතා නැතිව කලින් කොටස් ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. සබ්‍රිනා නික්ගේ සිරුරෙන් ලුසිෆර්ව ඉවත් කරලා දානවා. නමුත් එහෙම කලත් වෙනදා නැති අමුතු හැසිරීමක් තියෙනවා කියලා…

එහෙනම් මේ අරගෙන එන්නේ සබ්‍රිනා කතාමාලාවේ පස්වෙනි කොටසයි. ඒවගේම කොටසක් කරන්න මාවත් මේකට සම්බන්ධ කරගත්තු රවිඳු සහෝටත් මං ස්තූතිවන්ත වෙනවා. වැඩි කතා නැතිව කලින් කොටස් ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.
සබ්‍රිනා නික්ගේ සිරුරෙන් ලුසිෆර්ව ඉවත් කරලා දානවා. නමුත් එහෙම කලත් වෙනදා නැති අමුතු හැසිරීමක් තියෙනවා කියලා සබ්‍රිනා දැනගන්නවා. මායා කවය විසින් අඳුරු ස්වාමියාව සිරගත කරනවා. ඒවගේම සබ්‍රිනා අපායේ, එහෙමත් නැතිනම් නිරයේ රැජිනිය ලෙසින් අභිශේක ලබනවා. ඒ අතර තුරේ සියලුදෙනාගේ බලයන් අහිමිවීමට හේතුව ඇම්බ්‍රෝස් විසින් හොයාගන්නවා. නමුත් ඒ දේ සාර්ථක කරගන්න සබ්‍රිනා ඇතුලු පිරිසට හැකිවෙන්නේ නෑ.
එහෙනම් මේ අද කොටස ගැන කෙටි සටහනක්. දැන් හැමකෙනෙක්ම උත්සහ කරන්නේ ගල් ගැහිලා වෙලා ඉන්න අයව බේරගන්න ක්‍රමයක් හොයාගන්නයි. ඉතින් හිතන තරම් ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒවගේම නික් කරපු දෙයින් දැන් හැමදෙයක්ම කනපිට ගැහිලා තියෙන්නේ. කොහොමත් දැන් නික්ට හිටියටත් වඩා අමාරුයි. ඉතින් ඇම්බ්‍රෝස් මේ සේරම දේවල් වලට බෙහෙතක් හොයන්න වෙහෙසෙනවා. නමුත් අවසානයේ එයා තේරුම්ගන්නවා මිත්‍යාදෘශ්ඨිකයින්ව පරාදකරන්නත් පැරණි මායාකාරියන්ගේ උදවු ලබාගන්න පුලුවන් කියලා. ඒ අතරේ ලිලිත් ප්‍රමුඛ අපායේ සමූහය සබ්‍රිනාට අභියෝගයක් බාරදෙනවා. හැබැයි ඒක කරන්න ඕනෙත් කැලිබන් එක්ක. ඒ තමයි ගොල්ගතා වල ඉන්න පයිලේට්ගේ බඳුනක් හොරකම් කරන එක. ඒකත් හිතන තරම් ලේසි නෑ. මොකද ඒක තියෙන්නේ කාල ලූපයක හිරවෙලා වෙනත් කාල මානයක. ගිහින් වැඩේ වැරදුනොත් ආපහු එනවා බොරු.
ඉතින් එහෙනම් අපි බලමු, සබ්‍රිනාට පයිලේට්ගේ බඳුන හොරකම් කරන්න හැකි වෙයිද? නික්ව සුවකරගන්න පුලුවන් වේවිද? කණ්ඩායමට පැරණි මායාකාරියන්ගේ උදවු ලබාගන්න පුලුවන් වෙයිද? මේ කොටස නරඹලාම තමයි මේ සේරටම පිලිතුරු ඔයාලාට දැනගන්න වෙන්නේ.
එහෙනම් මං මෙතනින් නවතිනවා.
මීලඟ කොටසින් හමුවෙමු.
බයිස්කෝප් අඩවියට ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,076 downloadsDownload The-Chilling-Adventures-of-Sabrina-S03-E05.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
7 comments
sachintha
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :)
Rasindu
නියමයි...සබ් එකට තැන්ක්ස්...
comment කරන්න පරණ තිබ්බ විදිහ හොදයි වගේ...
ගොඩක් පුරවා පුරවා ඉන්න ඕනේ නෑ ලේසියෙන් comment කරන්න පුළුවන්....suranuwan
thanks...
Pramukmili
thanx bro.................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshan
thanks .........................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ