Watch Trailer

3% [S03 : E07] Sinhala Subtitles | ගෙවතු වගා ඩ්‍රෝනය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ඔන්න ලොකු පිරිසක් නැරඹුවේ නැති වුණත් නෙට්ෆ්ලික්ස් ආයතනය නිකුත් කරපු නියම කතා මාලාවක අවසාන කතාංගයට පෙර කතාංගය දක්වා අපි ඇවිල්ල ඉන්නෙ. ඉතිං මේ වෙනකොට කතාව සෑහෙන දුරට උණුසුම් මට්ටමක තියෙන්නෙ. ශෙල් එක බේරගන්න උත්සාහ කරන මිශෙලි දැන් ඉන්නෙ, ග්ලෝරියා සහ මාර්කෝ දෙන්නගෙ අත්තඩංගුවට පත් වෙලා.…

ආයුබෝවන්..!

ඉතිං ඔන්න ලොකු පිරිසක් නැරඹුවේ නැති වුණත් නෙට්ෆ්ලික්ස් ආයතනය නිකුත් කරපු නියම කතා මාලාවක අවසාන කතාංගයට පෙර කතාංගය දක්වා අපි ඇවිල්ල ඉන්නෙ. ඉතිං මේ වෙනකොට කතාව සෑහෙන දුරට උණුසුම් මට්ටමක තියෙන්නෙ. ශෙල් එක බේරගන්න උත්සාහ කරන මිශෙලි දැන් ඉන්නෙ, ග්ලෝරියා සහ මාර්කෝ දෙන්නගෙ අත්තඩංගුවට පත් වෙලා. මේ වෙද්දි ශෙල් එක කඩාකප්පල් කරන්න යන් කෙනෙක් ඒකෙ සංග්‍රාහකය කඩල දාල තියෙන්නෙ. රෆායෙල්, ජොආනා එක්ක එකතු වෙලා, එලීසගෙ උදව් ඇතුව මේක කළේ කවුද කියල හොයනව. හැංගිලා ඉඳල මේ කරන වැඩේ ඒ තරම් ලේසි පහසු දෙයක් නෙවෙයි.

ඉතිං ඔන්න අද බලාගන්න පුළුවන් වෙනව, ග්ලෝරියා.. මිශෙලි වෙනුවෙන් පවත්වන නඩු තීන්දුව ගැන. මේ නඩුව සම්පුර්ණයෙන්ම මිශෙලිට අවාසිදායක විදියට තමයි ගොනු වෙලා තියෙන්නෙ. ඒකට හේතුව මේ වෙනකොට ග්ලෝරියා හොයාගෙන තියෙන්නෙ, අක්වෙරළින් මිශෙලිට යෝජනාවක් ආව කියල. ඒ ශෙල් එක අක්වෙරළට බාර කරන්න. හැබැයි ශෙල් එක වෙනුවෙන් ජීවිතේ කැප කරපු ෆර්නැන්ඩෝ වගේ අය නිසා මිශෙලි මේ යෝජනාව අහක දානව කාගෙන්වත් අහන්නෙ නැතුව. හැබැයි මාර්කෝ සහ ග්ලෝරියා තමයි දැන් ශෙල් එක මෙහෙයවන්නෙ. ඒ නිසා තත්වය උඩුයටිකුරු වෙලා තියෙන්නෙ. ග්ලෝරියාගෙ නඩුව මෙහෙම යන අතරෙ රෆායෙල්, ජොආනා දෙන්න, එලීසගෙ උදව් එක්ක සංග්‍රාහකය කඩල දාපු, කියත අල්ලපු අයගෙ DNA පරීක්ෂාවක් කරනව. ඒ අනුව මිශෙලී, ඇන්ඩ්‍රෙසා, ක්ෂේවියර්, බෲනෝ, රෆායෙල්, ඩෙබ්‍රා, ජුලියානෝ, එඩ්වාඩෝ, පේද්‍රෝ, ජුවෝ, පාවුලෝ කියන අය කියත අල්ලල තියෙනව. දැන් තමා ලොකුම ගැටළුව එන්නෙ. කට්ටිය හිතාගෙන ඉන්නෙ ග්ලොර්යා මේක කළා කියල. හැබැයි ග්ලොර්යාගෙ නම DNA ලයිස්තුවේ නෑ. එතකොට මේ නම් ලයිස්තුවේ ඉන්න, මොන කෙනාද කඩාකප්පල් කිරීම කළේ. ඔන්න ඇස් උඩ යන ඒ රහස එළි වෙන්නෙ අවසාන විනාඩි කීපයේ. පාවාදුන් තැනැත්තා තමයි.. එක්කො ඒක කියන්න ඕන නෑ. එහෙනම් අවසාන කතාංගය එක්ක ඉක්මනින් මුණගැහෙමු. ජය වේවා..!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,631 downloadsDownload 3-S03-E07.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

1,631 downloadsDownload Subtitles26 KB

4 comments

  1. nuwan8

    thanks sub ekata..

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ