Adolescence Sinhala Subtitles ආයූබෝවේවා ළමයිනේ, ඔන්න ටික කාලෙකට පස්සේ මේ පැත්තට ගොඩ වදින්න අවස්ථාවක් ලැබුනා. හැබැයි ඒ නිකන්ම නෙමෙයි සුපිරි අවුරුදු තෑග්ගකුත් අරගෙනයි ආවේ. කලින් කොටස් දෙක ඔයාලා දැනටම දන්නවා මේ කතාමාලාවේ තියෙන විශිෂ්ටත්වය. වැඩි කතා බහක් ඕන නෑ බිම්සර සහෝ ගෙනාපු පහුගිය කොටස පොඩ්ඩක් මතක්…

Adolescence Sinhala Subtitles
ආයූබෝවේවා ළමයිනේ, ඔන්න ටික කාලෙකට පස්සේ මේ පැත්තට ගොඩ වදින්න අවස්ථාවක් ලැබුනා. හැබැයි ඒ නිකන්ම නෙමෙයි සුපිරි අවුරුදු තෑග්ගකුත් අරගෙනයි ආවේ. කලින් කොටස් දෙක ඔයාලා දැනටම දන්නවා මේ කතාමාලාවේ තියෙන විශිෂ්ටත්වය. වැඩි කතා බහක් ඕන නෑ බිම්සර සහෝ ගෙනාපු පහුගිය කොටස පොඩ්ඩක් මතක් කරගෙනම මේ කොටස පැත්තට යමු.
13 හැවිරිදි ජේමී මිලර් තමන්ගේ පාසලේම ඉන්න කේටී ලෙනාර්ඩ්ව කියන සිසුවිය ඝාතනයට සැකපිට අත්ඩංගුවට ගන්න විදියත්, ඒ ගැන හාංකවිසියක්වත් නොදන්න ජේමිගේ තාත්තා ඇතුළු පවුලම කම්පනයට පත්වෙන විදියත් අපි පලවෙනි කොටසෙන් දැක්කා. ජේමී මේ චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කලා වගේම පොලීසියේ විමර්ශන නිළධාරියොත් ලේසියෙන් වැඩේ අත හැරියේ නෑ. දෙපැත්තට දෝලනය උන මේ විමර්ශනය කෙළවර උනේ පොලීසිය තමන් සතුව තිබ්බ අවසන් තුරුම්පුව වෙන සීසී ටීවී වීඩීයෝ එක එළියට දැම්මට පස්සෙයි. ජේමී, කේටීට පිහියෙන් අනින විදිය ඒ වීඩියෝ එකෙ සහසුද්දෙන්ම තිබුනා.
ඊටපස්සේ නිළධාරියෝ කලේ ජේමිගේ පාසලේ යාලුවෝ සහ ගුරුවරුන්ගෙන් සාක්ෂි එකතු කරන එකයි. ඒ පාසලනම් මහ එපා කරපු මගෝඩියෝ ඉන්න තැනක් බවත් අපි දැක්කා. ඒ වගේ මිනීමැරීමට යොදාගත් ආයුධය හොයාගන්න එකත් පොලීසියට අවශ්‍යම කාරණයක් වෙලා තියෙන්නේ. ඒ වගේම කේටී පාසලේදී වගේම සමාජ මාධ්‍ය වලත් ජේමීට හිරිහැර කරප බවත් දැනගන්න ලැබුනා.
ඉතිං ජේමී බාලවයස්කාරයෙක් නිසා එයාව රැඳවුම් මධ්‍යස්ථානයක රඳවලා තියෙන හැටි මේ කොටසෙන් ඔයාලට බලාගන්න පුළුවන්. ඒ වගේම ජේමී තවමත් තමන් කරපු අපරාධය පිළිඅරගෙන නෑ. එයා කියන්නෙම තමන් කේටීව මැරුවේ නෑ කියලමයි. ඉතිං මේ නිසා අධිකරණය විසින් ජේමිගේ මානසික මට්ටම බලන්න මනෝ වෛද්‍යවරියක්ව පත් කරලා තියෙනවා. ඒ නිසා අද කොටස වෙන් වෙලා තියෙන්නේ මේ දෙන්නගේ කතා බහ වෙනුවෙනුයි. ජේමීගේ මේ කතාබහ ඇතුලේ මොනවගේ ප්‍රතිචාරයක් දක්වයිද කියලා දැන් ඔයාලට බලාගන්න පුළුවන්.
එහෙනම් මාව වැඩේට එකතු කරගන්න බිම්සර සහෝටත්, රවිදු හේෂාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඊළඟ කොටස මයුර සහෝ ඔයාලට ගෙනත් දෙයි. එහෙනම් ඉතිං කට්ටිය කොමෙන්ට් එකක් දාගෙන ගියොත් මේ වගේ කතාමාලා ඉස්සරහටත් දෙන්නම්. වාසනාවක් තිබුනොත් තවත් උපසිරසියකින් ඉක්මනටම හමුවෙමු. එතකන් හැමෝම පරිස්සමින් ඉන්න.
ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!
Adolescence Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත සඳහා අදාළ වේ.
1,587 downloadsDownload Adolescence-S01E03.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Adolescence Sinhala Subtitles
Subtitles by
යුරාන් ධනුක
Subtitles
4 comments
Isuru Chamara
Bimsara Yashan (ඔලිව)
සිංහල උපසිරැසියට වගේම වැඩේට කතා කරපු ගමන් සහභාගී වුණාටත් බොහොම ස්තූතියි යුරාන් සහෝ. ජයවේවා!
Lasitha Dilshan
Thanks bro ikmnta dunnta
Buddhika laKMal
ස්තූතියි යුරාන් සහෝ උපසිරැසියට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks