උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න
ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන නෝ යැං ජී…
ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන නෝ යැං ජී හා විවාහ ගිවිසගෙන අවසානයි. ඔහුගේ හා යැං ජීගේ විවාහය කුඩා කලම දෙපවුලේ දෙමාපියන් විසින් තීරණය කල දෙයක්. එහෙත් පාක් ජී යුන් හදවතින්ම ආදරය කළේ, ආදරය කරන්නේ සී යුන්ට පමණයි. ඔහුගේ ලෝකයේ ආදරය හිමි ඇයට පමණයි. එහෙත් මේ ප්‍රේමය එතැන් පටන් විවිධ හැලහැප්පීම්වලට මුහුන දෙනවා. පාක් ජී යුන් ඔහුගේ ධනවත් පවුල හැරදා පැමින තමන් හා දුක් ගැහැට විදිනවා දකින්නට සී යුන් කැමති නැහැ. ඒ නිසා ඈ ඔහු හා විවාහ වන අදහස අත්හැර දමනවා.
පාක් ජී යුන් අසරණයි. ගිවිසගත් විවාහය ඔහුට අත්හැර දමන්නත් බෑ. මෙකී ජීවන අන්දරය එතැන් පටන් විවිධ මංපෙත් මාවත් ඔස්සේ ගමන් කරනවා. අන්න ඒ නිසයි මා මින් පෙර සදහන් කළේ උඩියටිකුරු වන්නේ මේ ප්‍රේමවන්තයින්ගේ ජීවිත පමණක් නොවන වග. එපමණක් නොව, සියල්ලන් වික්ෂිප්ත කරමින්, සියල්ලන් මවිත කරමින් සී යුන්ගේ ජීවිතය ඇගෙන් ඇගිලි තුඩු අගින් ගිලිහෙන්නට ගන්නවා. මතකයේ ඇති සියල්ල මැකී යන ‘‘ඇල්සයිමර්‘‘ නම් භයානක රෝගයේ අනසකට ඇය නතුවන්නේ මේ අතරතුරේදියි.
ලබැදි පාඨක ඔබට මා පවසන්නේ මෙපමණයි. මින් ඉදිරියට කොටසින් කොටස ඔබේ ඇස් මානයේ දිගහැරෙන මේ අසීමාන්තික, සංවේදි ප්‍රේම වෘතාන්තයට ඔබ ආදරය කරනවා නිසැකයි. ඉතින් අත්විදින්න මේ ආදර තිළිණය. එකී චරිත තුල ජීවත් වී මා අකුරු කරමින් උපසිරැසි ගැන්වූ A THOUSAND DAYS PROMISE කොරියානු ටෙලි සිත්තම.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න acadd185d26bee250fd10560a76f734941c17156 500 MB කොපිය මෙතනින් බාගන්න C0F5EE3C6E0CD0999E6C0C6D31EE4C76D19D9ACF 150 MB (3.0 GB) කොපිය බාගැනීම සඳහා එම අඩවියේ ලියාපදිංචි විය යුතුය. ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.956 downloadsDownload A-Thousand-Days-Promise-2011-E17.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/pathum.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
- Ratings
- Reviews
- 0
- Subtitles
- 62
- Downloads
- 208.7K
- Readers' rating
- No reviews yet

Subtitles
13 comments
anil
Ranjith
බයිස්කෝප් අංක 01 වෙබ් අඩවියෙන් ලබාදෙන සිංහල උපසිරසි ටී.වී.එකෙන් බලන්න නම් ඒ වීඩියෝ එකට සබ් convert කර ගන්න ඕන. ඒ සඳහා වඩාත් සුදුසු මෘදුකාංගය WinAVI Video Converter. ඒ ගැන හැමෝටම දැක බලාගන්න පුළුවන් වීඩියෝ එකක් බලන්න ආරාධනා.මෙන්න Link එක http://youtu.be/stS_SqJyjJM
Achintha sameera
පැතුම් අතුකෝරල තැන්ක්ස් මචෝ සබ් එකට.මචෝ E8නි කොටසේ විනාඩි 52ට විතරයි සබ් තියෙන්නේ,කතාව පැයක් තියෙනවනේ
mudiya / මුදියා
එලකිරි පැතුමෝ.
ජයවේවා.බොහෝ...................................................................................ම ස්තූතියි...!DAMER
එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍

thanks saho