Watch Trailer

A Thousand Days’ Promise [EP 18] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන නෝ යැං ජී…

A Thousand Days' Promiseලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන නෝ යැං ජී හා විවාහ ගිවිසගෙන අවසානයි. ඔහුගේ හා යැං ජීගේ විවාහය කුඩා කලම දෙපවුලේ දෙමාපියන් විසින් තීරණය කල දෙයක්. එහෙත් පාක් ජී යුන් හදවතින්ම ආදරය කළේ, ආදරය කරන්නේ සී යුන්ට පමණයි. ඔහුගේ ලෝකයේ ආදරය හිමි ඇයට පමණයි. එහෙත් මේ ප්‍රේමය එතැන් පටන් විවිධ හැලහැප්පීම්වලට මුහුන දෙනවා. පාක් ජී යුන් ඔහුගේ ධනවත් පවුල හැරදා පැමින තමන් හා දුක් ගැහැට විදිනවා දකින්නට සී යුන් කැමති නැහැ. ඒ නිසා ඈ ඔහු හා විවාහ වන අදහස අත්හැර දමනවා.

පාක් ජී යුන් අසරණයි. ගිවිසගත් විවාහය ඔහුට අත්හැර දමන්නත් බෑ. මෙකී ජීවන අන්දරය එතැන් පටන් විවිධ මංපෙත් මාවත් ඔස්සේ ගමන් කරනවා. අන්න ඒ නිසයි මා මින් පෙර සදහන් කළේ උඩියටිකුරු වන්නේ මේ ප්‍රේමවන්තයින්ගේ ජීවිත පමණක් නොවන වග. එපමණක් නොව, සියල්ලන් වික්ෂිප්ත කරමින්, සියල්ලන් මවිත කරමින් සී යුන්ගේ ජීවිතය ඇගෙන් ඇගිලි තුඩු අගින් ගිලිහෙන්නට ගන්නවා. මතකයේ ඇති සියල්ල මැකී යන ‘‘ඇල්සයිමර්‘‘ නම් භයානක රෝගයේ අනසකට ඇය නතුවන්නේ මේ අතරතුරේදියි.

ලබැදි පාඨක ඔබට මා පවසන්නේ මෙපමණයි. මින් ඉදිරියට කොටසින් කොටස ඔබේ ඇස් මානයේ දිගහැරෙන මේ අසීමාන්තික, සංවේදි ප්‍රේම වෘතාන්තයට ඔබ ආදරය කරනවා නිසැකයි. ඉතින් අත්විදින්න මේ ආදර තිළිණය. එකී චරිත තුල ජීවත් වී මා අකුරු කරමින් උපසිරැසි ගැන්වූ A THOUSAND DAYS PROMISE කොරියානු ටෙලි සිත්තම.

A Thousand Days' Promise (2011) on IMDb
//

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න acadd185d26bee250fd10560a76f734941c17156 1.0 GB කොපිය මෙතනින් බාගන්න 71FB84925932E9DF9F054C4D7E59AC53F54B8F9D 150 MB (3.0 GB) කොපිය බාගැනීම සඳහා එම අඩවියේ ලියාපදිංචි විය යුතුය. ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

725 downloadsDownload A-Thousand-Days-Promise-2011-E18.zip50 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/pathum.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් අතුකෝරල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

Subtitles by

පැතුම් අතුකෝරල

Subtitles

725 downloadsDownload Subtitles50 KB

16 comments

  1. amilatk

    jayen jaya!!!

  2. isuru

    niyamayi thawa kotas 2 kai ela ela

  3. f_live

    ජයම වේවා සහෝට දැන් ඉවර වෙන්නත් කිට්ටු නේ

  4. venura

    elakiri machan

  5. ositha

    pattai macho

  6. tharanga

    බොහොම තුති මචෝ

  7. kalinga

    ජයම වේවා සහෝට !

  8. mudiya / මුදියා

    නියමයි පැතුමෝ.
    තව ටිකයි.
    ඒ ටිකත් ඔය විදිහටම දෙමු.
    ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!

  9. Chanukz

    Thanks machn !!

  10. “චූටී මල්ලි”

    එල එල
    සබට තුති
    ඔබට ජය.....

  11. Achintha sameera

    පැතුම් අතුකෝරල තැන්ක්ස් සබ් එකට.කෝ ඉස්සෙල්ල වගේ ඉකමනට දෙන්නකෝ...

  12. සංජය

    නියමයි... උපසිරසියට බොහොම ස්තුතියි පැතුම් සහෝ...

  13. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  15. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)

  16. mekala

    eth e site eke register wenna bane. wena torrent link ekak danna ......
    150mb