ඔන්න එහෙනම් අද අරන් ආවේ A Knight of the Seven Kingdoms කතාමාලාවේ තුන්වන පරිච්චේදය. සූපුරුදු විදිහට කලින් කතාව ගැන කෙටි විස්තරයක් ගේන්නම්. කතාව මතක අය කෙලින්ම උපසිරැසිය බාගන්න. Knight Of The Seven Kingdoms කතා මාලාව එහි දෙවන කොටස වන “Hard Salt Beef” හරහාත් ප්‍රේක්ෂකයන්ගේ හිත දිනාගන්න සමත් වෙලා තියෙන…

ඔන්න එහෙනම් අද අරන් ආවේ A Knight of the Seven Kingdoms කතාමාලාවේ තුන්වන පරිච්චේදය. සූපුරුදු විදිහට කලින් කතාව ගැන කෙටි විස්තරයක් ගේන්නම්. කතාව මතක අය කෙලින්ම උපසිරැසිය බාගන්න.
Knight Of The Seven Kingdoms කතා මාලාව එහි දෙවන කොටස වන “Hard Salt Beef” හරහාත් ප්‍රේක්ෂකයන්ගේ හිත දිනාගන්න සමත් වෙලා තියෙනවා. මේ කොටසින් අපේ වීරයෝ ඇෂ්ෆර්ඩ් පිටියේ (Ashford Meadow) තරඟාවලියට සූදානම් වෙන හැටි බලාගන්න පුළුවන් බේලර් ටාගේරියන් කුමාරයාට පින් සිද්ධ වෙන්න සර් ඩන්ක්ට දැන් තරඟයට ඇතුළත් වෙන්න පුළුවන්. ඩන්ක්ගේ පැරණි ස්වාමියා වුණු සර් ආර්ලන් පෙනිට්‍රී වෙනුවෙන් සහතික වුණු එකම නයිට්වරයා වුණේ ඔහුයි.
ඩන්ක් අහන්න ඉන්න ඕනම කෙනෙක්ට කියන්නේ සර් ආර්ලන් කියන්නේ ශ්‍රේෂ්ඨ නයිට්වරයෙක් කියලා. හැබැයි අපි දකින දේවල් එක්ක බැලුවම නම් ඒ කතාව සම්පූර්ණ ඇත්තක් කියලා පේන්නේ නෑ. මිනිහා බේබද්දෙක් වගේම සල්ලාලයෙක්. කවදාවත් තරඟයක් දිනලත් නෑ. මේ වයසක නයිට්වරයා සහ ඩන්ක් අතර සිද්ධ වෙන පුහුණු වීම් දිහා බැලුවම පේනවා ආර්ලන් ලොකු සටන්කාරයෙක් නෙවෙයි කියලා. හැබැයි ඉතින් එයාගේ වයසත්, ඩන්ක්ගේ අසාමාන්‍ය උස සහ අතපය වල දිගත් මේකට හේතු වෙන්න ඇති. ඉතින් “කතාවක් කියද්දී ඒකේ අග මුල ටිකක් වැඩි වෙනවා” කියන දෙබස ඇතුලත් කරලා තිබුනේ සර් ආර්ලන්ගේ… ශරීර අවයව වලටත් අදාළ වෙන්න ඇති. මොකද මේ එපිසෝඩ් එකේ ආරම්භයේ දකින්න ලැබෙන දේ ඇත්තටම ටිකක් “ෂොක්” වෙන දෙයක්. හරියට නිකන් “හිතුවේ පළවෙනි කොටසේ මලපහ දකින එක පිළිකුල් කියලාද? එහෙනම් මේක බලන්නකෝ” කියනවා වගේ වැඩක් ඒක.
බේලර් කුමාරයා ඩන්ක්ට කියනවා තරඟෙට එන්න පුළුවන්, හැබැයි තමන්ටම ආවේණික සංකේතයක් හදාගන්න ඕන කියලා. පරණ පවුලේ සංකේතය පාවිච්චි කරන්න පුළුවන් ලේ නෑයෙක්ට විතරයි. ආර්ලන් කියන්නේ ඩන්ක්ගේ ලේ නෑයෙක් නෙවෙයිනේ. නයිට්වරයයි එයාගේ පුංචි ගෝලයයි (එග්) රූකඩ සංදර්ශනයක් බලන්න යනවා. ඊට පස්සේ එයාලා ‘ටැන්සෙල් ටූ-ටෝල්’ (Tanselle Too-Tall) එක්ක කතා කරලා, ඩන්ක් අහනවා එයාගේ පලිහේ චිත්‍රයක් ඇඳලා දෙන්න පුළුවන්ද කියලා. ඇත්තටම මොකක්ද අඳින්න ඕන කියලා ඩන්ක්ට හරි අවබෝධයක් නෑ. එයා යෝජනා කරන්නේ ඉර බැස යන දර්ශනයක්. පේන විදිහට එයා ටැන්සෙල් ගැන හිත ගිහින් ඉන්න නිසා මනුස්සයාට හරියට කල්පනා කරගන්න බෑ. හැබැයි එග් යෝජනා කරනවා දුඹුරු අතු සහ කොළ පාට පත්‍ර තියෙන එල්ම් ගසක් (Elm tree) අඳිමු කියලා. කලින් වෙච්ච කතාව මතක් වෙලා, ඩන්ක් කියනවා එහෙනම් කඩාවැටෙන තරුවකුත් (falling star) ඒකට එකතු කරමු කියලා. ඒක හෙජ් නයිට් කෙනෙක්ට, ඒ කියන්නේ කූඩාරම් වල නෙවෙයි ගස් යට නිදාගන්න, ඇවිදින නයිට් කෙනෙක්ට ගැලපෙනම ලාංඡනයක්. ඒ වගේම වාසනාව ගේන්න කඩාවැටෙන තරුවකුත් ඒකට එකතු වෙනවා. ඩන්ක්ගේ හිතේ සර් ආර්ලන් ගැන තියෙන හැම මතකයක්ම බොරු අතිශෝක්තියක් නෙවෙයි කියන එකත් මේකෙන් මතක් කරලා දෙනවා. ඒ දෙන්නා වැස්සේ ගසක් යට ගුලි වෙලා, යාළුවෝ වගේ හිනාවෙවී ඉන්න හැටි දකින්න ලැබෙනවා. ඒක හරිම සුන්දර මොහොතක්. සර් ආර්ලන්ගේ කොච්චර අඩුපාඩු තිබුණත්, හොඳ මිනිහෙක් වෙන්නේ කොහොමද කියලා එයා ඩන්ක්ට කියලා දීලා තියෙන බව නම් පේනවා.
ඩන්ක් අර ඩෝර්න් ජාතික කාන්තාවට තමන්ව අඳුන්වා දෙන්නේ ‘සර් ඩන්කන් ද ටෝල්’ (Ser Duncan the Tall) විදිහට. ඒක අහපු ගමන් ඇගේ මුවට හිනාවක් එනවා. එයා පොඩි කාලේ කට්ටිය එයාට කිව්වේ “Too-Tall” (උස වැඩි) කියලා ඇය කියනවා. ඩන්ක් ඉක්මනටම කියනවා ඒක ඇත්තක් නෙවෙයි කියලා. ‘ඔයාගේ උස ගානට හරියනවා,’ එයා ගොත ගගා කියනවා. ‘ඒ කියන්නේ… මේ…’ ‘රූකඩ වලට,’ එග් මැද්දට පැනලා කියනවා. තමන් දක්ෂ සහායකයෙක් බව එයා ආයෙත් සැරයක් ඔප්පු කරන්නේ අන්න එහෙමයි.“

ඩන්ක් ‘ස්ටීලි පේට්’ කියන කම්මල්කරුවාව මුණගැහෙන්න යනවා. එයා කියනවා හොඳ සන්නාහයක් (armor) ස්ටැග් (කාසි) 800 කට දෙන්නම්, නැත්නම් ටිකක් අඩු එකක් 600 කට දෙන්නම් කියලා. හැබැයි ඩන්ක් ළඟ තියෙන්නේ ස්ටැග් දෙකයි, මාරු කරන්න පුළුවන් පරණ සන්නාහ කෑලි ටිකකුයි විතරයි. අලුත් සන්නාහය ගන්න සල්ලි හොයාගන්න, එයාට එයාගේ ‘ස්වීට්ෆුට්’ (Sweetfoot) කියන වෙළඹව විකුණන්න වෙනවා. හැබැයි ඩන්ක් කියන්නේ හිත උණු වෙන මනුස්සයෙක් නිසා (එයා අර සල්ලි වලින් ටිකක් ආපහු දීලා ඉල්ලනවා ඒ සතාට කන්න ඕට්ස් සහ ඇපල් ගෙඩියක් දෙන්න කියලා.
කොහොම වුණත්, තරඟෙන් පරාද වෙන ඕනම නයිට් කෙනෙක්ගේ සන්නාහය ජයග්‍රහණයේ සංකේතයක් (trophy) විදිහට දිනපු කෙනාට ගන්න පුළුවන්. බේලර් ඉස්සර සර් ආර්ලන්ව පරද්දපු වෙලාවේ නම් එහෙම කළේ නෑ. මේ නිසා ඩන්ක්ට හැමදේම නැති වෙන්න පුළුවන්. හැබැයි මේ වෙලාවේ හැටියට ගන්න තියෙන අවදානමට වඩා දිනුවොත් ලැබෙන දේ වටිනවා.
එපිසෝඩ් එක ඉවර වෙන්නේ තරඟාවලියේ ආරම්භයත් එක්කයි. තරඟකරුවන් අතර බේලර්ගේ පුතා වන වැලාර් ටාගේරියන් සහ මෙඩ්ගා ටලි වගේ අය ඉන්නවා. මේ අශ්වාරෝහක සටන (Joust) බලන් ඉන්න ප්‍රේක්ෂකයින්ට වගේම ගෙවල් වල ඉඳන් බලන අපිටත් හරිම උද්වේගකර අත්දැකීමක්. යුධ අශ්වයෝ වේගයෙන් දුවගෙන එනවා, හෙල්ල පහත් කරනවා, ඒවා පලිහවල් වල වැදිලා කැඩිලා යනවා, නයිට්වරු අශ්වයෝ පිටින් බිමට ඇදගෙන වැටෙනවා.එග් අනිත් අය එක්කම එකතු වෙලා කෑගහලා ජයඝෝෂා කරනවා. හැබැයි සමහර වෙලාවට එයා ඇත්තටම බය වෙලා වගේ පේනවා. හරියට නිකන් එතන ඉන්න නයිට් කෙනෙක්ව එයා අඳුරනවා වගේ, ඒ කෙනාගේ ආරක්ෂාව ගැන එයාට බයක් තියෙනවා වගේ. ඩන්ක්ට නම් මේක හරිම ආස හිතෙන, ඒ වගේම දරාගන්න අමාරු දෙයක් වගේ පේනවා.

ආපහු කඳවුරට ආවම, එග් අර දැකපු සටන් හරි උද්‍යෝගයෙන් ආයේ කරලා පෙන්නනවා. හැබැයි ඩන්ක් ඉන්නේ හොඳටම මූණ එල්ලගෙන. එග් අහනවා මොකද ප්‍රශ්නේ කියලා.’ශ්‍රේෂ්ඨ නයිට්වරු වැටවල් අයිනේ ජීවත් වෙලා මඩ පාරවල් අයිනේ මැරිලා යනවද?’ එයා අහනවා. ‘මම නම් හිතන්නේ නෑ. සර් ආර්ලන් කියන්නේ කඩුවෙන් හරි හෙල්ලෙන් හරි දස්කම් පාපු කෙනෙක් නෙවෙයි. මිනිහා කළේ බොන එකයි ගෑණු පස්සේ යන එකයි. එයා ඇසුරු කරන්න අමාරු මනුස්සයෙක්. එයාට යාළුවො හිටියෙත් නෑ. එයා අවුරුදු හැටක් විතර ජීවත් වුණත් කවදාවත් ශූරයෙක් වුණේ නෑ. ඉතින් ඇත්තටම මට මොන ජයක්ද? හැබැයි එයා මට හොඳට සැලකුවා. මම එයාගේ පවුලේ කෙනෙක් නෙවෙයි, ඒත් එයා මාව බලාගත්තේ තමන්ගේම කෙනෙක් වගේ. එයා මාව හැදුවේ ගෞරවණීය මනුස්සයෙක් විදිහට. ඒ වුණාට මේ උසස් ස්වාමිවරුන්ට එයාගේ නමවත් මතක නෑ. එයාගේ නම සර් ආර්ලන් ඔෆ් පෙනිට්‍රී. මම තමයි එයා ඉතුරු කරලා ගිය දේ.හෙට අපි මේ ලෝකෙට පෙන්නමු එයා මොන වගේ කෙනෙක්ද නිර්මාණය කළේ කියලා.’ ” ඩන්ක් එහෙම කිව්වා.
අදකතාවේ වෙන්නේ මොනවද කියලා දැනගන්න එක කතාව බලන ඔයාට භාරයි. වෙනදාවගේම අද කතාවත් රසවිඳින්න කියලා ඔයාලට ආරාධනා කරනවා. මේ එපිසෝඩ් එකේ ඩිරෙක්ට් ලින්ක් අපේ බයිස්කෝප් ඩව්න්ලෝඩ්ස් එකෙන් වගේම ටෙලිග්‍රෑම් එකෙනුත් ගන්න පුළුවන්.
ඊළඟ එපියෙන් හමුවෙමු.
*-* ජය ශ්‍රී *-*
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.
5,586 downloadsDownload Knight.of_.the_.Seven_.Kingdoms.2026.S01E03.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු හසරංග
Subtitles
- #2026
- #A Knight of the Seven Kingdoms [S01: E01] Sinhala Subtitles
- #A Knight of the Seven Kingdoms Sinhala Subtitles
- #Editor's Pick
- #His and Hers 2026 sinhala sub
- #His.and.Hers.2026
- #MaxxA
- #Offbeat
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subtitles
- #යසිරු හසරංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
12 comments
විමා - Admin
Asanga Basooriya
Bohoma sthuthi..
Viraj
Thanks
Sahan Gayantha
thanks a lot Yasiru saho sub ekata
Buddhika laKMal
ස්තූතිය උපසිරැසියට අයියේ...
Sandaru Nimsara
Thanks
sumed
sub ekata thank you bro
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Anonymous
thanks
T D T Ekanayaka
thanks
Anonymous
thank you
Anonymous
Thanks bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![A Knight of the Seven Kingdoms [S01: E03] Sinhala Subtitles | ද්වන්ද සටන [සිංහල උපසිරැසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/01/AKOTSK-S01.jpeg)




සබට තුති බන්!