Watch Trailer

Prison Break [S04 : E23] | අවසානය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 2012 සැප්තැම්බර් 12ස් වෙනිදා ආරම්භ කරපු ප්‍රීසන් බ්‍රේක් කතා මාලාවේ අවසාන කොටස තමයි මේ දෙන්න යන්නේ. පුරා අවුරුද්දක කාලයක් (අවුරුද්දයි මාස දෙක්ක ඈ ඉතිං) අපිත් එක්ක හිටපු ඔය හැමෝටම ගොඩක් ස්තූතියි. අපේ ධනුෂ්ක ලක්මාල් (ධනා) සහෝදරයා පටං ගත්ත ඉතාමත් දරුණු ගණයේ වැඩේ මට ඉවරයක් කරන්න ලැබුන එක සත…

prison break final breakඔන්න එහෙනම් 2012 සැප්තැම්බර් 12ස් වෙනිදා ආරම්භ කරපු ප්‍රීසන් බ්‍රේක් කතා මාලාවේ අවසාන කොටස තමයි මේ දෙන්න යන්නේ. පුරා අවුරුද්දක කාලයක් (අවුරුද්දයි මාස දෙක්ක ඈ ඉතිං) අපිත් එක්ක හිටපු ඔය හැමෝටම ගොඩක් ස්තූතියි. අපේ ධනුෂ්ක ලක්මාල් (ධනා) සහෝදරයා පටං ගත්ත ඉතාමත් දරුණු ගණයේ වැඩේ මට ඉවරයක් කරන්න ලැබුන එක සතුටුයි.ඒ වගේම අන්තර්ජාලයේ මුලින්ම උපසිරස මුල සිට අග දක්වා ලියවුන දිගම කතා මාලාව මෙය වෙනවා .

2005 අගෝස්තු 29 ආරම්භ වුන මේ කතා මාලාව ලෝකය පුරාම හිතපු නැති විදිහට ප්‍රසිද්ධ වෙන්න පටං ගත්තා. මේ වෙනකොට IMDb අගයන්ගෙන් 193,384 දෙනෙකුගේ කැමැත්ත මත 8.5ක රේටින්ග් එකක් ලැබිලා තියෙනවා. මේ කතා මාලාව මුලින්ම විකාශය වුනේ ඇමරිකාවේ. නිර්මාණය කරේ Paul Scheuring විසින්. මෙම කතා මාලාව කොටස් හතරකින් යුක්ත වුන අතරම ඒ කොටස් හතරම විකාශය වුනේ FOX කියන ඇමරිකානු රූපවාහිනී නාලිකාවේ. ඒ 2005 සිට 20009 දක්වාම නොකඩවා. කතාව ගෙතුනේ සහෝදරයින් දෙන්නෙක් වටේට. එක්කෙනෙක් නොකරපු අපරාධයක් හේතුවෙන් මරණයට නියම වෙලා හිරේ ඉන්නේ. එලියේ ඉන්න අනිත් සහෝදරයා මේ ගැන දැනගෙන මේ මරණයට නියම වෙලා ඉන්න සහෝදරයාට උදව් කරන්න හිතාගන්නවා. ඒ හිරගෙදරින් හොරෙන් තමන්ගේ සහෝදරයත් එක්කරගෙන පනින්න. මේ කතාමාලාව නිෂ්පාදනය කරේ Adelstein-Parouse Productions කියන සමාගයි. ඒ Original Television සහ 20th Century Fox Television යන නාලිකා වල එකතුවකින්. මේ කතා මාලාව නිර්මාණය කරනු ලැබු Paul Scheuring සමඟින් එකතුවෙලා Matt Olmstead, Kevin Hooks, Marty Adelstein, Dawn Parouse, Neal H. Moritz සහ Brett Ratner කියන අය Pilot එහෙමත් නැත්නම් පලවෙනි සීසන් එක අධ්‍යක්ෂණය කරනු ලැබුවා. සංගීතය අතින් හැම වැඩක්ම කරේ Ramin Djawadi කියන කෙනා. ඔහු 2006 වසරේ පැවැත්වූ Primetime Emmy සම්මාන උලෙලට නිර්දේශිතත් වුනා.

මේ කතා මාලාව පිළිබඳ යෝජනාව Fox රූපවාහිනී ආයතනයට ආවේ 2003දී. ඒත් Lost සහ 24 යන කතා මාලාවන්ගේ දිග ගැන හිතලා එයාලා පොඩ්ඩක් මේ Prison Break කතා මාලාව පස්සට දැම්මා. හැබැයි මේ Lost සහ 24 කියන කතා මාලාවන්ගේ සාර්ථකත්වය නිසාම 2004 වසරේදී මෙම Prison break කතා මාලව නිෂ්පාදනය වැඩ කටයුතු ඇරඹුවා. පළවෙනි සීසන් එකේ නියම වෙලා තිබුනේ කොටස් 13යි. නමුත් හිතපු නැති විදිමට තව කොටස් 9ක් පළවෙනි සීසන් එකට එක් කරන්න සිද්ධ වුනා. ඒ මෙම කතා මාලවට ලැබුන ජනප්‍රියත්වය නිසාවෙන්. මෙම Prison break කතා මාලව 2006දී ජනතාවගේ ප්‍රියතම රූපවාහිනී කතා මාලාවට හිමි සම්මානයද හිමි කරගනු ලබනවා. ඒවගේම 2005 Golden Globe සම්මාන උලලේ හොඳම රූපවාහිනී කතා මාලාවට මෙම prison break කතා මාලාව නිර්දේශ වෙනවා.

මේ කතා මාලාවේ ජනප්‍රියත්වය නිසාම ජංගම දුරකථන වලත් මෙම කතාමාලවේ කුඩා කොටස් එහේ මෙහේ දිවයන්න පටං ගත්තා. ඒ අන්තර්ජාලයට එම කතාමාලව අප්ලෝඩ් කිරීම සහ Prison break පරිඝනක ක්‍රීඩාව නිර්මාණය කරමින්. Prison Break: Proof of Innocence කියන ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම නිෂ්පාදනය කරේ ජංගම දුරකථනයන් වලටයි. ඒවගේම මේ කතා මාලාව නිළමට්ටමෙන් නවකතාවක් ලෙසද දිගහැරුනා.

මේ කතාමාලව ආරම්භ කරපු දවසේ, ඒ කියන්නේ 2005 අගෝස්තු 29 වෙනිදා මේ පලවෙනි කොටස බලපු මුලු ප්‍රේක්ෂක සංඛ්‍යාව විදිමට මිලියන 10.5ක ඇස්තමේන්තුවක් කරතිබෙනවා. පෙලවෙනි සීෂන් එකේ සතියක් යද්දි මේ කතාව බලලා තිබුන මුලු ප්‍රේක්ෂක සංඛයාව මිලියන 9.2ක් බවට පත්වෙලා තිබුනා. දෙවෙනි සීසන් එකේ ආරම්භයම මිලියන 9.4ක ප්‍රේක්ෂකයන් පිරිසක් නරඹලා තිබිල තියෙනවා. ඒවගේම මේ දෙවෙනි සීසන් එක බලමු මුලු ප්‍රේක්ෂකයින් ගණන මිලියන 10.1ක් වගේම පලවෙනි සතිය ඇතුලත මිලියන 9.3ක ප්‍රේක්ෂක පිරිසක් නරඹලත් තිබුනා.

මේ කතාව ඔයාලට සිංහලෙන් රසවත් කරන්න කිහිප දෙනෙක්ම එකතු වුනා. ධනුෂ්ක ලක්මාල්, සදීප් ලක්මාල්, ගිහාන් මධුසංක, චින්තක බස්නායක, දිනිඳු සම්පත්, නවීන් ලක්ෂිත, ජනක වික්‍රමසිංහ, දිදුල KD සිල්වා, සසංක සම්පත් යන සහෝදරු වරුන් මේ කතා මාලාව ඔබට ගෙන ඒමට මාත් (චලිදු දේශන් -කිනා) සමඟ එකතු වුනා. ඒවගේම මේ වෙනකොට සිංහල උපසිරැසි 80ක් ලබාදීලා තියෙනවා මුලු සංඛ්‍යාව. අද මේ දෙන කොටසත් එක්කයි 81ක වෙන්නේ. නමුත් මේ ලබාදීලා තිබෙන උපසිරැසි 80 ලංකාව පුරාම download කරගත්ත සංඛ්‍යාව එක් ලක්ෂ අසූදහස් අටසිය හතක් (181,007). (මේ මම ලිපිය ලියන වෙලාව වෙනකොට ) ඒවගේම ඉතිං ඔය download කරගත්තු අය අතින් තව කී දෙනෙක්ට ගිහින් ඇතිද 😛 තව කී දෙනෙක් ගනීවිද 🙂

පළවෙනි සීසන් එක ගැන විස්තරයක්:-
කතාව ගෙතෙන්නේ ඇමරිකානු රජයේ ජනාධිපතිනිය වන කැරලෝනි රේනෝල්ඩ්ගේ සහෝදරයා වන ටෙරන්ස් ස්ටෙඩ්මන්ව ඝාතණයට ලින්කන් බරෝව්ස් සැකපිට අත්තඩංගුවට ගැනීමෙන්. මේ නිසා ලින්කන් මරණයට නියම වෙනවා Fox River කියන හිරගෙදරදී. ලින්කන්ගේ සහෝදරයා, බුද්ධිමත් සහ දක්ෂ ඉන්ජිනේරුවෙක්. නම මයිකල් ස්කෝෆීල්ඩ්. මොහු ලින්කන්ගේ තත්වය තේරුම් අරගෙන සැලසුමක් හදනවා ලින්කන්ව හිරෙන් පන්නගන්න විදිහක්. මයිකල් බැංකුවක් මංකොල්ල කන විදිහට ගිහින් කොහොමහරි Fox river හිරගෙදර ඇතුලට යාගන්නවා. හිරේදී මයිකල්, සාරා ටෙන්ක්‍රෙඩි කියන වෛද්‍යවරියත් සමඟ හාදකමක් ඇතිකරගන්නවා. ඒ ඔහුට දියවැඩියාව ඇතිවීම නිසා ඇගෙන් බෙහෙත් ගන්න යන, එන අතරතුරයි. කොහොමනමුත් ලින්කන්ගේ නීතිඥයා වන වෙරෝනිකා ඩොනොවන් උත්සාහ කරනවා මේ දෙන්නට උදව් කරන්න. ඒත් මේකට බාධාවකට එන්නේ Company කියලා කට්ටියක්. ඒක ඇත්තටම සමාගමක්. කම්පැනිය මේ දේ ලින්කන්ට කරේ ඒ ලින්කන්ගේ පියා ඇල්ඩෝ බරෝව්ස්ගේ සම්භන්ධතාවයන් මේ කම්පැනියත් සමඟ තිබුන නිසා. කොහොම හරි මේ සහෝදර පැනයාමට තව හයදෙනෙක් එකතුවෙනවා. ඒ ෆ්‍රෙනාන්ඩෝ සූක්‍රේ, තියඩෝර් බෑග්වේල් (ටී-බෑග්), බෙන්ජමින් මයිල්ස් (සී-නෝට්), ෆ්‍රෑන්ක්ලීන්, ඩේවිඩ් අපොල්කිස්, ජෝන් ඇබෘසි සහ චාරලස් පටෝසික් කියන අය මේ සහෝදරයන් දෙන්නත් එක්ක Fox river හිරගෙදරින් පැනලා යනවා.

දෙවෙනි සීසන් එක ගැන විස්තරයක්:-
දෙවෙනි කතාමාලව පටං ගන්නේ අර අට දෙනා හිරගෙදරින් පැන්නට පස්සේ, ඒ පැනපු අට දෙනා ගැන ආරක්ෂකයින් හොයන්න ගන්නවා. ඔවුන් අටදෙනා රටේ සෑම තැනකටම බෙදිලා යනවා. ඒ ඔවුන්ගේ ඉටුනොවුන, තනි සිහින ඉටුකරගන්න. බ්‍රෙඩ් බැලික් කියන හිරගෙදර ප්‍රධාන ආරක්ෂකයාව අස් කරනවා, ඒ මේ අටදෙනා හිරෙන් පැනල යන නිසා. ඒ වගේම ඔහු මුදල් වෙනුවෙන් ඕනම ජරා වැඩක් කරනවා කියන එක ඔප්පු වුනාට පස්සේ. විශේෂ නියෝජිත ඇලෙක්සැන්ඩර් මහෝන් මේ අටදෙනාව හොයාගන්න වැඩ ආරම්භ කරනවා. ඒත් ඔහු වැඩකරන්නේ company එකට. ඔහුට සිද්ධ වෙනවා මේ අටදෙනාවම මරණ්න. සාරා ටෙන්ක්‍රෙඩි දැනගන්නවා එයාගේ තාත්තා ෆ්‍රෑන්ක්ව මරළ දාලා කියලා. එයා මයිකල්ව හම්බවෙනවා, එයාලා කතිකා කරගන්නවා ජනාධිපති රේනොල්ඩ්ස්, කම්පැනියේ සාමාජිකාවක් වෙන කෙනාව පහතට ඇදල දාන හැටි ගැන. සහෝදරයාගේ ආරක්ෂාව තහවුරු කරගන්න ඕන නිසා, ඇය විසින් අත්තඩංගුවට පත්වෙනවා. විශේෂ රහස් නියෝජිත පෝල් කෙලර්මන් මේ අවස්ථාවේදී සාරාගේ පස්සෙන් එන්න ගන්නවා. ඔහු වැඩ කරන්නෙත් කම්පැනියට. මොහුව එවන්නේ ජනාධිපතිනිය විසින්. කොහොම හරි සහෝදරයින් දෙන්නා පැනමා වලට යනවා. මයිකල්, ටෑබෑග්, මහෝන් සහ බෙලික් කියන අය පැනමා වල බලධාරීන් අත්තඩංගුවට අරගෙන සෝනා කියන හිරගෙදරට එයාලව දානවා.

තුන්වෙනි සීසන් එක ගැන විස්තරයක්:-
තුන්වෙනි කොටස පටං ගන්නේ මයිකල් සෝනා හිරගෙදර ඇතුලේ ඉද්දී සහ ලින්කන් පැනමා වල එලියේ ඉද්දියි. සෝනා කියන්නේ ඇතුලේ එක ආරක්ෂකයෙක්වත් නැති එලියේ විතරක් ආරක්ෂකයින් ඉන්න තැනක්. බරෝව්ස්ව ග්‍රේචන් මෝර්ගන් කියලා කම්පැනියේ නියෝජිතවරියක් සම්භන්ධ කරගන්නවා. ඒ ලින්කන්ගේ පුතා LJව සහ, මයිකල් ආදරය කරන ගැහැණු කෙනා සාරාව පැහැර ගන්නවා. ඔවුන් කියනවා මයිකල්, සෝනා හිරගෙදර කඩාගෙන ඒකේ ඇතුලේ ඉන්න ජේම්ස් විස්ට්ලර් කියන කෙනාව එලියට අරගෙන එන්න කියලා. මේ කතාමාලවේ තියෙන්නේ මයිකල් විස්ලර්ව හොයාගන්න දරණ උත්සාහයත්, ඔහුව එලියට අරගෙන එන්න දරන උත්සාහයත් ගැනයි. මයිකල් ඇතුලේ වැඩ ටික බලාගද්දි ලින්කන් ග්‍රේචන් සමඟ LJගේ සහ සාරාගේ ජීවිත හා සටන් වදිනවා. මයිකල්ගේ මේ පැනයාමේ සැලසුම නිසා සූක්‍රේ හිරගෙදර රැකියාවක් හොයාගන්නවා. යම් අවස්ථාවකදී ලින්ක් LJව සහ සාරාව බේරගන්න දරන උත්සාහයක් ව්‍යාර්ත වුනාට පස්සේ ග්‍රේචන් සාරාගේ බෙල්ල පෙට්ටියක දාලා බරෝව්ස්ට එවනවා. සීසන් එක අවසානයේ මයිකල්, විස්ලර්, මහෝන්, ලුවිස් කියන අය පැනලා යනවා. ඒ ටීබෑග් සහ බෙලික්ව සෝනා හිරගෙදර ඉතුරු කරමින්. සූක්‍රේ හිරෙන් පැනපු කෙනෙක් කියලා අඳුරගන්න අතර මයිකල්ලාගේ පැනයාමෙන් පසුව ඔහුව සෝනා හිරගෙදර ඇතුලට දානවා. LJ සහ සොෆියා (විස්ලර්ගේ පෙම්වතිය) පැහැරගෙන යන අතරම, මයිකල් සාරාගේ මරණයේ පලිය ගන්න උත්සාහ කරනවා.

හතරවෙනි සීසන් එක ගැන විස්තරයක්:-
මේ කතාමාලාවේ ප්‍රධානම මාතෘකාව තමයි සිල්ලා කියන උපකරණය ගන්න හෝම්ලෑන්ඩ් ආරක්ෂකයේ නියෝජිත ඩන් සෙල්ෆ් කියන කෙනාත් සමඟ මයිකල් ඇතුලු පිරිස ක්‍රියාත්මක වෙන එක. මුලින්ම මයිකල් ඇතුලු කට්ටියට සිද්ධ වෙනවා කාඩ්පත් හයක් හොයාගන්න. ඒවගෙම ඊටපස්සේ කම්පැනියේ ප්‍රධාන ගොඩනැගිල්ලට හොරෙන් ඇතුලුවෙන්න වෙනවා මේ සිල්ලා වෙනුවෙන්. මුල් කොටස් කිහිපයේදී සාරා ජීවතුන් අතර කියලා හොයාගන්නවා. බෙලික් තමන්ගේ ජීවිතේ කැපකරලා මියයනවා. සෙල්ෆ් උත්සාහ කරනවා දෙගුණයක මුදලකට සිල්ලාව විකුණන්න. මෙම හේතුව නිසා ලින්කන් කම්පැනියට එකතු වෙනවා සිල්ලා නැවත ලබාගන්න, ඒ මයිකල්ට සිදුවෙන යම් රෝගී තත්වයක් නිසාවෙන්. මයිකල්ට පස්සේ තමන්ගේ අම්මා ගැන දැනගන්න පුලුවන් වෙනවා. ඒ ක්‍රිස්ටිනා තාමත් ජීවතුන් අතර කියන එක වගේම එයත් කම්පැනියේ නියෝජිතවරියක් කියන එක. ඒවගේම ඇයත් සිල්ලා තමන් අතට ගන්න උත්සාහ දරනවා වැඩි මුදලකට විකිණීමට. ඒ නිසාම ක්‍රිස්ටිනා සහ කම්පැනිය අතර බොහෝ දුරදිග ගිය ගැටුමක් ඇතිවෙනවා. කොහොම හරි ක්‍රිස්ටීනව සාරා මරණවා. සාරාව අන්තිමට හිරගෙදරින් ගන්න ඕන නිසා මයිකල් යම් උපක්‍රමයක් යොදනවා. ඒවගේම මුලු කණ්ඩායමටම නිදහස ලැබෙනවා. ඒවගේම මයිකලුත් මියයනවා. ඒවගේම සාරාට දරුවෙක් ලැබනෙවා.

එහෙනම් ඉතින් අද කතාවට බහිමු.
පසුගිය කොටසේදී සාරා මයිකල්ගේ අම්මව මරණවනේ. ඒවගේම මයිකල් මැරිලා කියලා හෝඩුවාවකුත් දෙනවනේ. ඒක සිද්ධ වුනේ කොහොම වගේම සාරාව හිරේට නියම කරනවා මේ හේතුව නිසා. මයිකල් හදන්නේ සාරාවත් මයිකල්ලා හිරේ කඩාගෙන පැන්නා වගේම සාරාවත් එලියට ඒ විදිහටම අරගන්න. හැබැයි සාරාට ගොඩක් කාලයක් නෑ. ඒ මොකද ඇතුලේ හතුරොන්ගෙන් පිරිලා නිසා. ජෙනරාල්, ටීබෑග්, ඒවගේම මතක ඇතිනේ කලින් කොටස් වලදි හම්බවුන ග්‍රේචන්, එයත් ඉන්නවා. ඒක නිසා හරිම අවදානම් තත්වයක සාරා පත්වෙන්නේ. ඒ මොකද තමන්ගේ කුසේ බබෙක් ඉන්න නිසාම. හරි එහෙනම් ඉතිං..

වැඩිය කියන්නෙ නෑ. සාරාව එලියට ගන්න වෑයම බලන්න.

කියන්න දෙයක් තියෙනවා තව. මේ සමහර torrent වල තියෙන්නේ හතරවෙනි සීසන් එක කොටස් 24කට. හැබැයි සමහර torrent වල තියෙන්නේ කොටස් 23කට. එහෙම වෙලා තියෙන්නේ Final Break 1 සහ Final Break 2 යන කොටස් දෙක නිසා. සමහර ටොරන්ට් වල මෙම කතා දෙක එකට එකතු කරලා තියෙනවා. අන්න ඒවගේ තමයි කොටස් 23ක් තියෙන්නේ. ඔය කතා දෙක කොටස් දෙකකට තියෙන ඒවගේ තමයි කොටස් 24ක් තියෙන්නේ.

එහෙනම් ඉතින්.. ….. මෙතෙක් කල් මේ කතාමාලාව නරඹමු, අපි ගැන විශ්වාසය තියාගෙන හිටපු හැමෝටම බොහොම ස්තූතියි. ! ජයවේවා!!! 😛

Prison Break (2005) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

220 MB කොපිය (3.0 GB) මෙතනින් බාගන්න 053ff5acdfa77c9650a83554fe0f0d6df6ade8d8 700 MB කොපිය මෙතනින් බාගන්න 2f0bd28c8fd099847c6f81c727b68a17a02332e2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

14,180 downloadsDownload Prison.Break_.S04E23.zip82 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                                 Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

14,180 downloadsDownload Subtitles82 KB

203 comments

  1. lasidu

    niyamai saho meykath iwaraine :)

    1. මයිකල්

      මයිකල් marane ne bn….meka season 5 1k lagadima anewa…..danewane මයිකල් ga plan….mokak hari plan 1k ghale athi…..මයිකල් marenewa kuwate api hariyatema dakka ne na…

    2. sana

      he he.onna ube kathawa aththa wela

    3. Tharindu

      na machan body eka genalla thibba...uba kohomada na kiyanne api giyane mala gedara :D

    4. Udara Aravinda

      ade siraawatama season5k enawada bn ? trailer ekkwth naane

  2. quick

    thanks

  3. kalana

    niyamama kathwak iwara karapu akata thxz

  4. tharanga

    බොහොම ස්තුතියි.

  5. was

    පට්ට හොදේ සුපිරි

  6. vee

    maxxa maxxa saho

  7. sds

    සේරම ගත්තා දැන් සබ් එක විතරයි ගන්න තියෙන්නේ

    jayama wewa!!!!!!!!!

  8. Isuru

    loweth na supirima kathwak iwara karapu akata 10000 thanks

  9. rusuru | රුසිරු

    මේක සුපිරි කතාවක්

  10. DANUKA!

    thxz lot supirima thama baiscope hamdamath

  11. Pahansith Goonetilleke

    සුභපැතුම් සහෝ... මමත් මේ කතා මාලාව එක්ක මුල ඉඳලම රැඳිලා හිට්යා. දුකයි ඉවර උන එක ගැනත්.. දිගටම අවුරුද්දක කාලයක් සබ් දීල කල කැපවීමට ඉස්තුතිවන්ත වෙනවා.. ගොඩක්... කතා මාලාවේ නියම රසය විඳින්න ලැබුනේ සිංහල සබ් තිබුන නිසයි... ආයෙත් මේ වගේම කතා මාලාවකින් අපිව හමුවෙයි කියල විශ්වාස කරනවා.පුළුවන් නම් Super man ගේ කතාවක් තියන Smallville TV series එක දෙන්න.අයෙමත් කියනවා. බොහොම ස්තුතියි සහෝ.. ජය

  12. bandula

    එල නියමයි

  13. saman

    thanx thanx thanx okkoma tika iwaraiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii

  14. DNA

    මේවගේ අපිට මුළු කතාමලාවේම සබ් දුන්නට බොහොම ස්තූතියි.තව තවත් මේවගේ සුපිරි වැඩ කරන්න උබලට බොක්කෙම්ම සුබ පතනවා!
    ජයවේවා!!!

  15. deshan

    මගේ ප්‍රියතම රූපවාහිණී කතා මාලාව.කලින් බලල තිබුනත් ආයෙ බැලුවෙ baiscopelk ඔබ නිසා...බොහොම ස්තූති..

  16. සංජය

    දීර්ග කතා මාලාවක අවසානයක්... පුදුම සතුටක් තියෙන්නෙ ආඅසාවෙන් බලපු කතා මලා සියල්ලේම සිංහල උපසිරසි තියනව කියල හිතෙනකොට ඒකට මේ සඳහා දායක උනු සහෝදරවරු සියළුදෙනාටම බොහොම ස්තුතියි කියනවට වැඩිය දෙයක් කරන්න විදිහක් නෑ. සියළුදෙනාගේ කැපවීම නිසා මේ විදිහට මේ දීර්ග කතා මාලාවට උපසිරසි යොදා ඉවරකරන්න හැකි උනා. තවදුරටත් උපසිරසි දීමට සහෝදරවරු සියළුදෙනාට ශ්ක්තිය සහ කාලය ලැබේවා....

  17. sp පියමල්

    අම්මෝ ඉවරයි,මයිකල් මැරෙන එක ගැනනම් දුකයි,මෙතෙක් කල් මේකට සබ් දීපු හැමෝටම ස්තුති කරනවා,බොහොම ස්තුතියි මේකත් ඉක්මනටම ලබා දුන් එකට,තවත් මේ වගේ හොඳ කතා මාලා ලබා දෙන්න කියලත් ඉල්ලනවා,බොහොම ස්තුතියි හැමෝටම

  18. mudiya / මුදියා

    මගෙ අම්මෝ කොටස් 81ක්.
    මේ වගේ සුපිරි වැඩක් කරොත් ඉතිං අපේ බයිස්කෝප් සිංහලෙන් සෙට් එකම තමයි.
    නියමයි කිනෝ උඹේ වැඩේ නම්.
    ධනුෂ්ක ලක්මාල්, සදීප් ලක්මාල්, ගිහාන් මධුසංක, චින්තක බස්නායක, දිනිඳු සම්පත්, නවීන් ලක්ෂිත, ජනක වික්‍රමසිංහ, දිදුල KD සිල්වා, සසංක සම්පත් සෙට් එකටත් සුභ පතනව මේ වගේ කරන්න හිතන්නවත් අමාරු වැඩක් කරන්න සම්බන්ධ වුන එකට.
    ජයවේවා.බොහෝ......................................................................................ම ස්තූතියි...!

  19. Sujith

    Thanx bro!! :) :)

  20. kanthaDLA

    thanks saho..thanks very much for sinhala sub...
    jayawewaa......wasanaweewa..pinsiduweewa...

  21. නලින්

    වෙල්ඩන් චලිදු ධනා පටන් ගත්ත මේ වැඩේ අහාවරයක් කරලා දැම්මාට

    ජය වේවා!

  22. nalaka

    මම වැඩියෙන්ම ආස කරපු කථා මාලාව තමයි මේක,,පළමු කොටසේ සිට මේ දක්වා උපසිරැසි ලබා දුන් සියලුම සහෝදරයන්ට බොහොම ස්තූතියි..

  23. Erängä

    Prison Break කතාමාලා 4ම උපසිරැසි ගන්වූ සියලු සොහොයුරන්ට බොහෝම ස්තුතීයි....!!! ^_^

  24. “චූටී මල්ලි”

    පට්ටයි මචන්
    ධනා පටන් ගත්ත වැඩේ
    ගොඩක් දෙනෙක්ගෙ කැප්වීම නිසා අද
    අවසානයක් කරා ඇවිල්ලා
    මන් බලලා තියෙන හොදම එක මේක තමා මචන්
    ඉක්මන්ටම වැඩේ ඉවරයක් කරපු එකටනම් බෝම පිං
    අපේ අනික් සහෝලා ටිකටත් බෝම තුති
    දැන් ඉතින් කිනා අළුත් වැඩකට අතගහයි නෙහ්.....
    සබට තුති
    ඔබට ජය කිනා..........

  25. saman

    අවසන කොටස, කොටස් 2ක් විදිහට තියෙන අයටත් බලන්න පුලුවන් වෙන විදිහට මෙක update කරලා දෙන්න පුලුවන් ද?

    මුළු කතාමලාවේම සබ් දුන්නට බොහොම ස්තූතියි... :) :)

  26. rkusalharsha

    thanks......!!

  27. chalana jayasanka

    thankzzz..........

  28. tharindu

    Aththatama godak sthuthi me katha malava ivara venakan dunnata..mn season thunama balala meka okkoma denakan hitiye eka para balanna.......aththatama mekata sinhala sub dunna okkomatama thanks....

  29. Buddika

    Thanx....

  30. widuranga

    thanx baiscope eke katathma. good job.

  31. රුක්ෂාන්

    මම මේකෙ හැම කොටසකම වගේ උපසිරැසි බාගත්තා.ඒත් එකකටවත් කොමෙන්ට් කරේනම් නෑ.
    අන්තිම කොටසෙදිහරි කියන්න ඕන බොහෝම ස්තූතියි සහෝ.
    තවත් මේ වගේ ලස්සන කතාවලට උපසිරැසි දාන්න ශක්තිය දෛර්ය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!
    ජයවේවා

  32. Shalitha Thiranjaya

    Thanks bro mechchara kal sub dunnata. Issarahatath aluth sub denna. Thanks

  33. Dinusha Chiranka

    Thank you very much .

  34. Parami sewwandi

    මම බලපු T.V සීරීස් අතරින් හොදම එක තමයි ,සිංහල සබ් එක්ක මම මෙකේ 1.2.3 යන සීරීස් ටික ඔක්කොම එක හුස්මට බැලුව.4 වෙනි සීසන් එකත් සබ් ලැබෙන විදියට බැලුව,කොටින්ම මම මේකට ඇබ්බැහි උනා කිව්වොත් නිවැරැදියි.ඒ තරම්ම සුපිරි කතා මාලාවක්,කතාව අවසන් වෙන එක ගැනනම් ඇත්තටම ගොඩාක් දුකයි,ඒ වගේම අව්ව් රුද්දක කාලයක් මේකට සින්හලේන් සබ් දෙන්න මහන්සි උන ධනුෂ්ක, සදීප්, ගිහාන්, චින්තක, දිනිඳු, නවීන්, ජනක, දිදුල, සසංක,චලිදු ඇතුලු හැමෝටම මගේ ස්තූතිය මං හද පත්ලෙන්ම පිරිනමනව.මෙකේ සීසන් 5 පටන්ගන්නව කියල ආරංචියක් තියෙනව,එහේම උනොත් අපි සියලු දෙනා අයේ ඒතනදි මුන ගැහෙමු,සැමට සුබ ඇනාගතයක්..

  35. Anjana

    thanks saho...jaya wewa!!!

  36. Neranji Sulakkana

    නියමයි වාසල අයියා

  37. Kesara

    බොහොමත්ම ස්තූතීයි ! ඔබ සියළු දෙනාටම, මේක මන් මුල ඉඳන්ම බලපු කැමතිම රූපවාහිනී කථා මාලාව.

  38. Achintha sameera

    චලිදු දේශන් (කිනා)තැන්ක්ස් මචෝ සබ් එකට.සුපරි වැඩක් කරේ අපි වෙනුවෙන් එල එල.පුලුවන්නම් teen wolf එකට සබ් දෙන්නකෝ.....

  39. Saman Prasad ( Black Cobra )

    ela ela kina... uba baragaththoth wade supiriyatama karanawa kiyala api hamoma dannawane... niyami...

    1. Saman Prasad ( Black Cobra )

      kiyanna bari wuna.anith sahola set ekatath sthuthiyi...

  40. ප්‍රියදර්ශන

    ආසාවෙන් බලපු නියම කතාවක්.ගොඩක් ස්තුති යාළුවා.

  41. සුනෙත්

    ගොඩක් දුකයි මේ උන වැඩේට.මුල ඉඳන් අගටම බැලුව කතාවක්.මයිකල් මැරුන එකට නම් ගොඩක් දුක හිතුනා.ඇස්වලට කඳුලුත් අවා.මම දන්නේ නැහැ අපේ රටේ ටෙලිනාට්‍ය හදන උදවිය මේ වගේ ඒවා බලනවද කියලා.හැම දාම ගැනු මිනිස්සුන්ගේ හුටපට ගැන නාට්‍ය හඳන වෙලේ මේ වගේ මොලේ වෙහෙසවල වැඩක් කවදා ලංකාවේ කෙරෙයිද දන්නේ නැහැ.අපේ අවාසනාවද නැතිනම් අපේ බුරුකමද???, මොකද එකම වට්ටෝරුවේ උනත් අපි ඒවා තවමත් ප්‍රතික්ෂේප නොකර බලන නිසා.
    කෙසේ වෙතත් මේ කාර්යයට දායක උන සියලුම දෙනාට බොහොම ඉස්තුති වන්ත වෙනවා.

  42. Shashi Fernando

    ඔබලාටත් එසේම වේවා. මහන්සි වෙලා අපිට මේක රසවිදින්න ගෙනාවට. ඇත්තටම හිත අතුලටම කාවැදුණු කතා මාලාවක්. අපේ මේ ලංකාවේ යන ගොන් කතා වගේ නෙවෙයි. අපේ රටේ ටෙලි නාට්‍ය නිෂ්පාදකයෝ බලන්න ඕන මෙව්වා. මෙන්න මේ වගේ කතාවක් හදන්න. හැම එකේම කෙල්ලයි කොල්ලයි ගොන් ආතල් දෙන එක විතරයි තියෙන්නේ.... හැබැයි තව එකක්, අපේ රටේ ප්‍රේක්ෂකයාගේ වින්දන පරාසයත් පුළුල් නැහැනේ. අපේ රටේ ඉන්නේ ලිඳේ ඉන්න ගෙම්බෝ වගේ එවුන් නේ...

    1. Illusion

      sira storya,ape un gahwan mala jara sotory lovemai ghne eke therumakuth na,,itn eke honda wens sotry ynne weekend,mun ithuru dws 5ta ara jara magul dnwa,mn nm dn tv blnne na,blnawnm tv serise net eke thama baicecop ekka,,

  43. ‍ගම්‍‍බට්‍‍ටා

    ගොඩාක් ස්තුතියි මචෝ. ගොඩාක් ආසාවෙන් බලපු කතාවක්.සබ් දාපු සේරම යාලුවන්ට අපි සුබ පතනවා තව සබ් දාන්න පුළුවන් වේවා කියලා....

  44. Inusha Ambagahawattha

    ඇත්තෙන්ම හදවතිනම් සුබ පතනවා!!!
    ඔයාල හැමෝටම බොහොම ස්තූතියි!!!
    ඔක්කොම උපසිරැසි මාත් බාගත්තා. මේ කොටස විතරියි බලන්න තිබුනේ, ඔන්න ඒකත් දැන් බලනවා. මේ වඟේ වටින කතාවකට මේ තරම් ඉක්මනට උපසිරැසි දුන්නට ගොඩක් ස්තූති වන්ත වෙනවා.

  45. achindra

    machan meke sison 5k nethda

    1. #ChalinduDeshan (කිනා)

      තාමනම් ඇවිත් නෑ. ඉදිරියේදී කොහොම වේවිද දන්නේ නෑ! :D

    2. shanika dissanayake

      සහෝ සීසන් 5 ඇවිල්ලා නේද මේකේ? අපිට එකත් ලැබෙනවානම් ආසයි

  46. warshamanage

    මුල ඉදන්ම බැලුව.ගොඩක් ස්තූති.

  47. piyumal

    thanks jayawewa....

  48. viraj

    patta gamak ne gahuwe.... Ela ela.. Pattai a....

  49. ruchira

    thanks a lot brother

  50. Nisal Lakshan

    ayyo adenna enawa me kathawa dun okkoma saholatath kina
    sahotath bohoma sthuthiy me wagema kathawak demu hodada...

Load more comments